OSIRIS-REx Leaves its Mark on Bennu

මිනිසා සද මත තැබූ පලමු පා සලකුණ මෙන්ම අති විශාල වටිනාකමක් සහිත, මානූශීය ඉතිහාසයේ ඉතා විශාල පිම්මක් ලෙස සඳහන් කරන්නට පුළුවන් කමක් ලැබෙනවා බෙනූ ග්‍රහකය මත ඔසිරිස් රෙක්ස් නාසා අභ්‍යවකාශ යානය විසින් සිදු කළ මෙහෙයුම. අද තරු අහසින් කෙටි වීඩියෝව ඒ ගැන.

මෙම නව ඡායාරූප ලබාගෙන තියෙන්නෙ ඔසිරිස් රෙක්ස් යානය බෙනූ ග්‍රාහකය අසලින් ගමන් කරන ලද අවසන් ගමන් වාර කිහිපයේදී, ඒ වර්ශ2021 අප්‍රේල් 7 වැනිදා. මේ ඡායාරූප බෙනූ ග්‍රාහකයේ සිට කිලෝමීටර් 3.7ක් පමණ ආසන්න දුරකදී තමයි ලබාගෙන තියෙන්නෙ. 2020 වර්ශයේදී ඔසිරිස් රෙක්ස් යානය බෙනූ ග්‍රාහකය මත සාම්පල රැස් කරගත්තට පස්සෙ, මේ තරම් ආසන්නයට පැමිණි පළමු අවස්ථාව විදියට තමයි මෙය සැළකෙන්නෙ.

අපි කලින් වීඩියෝවක දී සඳහන් කළා වගේ බෙනු ග්‍රහකයෙන් සාම්පල එක්රැස් කිරීමේ සමස්ත ක්‍රියාවලිය හඳුන්වන්නේ ටැගසම් යාන්ත්‍රණය කියලා. මේකෙදි tag කියලා කියන්නේ ටච් අන්ඩ් ගෝ කියන එක.  මෙන්න මේ විදියට බෙනෝ ග්‍රහකය ස්පර්ශ  කරද්දි tagsam module එකේ හෙඩ් එක ග්‍රහකයේ පෘෂ්ඨයේ සිට  සෙන්ටිමීටර සෙන්ටිමීටර 48.8 ඇතුලට ගමන් කරනවා. මේ මොහොතේ දේ ටැග්සම් එකෙන් නයිට්‍රජන් වායු ධාරාවක් පිට කරලා බෙනූ ග්‍රාහකයේ පෘෂ්ඨය මතුපිට තියෙන අපද්‍රව්‍ය කැළඹීමකට ලක් කරනවා. ඒ හරහා තමයි මේ නියැඳි එක්රැස් කිරීම සිදුවෙන්නෙ. මෙලෙස නියැඳි එක්රැස් කර ගත්තට පස්සේ, ඔසිරිස් රෙක්ස් යානය තමන්ගෙ ගමන් පථයට යළි පියාසර කරනවා. 

මේ වීඩියෝ එකෙන් ඔබට දකින්නට පුළුවන් වෙනවා මේ විදිහට සාම්පල් එක්රැස් කරපු ඔසිරිස් රෙක්ස් යානය බෙනූගේ පෘෂ්ඨය මතුපිට ශේෂ කරලා තියෙන සළකුණු. 2021 මැයි 10 වෙනිදා ඔසිරිස් රෙක්ස් යානය බෙනූ ග්‍රාහකයේ ගමන් පථයෙන් වෙන්වී පෘතුවිය කරා පැමිණීමේ වසර දෙකක පමණ කාලයක් ගතවන ගමන ආරම්භ කළා. අවසානයේදී එය එකතු කරන ලද නියැදිය සමඟ 2023 වර්ෂයේ සැප්තැම්බර් 24 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ ඔහුට පරීක්ෂණාගාරය වෙත පැමිණීමට නියමිතයි.

NASA Goddard  : OSIRIS-REx Leaves its Mark on Bennu

spot_imgspot_img

Subscribe

Related articles

අභ්‍යවකාශ ඡායාරූප: උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය ගිනිකඳු වසා ගනී! 🌋

අභ්‍යවකාශ ඡායාරූප මගින් උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය පැසිෆික් වයඹ දිග ගිනිකඳු වසා ගන්නා ආකාරය නිරීක්ෂණය කෙරේ. අභ්‍යවකාශයේ සිට පෘථිවියේ දසුන් මෙන්න.

Will the new moon race turn Earth’s nearest neighbor into a dumping ground?

🚀 සඳ මතට යෑම තරඟයක් වෙද්දී... අපේ අසල්වැසියා 'කුණු...

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here