ග්‍රහකයක් වටා ඇති පළමු වළලු පද්ධතිය | First Ring System Around Asteroid

තරු අහස එක දිගටම හිටපු ඔයාලා දැන් දන්නවා ග්‍රාහකයා කියන්නේ මොකක්ද කියලා. අපි මේ ගතකරන සියවසේ  තමයි තාරකා විද්‍යාව පිළිබඳව විශිෂ්ටම විශිෂ්ටම සොයාගැනීම් කරල තියෙන්නෙ. මේ විශිෂ්ට සොයා ගැනීම්  තියෙන  අතර අරුම පුදුම ග්‍රහකයක් පිළිබඳව තමයි අද අපි කතා කරන්නේ.

SPACEWATCH® දුරේක්ෂය. Source: https://spacewatch.lpl.arizona.edu

වර්ෂ 1997 පෙබරවාරි 15 වැනි දා වැනිදා the spacewatch කියන ව්‍යාපෘතියෙන් හඳුනා ගන්නවා සෙනසුරු සහ යුරේනස් අතර අභ්‍යවකාශයේ පිහිටි සූර්යයා වටා පරිභ්‍රමණය වෙන ඉතා කුඩා ග්‍රහකයක්. පෘථිවි වර්ෂ 62කින් පමණ සූර්යයා වටා පරිභ්‍රමණය සම්පූර්ණ කරන මේ ග්‍රහකය පළල කිලෝමීටර 250කට ආසන්න අගයක. අද අපේ වීඩියෝව වෙන් වන්නේ මේ ග්‍රහකය තියෙන විශේෂත්වය පිළිබඳව.

යුරෝපා අභ්‍යවකාශ අභ්‍යවකාශ ඒජන්සියේ “ලා සිල්ලා” නිරීක්ෂණාගාරය ඇතුළු දකුණු ඇමරිකාවේ බොහෝ ස්ථාන වල නිරීක්‍ෂණ මඟින් “චරික්ලෝ” නම් ග්‍රහකය ඝන සහ පටු වළලු දෙකකින් වටවී ඇති බවට විශ්මය ජනක සොයා ගැනීමක් පසුගිය දිනෙක සිදු වුණා. බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක වලට පසු – මෙම ලක්‍ෂණය ඇති, වළලු ඇති කුඩාම වස්තුව මෙය වන අතර සෞරග්‍රහ මණ්ඩලයෙන් එලෙස හඳුනාගත්  පස්වන වස්තුව මෙය වනවා. මෙම වළලු වල මූලාරම්භය අභිරහසක්ව පවතින නමුත් ඒවා සුන්බුන් තැටියක් නිර්මාණය කළ ගැටුමක ප්‍රතිඵලයක් විය හැකි බව තාරකා විද්‍යාඥයන්ගේ මතයයි. මේ පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් 2014 මාර්තු 26 දින “නේචර්” සඟරාවේ ප්‍රකාශයට පත් කොට තිබුණා. 

The calculated orbit of 10199 Chariklo

සෙනසුරුගේ වළලු අභ්‍යවකාශයේ ඇති ඉතාමත් ආකර්ෂණීය දර්‍ශනයක් වන අතර අනෙකුත් දැවැන්ත ග්‍රහලෝක වටා එතරම් කැපී පෙනෙන වළලු මෙතෙක් හමු වී නැහැ. බොහෝ සියුම් ආකාරයෙන් පරීක්ෂණ සිදු කළත්  සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා වටා කක්ෂගත වන කුඩා වස්තූන් වටා වළලු හමු වී තිබුණේ නැහැ. තාරකා විද්‍යාඥයින්ට අනුව චරික්ලෝ ඉතා සියුම් වළලු දෙකකින් වටවී ඇති බව පෙන්නුම් කරනවා. චරික්ලෝ යනු සෙන්ටෝර්ස් ලෙස හැඳින්වෙන කුඩා අභ්‍යවකාශ වස්තූන් පන්තියේ විශාලතම සාමාජිකයා වන අතර එය බාහිර සෞරග්‍රහ මණ්ඩලයේ සෙනසුරු සහ යුරේනස් අතර කක්ෂගත වනවා.

