පෘථිවිය පවා ගිලගන්න පුළුවන් බ්‍රහස්පතිගේ රතු සළකුණ හැදිල තියෙන්නෙ කොහොමද

සෞරග්‍රහ මණ්ඩලයේ බ්‍රහස්පති කියන්නේ ඇදහිය නොහැකි තරම් විශාලත්වයක් සහිත වගේම මේ දක්වා විද්‍යාඥයින්ටත් සොයාගත නොහැකි වූ තරමේ රහස් ප්‍රමාණයක් සඟවා ගෙන ඉන්න ගෑස් වලින් පිරුණු ග්‍රහලෝකයක්. බ්‍රහස්පති සම්බන්ධ වන හැම දෙයක්ම අතිවිශාලයි. බ්‍රහස්පතිගේ පළල කිලෝමීටර 142,984ක් වෙනවා. සෞරග්‍රහ  මණ්ඩලයේ අනෙකුත් ග්‍රහලෝක හතම එකතු කරල ගත්තත්, බ්‍රහස්පතිගේ ස්කන්ධය ඒ වගේ දෙගුණයකටත් වැඩියි. ගුරුත්වාකර්ෂණ බලය පෘථිවිය පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය වගේ 20,000 ගුණයක් පමණ වෙනවා. බ්‍රහස්පතිගේ වැඩිපුරම තියෙන්නේ හයිඩ්‍රජන් සහ හීලියම් කියන වායූන්. මෙය වායූන් තමයි සූර්යයා වගේ තරුවක් නිර්මාණය වෙද්දී අත්‍යවශ්‍ය කරන සැහැල්ලු  වායූන් වෙන්නෙත්. මේ වායු නිසා හැදිලා තියෙන තියෙන වළාකුළු වලින්, බ්‍රහස්පතිගේ අභ්‍යන්තර ස්වභාවය බාහිර ලෝකයෙන් සැඟවිලා තියෙනවා. කරුණු සියල්ල අතරෙන් මේ අසාමාන්‍ය ගෑස් යෝධයාගේ අසාමාන්‍ය සළකුණ තමයි “විශාල රතු සළකුණ”.

The image of Jupiter captured by the Hubble Space Telescope shows vivid auroras and the famous Great Red Spot. (Image credit: NASA, ESA, and J. Nichols (University of Leicester))

පෘථිවියේදී ඇතැම්විට සුළි කුණාටුවක පළල කිලෝමීටර දහසකට මඳක් වැඩි  ගණනක් වෙන්නට පුළුවන්. ඇතැම් ප්‍රචණ්ඩව සුළි කුණාටු වල උපරිම වේගය පැයට කිලෝ මීටර 300k පමණ වනවා. මෙවන් සුළි කුණාටුවලින්  වලින් පැය කිහිපයක් ඇතුලත සම්පුර්ණ නගරයක් පවා බිමට සමතලා කරන්නට පුළුවන්. නමුත් බ්‍රහස්පතිගේ සුළි කුණාටු සමඟ සංසන්දනය කරන විට පෘථිවියේ ඇති වූ ප්‍රචණ්ඩ ම සුළි කුණාටුවද ඉතා දුර්වල කුණාටුවක්. 

බ්‍රහස්පතිගේ දකුණු අර්ධ ගෝලය මත ඇති විශාල රතු සළකුණ, වාමාවර්තව කැරකෙන සම්පූර්ණ පෘථිවියම පවා ගිල ගැනීමේ හැකියාව ඇති, අති ප්‍රබල සුළි කුණාටුවක්. එහි මැද කොටසේ සන්සුන් බවක් පෙන්නුවත් ක්‍රමයෙන් දෙපසට යද්දි වේගය පැයට සැතපුම් 425 ක් පමණ වන තෙක් වැඩි වනවා. කවදහරි දවසක අපට මේ සුලි කුනාටුවේ අභ්‍යන්තරය දැකගත හැකි වුවත් කිසිකලෙක නොදුටු තරමේ අතිශය විනාශකාරී බවක් දැකගත හැකිවේවි. කෙදිනක ආරම්භ වුණා දැයි නොදත් නමුත් නිරීක්ෂණයන්ට අනුව පෘථිවි වර්ෂ තුන්සිය හැටක් පමණ මෙය මේ විනාශකාරී  සුළිසුළඟ පැවැතුනා. එහෙත් මේ දක්වා අප බ්‍රහස්පති මත දකින්නේ 1665දී ජීයෝන් කැසිනි දුටු බ්‍රහස්පතිගේ රතු සළකුණ    මදැයි විද්‍යාඥයන්ට අදටත් ගැටලුවක්.


