වෙනදා වගේම තවත් අලුත් වීඩියෝවකින් හමුවන්නේ….මේ… අපේ

අද ලිපිය ටිකක් විතර වෙනස්. මේ වීඩියෝවට පාදක කරගෙන තියෙන්නෙ නාසා ආයතනය අඟහරු මත සිදු කරපු රෝවර් මෙහෙයුම් වලින් ලබාගන්නා ලද අධි විභේදන ඡායාරූප. සරලවම කියනවා නම් මේ වීඩියෝවෙන් අපි උත්සාහ කරනවා අඟහරු මත කොයි වගේ පරිසරයක්ද තියෙන්නෙ කියන එක ඔබට පෙන්වලා දෙන්න.

මම කලින් කිව්ව වගේ මේ වීඩියෝවෙ තියෙන්න ඡායාරූප සියල්ලම නාසා ආයතනයෙන් අඟහරු වෙත යවපු රෝවර් යානා මෙහෙයුම් වලින් ලබා ගන්නා ලද අඟහරුගේ මතුපිට දර්ශන. මේ ඡායාරූප ප්‍රධාන වශයෙන් ලබාගෙන තියෙන්නෙ නාසා ආයතනයෙන් අඟහරු මත සාර්ථක මෙහෙයුම් කළ රෝවර් යානා තිදෙනා වන පිරිත් spirit, opportunity සහ curiosity කියන රෝවරයන් වලින්. මෙය මෙහෙයුම් සිදු කරන්නේ රෝවර් යානා වල තිබූ කැමරා තාක්ෂණයෙන් ඉතා උසස් කැමරාව වුණා. නමුත් අපට මෙතැනදි ප්‍රශ්නයක් තියෙනවා ඇයි කිසිම රෝග යානයකින් අඟහරු මතුපිට වීඩියෝවක් අරගෙන නැත්තෙ ?
ඒකට හේතුව තමයි මේ camera කොච්චර උසස් තත්වෙන් නිර්මාණය කරලා තිබුණත් rover මගෙන් මගින් පෘථිවියට දත්ත යවන්න පුලුවන් උපරිම වේගය විශාලතම අභියෝගයක් වීම. curiosity යානයට කෙලින්ම පෘථිවියට දත්ත යවන්න පුළුවන් පුළුවන් උපරිම වේගය විදිහට සඳහන් වෙන්නේ තත්පරයට කිලෝබයිට් 32 ක පමණ වේගයක්. නමුත් ඒ වෙනුවට කිව්රියෝසිටි රෝවරය අඟහරු නිරීක්ෂණ යානයට සම්බන්ධ වෙලා පෘථිවියට මේ තත්ත්වය වීමේදී තත්පරය එවීමේදී තත්පරයට මෙගා බයිට් 32ක පමණ වේගයක් ලැබෙනවා. මේ විදියට කිව්රියෝසිටි රෝවරය අඟහරු නිරීක්ෂණ යානයට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ එක් අඟහරු දිනයකදී මිනිත්තු 8ක පමණ කාලයක්. ඒ අනුව බලනකොට අධි විභේදන නැත්නම් hd වීඩියෝ මේ හරහා යැවීමට සෑහෙන කාලයක් ගතවෙන්න පුළුවන්. කොහොම නමුත් ඇත්තටම අඟහරු මත වීඩියෝ එකක් ගන්න බොහෝ කාලයක් ගත වනු නිසැකයි. මොකද සැබවින්ම වරින් වර සිදු වන සුළං හැමීම වලට අමතරව අඟහරු මත කිසිදු චලනයක් සිදු වන්නේ නැහැ.

මේ අනුව බලන කොට ඉතා විශාල වෙහෙසක් අරගෙන අඟහරුගේ පෘෂ්ඨය වීඩියෝගත කර ගන්නවට වඩා, අඟහරුගේ පෘෂ්ඨය මත ලබා ගත්තු 4K විභේදන සහිත ඡායාරූප වලින් අඟහරුගේ පෘෂ්ඨය මත ස්වභාවය පිළිබඳව වීඩියෝවක් නිර්මාණය කරගන්න එක වඩා පහසු කාර්යයක් වෙනවා. මේ විදිහට මොසෙයික් හෝ පැනෝරාමා ඡායාරූපයක් නිර්මාණය කිරීම සඳහා අඟහරු මත ලබාගත් ලබාගත් ඡායාරූප කිහිපයක් එකිනෙක මත තබා සම්බන්ධ කරගත යුතු වනවා. ඇතැම් අවස්ථාවල මේ රෝවර් යානයන් විසින් ලබා නොගත් ඡායාරූප වලට අදාල, කොටස් කළු පැහැයෙන් ඔබට දිස් වන්නට ඇති.

මෙම ඡායාරූපය වර්ෂ 2019 නොවැම්බර් මස 24 වෙනිදා ඉඳලා දෙසැම්බර් මාසේ පල වන දා දක්වා කාලය තුළ කියුරියෝසිටි යානයෙන් ලබා ගත් ඡායාරූප දාහකට අධික සංඛ්‍යාවක් එකතු කරල නිර්මාණය කරපු ඡායාරූපයක් එහි pixel බිලියන 1.8ක් පමණ අඩංගු වෙනවා. Glen torridon නමින් හඳුන්වන මේ ප්‍රදේශයේ අතීතයේ ජලය තිබූ බවට සැක කරන අතර කිව්රියෝසිටි රෝවරය මේ ප්‍රදේශයේ ජල මූලාශ්‍ර පිළිබඳව අධ්‍යයනය කළා.

මේ වන විට නාසා රෝවර් යානා විසින් අඟහරු ග්‍රහයා මතුපිට කලක් ජලය පිරි ග්‍රහලෝකයක් වූ බවට ප්‍රතික්ෂේප කළ නොහැකි තරම් සාක්ෂි සොයාගෙන තියෙනවා. මෙහි දැක්වෙන ඇතැම් ඡායාරූප වල එකිනෙකට වෙනස් අහසේ වර්ණයන් දෙසන්න ඇයිදැයි ඔබට ඇතැම් විට සිතනවා ඇති. අඟහරුගේ සැබෑ වර්ණය රතු සහ දුහුවිලි සහිතයි. කෙසේ වෙතත් සමහර ඡායාරූපවල අහස පෘථිවිය වගේ දීප්තිමත් නිල් පාටකින් යුක්ත වනවා. මේකට හේතුව වෙන්නේ අඟහරු මත පාෂාණ සැකැස්ම හඳුනාගැනීම සඳහා, භූ විද්‍යාඥයන්ගේ අධ්‍යයනවලට උදව් කිරිම සඳහා නාසා ආයතනය විසින් සිදුකරන ලද ඡායාරූප නැවත වර්ණ ගැන්වීම.
අඟහරු මත තවමත් ක්‍රියාත්මක වන එකම රෝවරය නාසාහි එකම රෝවරය වන්නේ curiosity. ඊට කලින් නාසා ආයතනයෙන් යවපු ස්පිරිට් සහ අප opportunity කියන rover දෙක අවාසනාවන්ත විදිහට අඟහරුගේ පරිසරයට යටත් වුණා. මේ යානා දෙකම අඟහරුගේ දෘෂ්ටියේ ප්‍රතිවිරුද්ධ දිශාවලට ගොඩබසින ලැබූ එකම කාලයේදී. මේ නිවුන් රෝවර් යානා 2 දෙක නාසාහි වඩාත්ම සාර්ථක මෙහෙයුම් වලින් එකක් ලෙස සැලකෙනවා. පිරිත් වැලිකන්ද ක සිර වී වසර 6ක සේවා කාලෙකින් පස්සේ එහි සූර්ය පැනල ආරෝපණය කිරීමේ හැකියාව නැති වුණා. Opportunity රෝවරය වසර දාහතරක් අඟහරු මත සැරිසරමින් විස්මයජනක සොයා ගැනීම් සිදු කළා. අවාසනාවන්ත විදිහට 2019 වර්ෂයේ දී විශාල දූවිලි කුණාටුවක් කට හසුවීමෙන් පසු opportunity රෝවරයද නාසා ආයතනයට අහිම උනා.

කලින් රෝවර් දෙකේදී ලබාගත් අත්දැකීම් ආධාර කරගනිමින් වර්ෂ 2021 දී අඟහරු පෘෂ්ඨය මතට ගොඩ බෑ perseverance රෝවරයට, නාසා ආයතනය විසින් ingenuity නම් කුඩා හෙලිකොප්ටරයක් අන්තර්ගත කළා. අඟහරු මත දීවැලි කඳු සහ දූවිලි කුණාටු මගහැර මඟහැර ගමන් කිරීමට perseverance රෝවරයට මේ ingenuity හෙලිකොප්ටරය ලබාදෙන්නේ අනගි සහයක්. කොහොම නමුත් අඟහරු මත ඇති තුනී වායුගෝලය නිසා මෙ හෙලිකොප්ටරය තලවල භ්‍රමණය විනාඩියකට 2400k පමණ වනවා. එම අගය පෘතුවියේදි නම් විනාඩියට භ්‍රමණ 500කට ආසන්න අගයක්.

ඒත් එක්කම තවත් පුංචි මතක් කිරීමක් කරන්න කැමතියි. නාසා ආයතනයේ ඊළඟ අඟහරු ගමනට ඔබේ නම එක්කිරීමේ හැකියාව මේ වන විට නාසා ආයතන ලබා දීලා තියෙනවා. අපි හිතනව මේ වෙද්දි ඒ ගැන ලංකාවෙ බොහෝ දෙනෙක් දන්නව කියල. මේ වෙද්දි ලංකාවෙන් 15,000කට අධික පිරිසක් මේ සඳහා නම එකතු කරල තියෙනව. ඔබත් ඒ ගැන කිසියම් කැමැත්තක් හෝ ඇල්මක් දක්වන්නෙක් නම්, අපේ වීඩියෝ description එකේ දාලා තියෙන ලින්ක් එකෙන් ඔබට ගිහින් ඒ සඳහා නම ඇතුලත් කරන්න හැකියාව තියෙනව.
wekipedia.org
Music : The Inner Sound – Jesse Gallagher