image : https://esahubble.org/wordbank/jupiter/

ටොන් ගණනක් වූ වළාකුලු අධික වේගයකින් දෙපසට තල්ලු කරමින් ඉමහත්  වේගයෙන් හමන සුළං ප්‍රවාහ දෙකක් මැද තමයි මෙම යෝධ කුණාටුව ස්ථානගත වී තිබෙන්නේ. මෙම අධික වේගය නිසාම බ්‍රහස්පතිගේ කුණාටුව කැරකෙන රෝදයක් මෙන් දිස්වනවා. බ්‍රහස්පති වායුන් බහුල ග්‍රහලෝකයක් වීම නිසාත් පෘථිවිය මෙන් කුණාටු දුර්වල වීමට අවශ්‍ය ස්ථාවර ගොඩබිම් ප්‍රදේශ බහුල නොවීම නිසාත් මෙම කුණාටු වර්ධනය වෙමින් දිගු කල් පවතිනවා. කලින් කියපු ප්‍රධාන සුළං ප්‍රවාහ 2 දෙක මැද 2 මැද තියෙන තවත් කුඩා ප්‍රමාණයේ සුළි කුණාටු ඇතැම් අවස්ථාවලදී බ්‍රහස්පතිගේ රතු සළකුණ    සමග එක්වෙමින් එය වර්ධනය වනු දැක ගන්නට පුළුවන්. ඇතැම් විට වසර සිය ගණනක් පුරා මෙම බිහිසුණු කුණාටුව නොනැසී පැවතීමට මෙයද එක්තරා හේතුවක් වීමට පුළුවන්. නමුත් සැබවින්ම බ්‍රහස්පතිගේ රතු සළකුණ  හෙවත් බිහිසුණුම සුලිකුනාටුව මෙතෙක් කල් නොනැසී පැවතීමට හේතුව තවමත් අභිරහසක්. 

image: nasa.gov

පසුගිය කාල වකවානුව තුළ බ්‍රහස්පතිගේ මෙම රතු සළකුණ නැතිනම් සුලිකුනාටුව සෙමෙන් සෙමෙන් කුඩා වන අයුරු විද්‍යාඥයන් නිරීක්ෂණය කළා. 1665 දී ජීයෝන් කැසිනි  විසින් නිරීක්ෂණය කරන ලද කාලයේ දී මෙම සළකුණ පෘථිවියේ පළල මෙන් තුන් ගුණයක් විශාල වූවා.එකල එහි පළල සැතපුම් 25000 ක් පමණ වූ බවට ගණනය කලා. නමුත් එය අද සැතපුම් දස දහසක් පමණ වනතෙක් අඩු වී තිබෙනවා. විද්‍යාඥයන්ට අනුව මේ වේගයෙන් මෙම කුණාටුව අඩු වී ගියහොත් ඉදිරි වසර 20 පමණ ඇතුලත මෙම කුණාටුව සම්පූර්ණයෙන්ම බ්‍රහස්පති මතින් මැකී යෑමට පුළුවන්. 

නුදුරු දිනෙක අපි බ්‍රහස්පති නිරීක්ෂණය කරන විට, මෙම රතු සළකුණ විශාලත්වයන් අඩවි  වියැකී ගොස්  තිබෙන්නට පුළුවන්. එහෙත් ඒ වන විටත් අපට සෞරග්‍රහ මණ්ඩලයේ දැවැන්ත පුදුමය බ්‍රහස්පති , නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතිනු ඇත.

SOURCE :

Primal Space : The Power of Jupiter’s Red Spot
V101 Science : What Is Jupiter’s Great Red Spot?
NASA
NASA / JPL
ESA
NASA / Goddard Centre
WIKIPEDIA.COM

spot_imgspot_img

Subscribe

Related articles

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here