දකුණු ඇමරිකාවේ සිට පෙනෙන පරිදි 2013 ජූනි 3 වන දින එය UCAC4 248-108672 තාරකාව ඉදිරිපිටින් ගමන් කරන බවට පුරෝකතනය කොට තිබුණ. ඒ අයුරෙන් තාරකාවේ ආලෝකයට ඉදිරියෙන් චරික්ලෝ කුඩා ග්‍රහකය දර්ශනය වීමත් සමග මේ කුඩා ග්‍රහකය සතු වළලු දිස්වන්නට පටන් ගත්තා. මෙහිදී චිලිහි යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ ලා සිල්ලා නිරීක්ෂණාගාරයේ පළලින් මීටර් 1.54 ඩෙන්මාර්ක සහ ට්‍රැපිස්ට් දුරේක්ෂ ඇතුළු විවිධ ස්ථාන හතක දුරේක්ෂ භාවිතා කරන තාරකා විද්‍යාඥයින්ට චාරික්ලෝ විසින් එහි තාරකාව අවහිර වීම නිසා තත්පර කිහිපයක කාලයක් තාරකාව නොපෙනී යන අයුරු දැක ගත්තා. නමුත් එගිදී ඔවුන් බලාපොරොත්තු වූවාට වඩා බොහෝ දේ ඔවුන්ට හමු වුනා.

තත්පර කිහිපයකට පෙර සහ ප්‍රධාන තාරකා ග්‍රහණයට තත්පර කිහිපයකට පසු, තාරකාවේ පැහැදිලි දීප්තියේ තවත් ඉතා කෙටි ගිල්වීම් දෙකක් සිදු වුනා. චරික්ලෝ වටා යමක් ආලෝකය අවහිර කරමින් ගමන් කළ බව විද්‍යාඥයින් මෙහිදී තේරුම් ගත්තා. විවිධ ස්ථාන වලින් දුටු දේ සංසන්දනය කිරීමෙන් කණ්ඩායමට වස්තුවේ හැඩය සහ ප්‍රමාණය පමණක් නොව අලුතින් සොයා ගත් වළලු වල හැඩය, පළල, දිශානතිය සහ අනෙකුත් ගුණාංග ද ප්‍රතිනිර්මාණය කළ හැකි වුනා.

සෙනසුරු ග්‍රහයාට පිටුපසින කක්ෂගත වන කිලෝමීටර් 250 ක විෂ්කම්භයකින් යුත් කුඩා වස්තුවක් වටා කිලෝමීටර් නවයක පැහැදිලි පරතරයකින් වෙන් වූ වළලු පද්ධතිය තියුණු ලෙස සීමා වූ කිලෝමීටර 3ක සහ කිලෝමීටර 7ක වළලු දෙකකින් සමන්විත බව එම කණ්ඩායම සොයා ගත්තා.

“මට නම් වළලු පද්ධතියක් හඳුනා ගැනීමට පමණක් නොව එය පැහැදිලිව එකිනෙකට වෙනස් වළලු දෙකකින් සමන්විත බව දැන ගැනීමට හැකි වූ බව වටහා ගැනීම පුදුම සහගතයි”. එලෙස අදහස් දක්වන්නේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් විශ්ව විද්‍යාලයේ නීල්ස් බෝර් ආයතනය උෆේ ග්‍රී ජෝර්ගන්සන්.

මෙම චරික්ලෝ ග්‍රහකය සතු වළලු සම්බන්ධ බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු නැති නමුත් තාරකා විද්‍යාඥයින් සිතන්නේ ගැටීමකින් පසු ඉතිරි වන සුන්බුන් වලින් මෙවැනි වළලු සෑදීමට ඉඩ ඇති බවයි. ඇතැම් විද්‍යාඥයින්ට අනුව මේ චරික්ලෝ ග්‍රහකය වටා ඉතා කුඩා උප ග්රහයන් පවා සිටිය හැකියි. නැතහොත් මෙම වළලු පසුව කුඩා චන්ද්‍රයන් සෑදීමට තුඩු දෙන සංසිද්ධියක් විය හැකිය. සෞරග්‍රහ මණ්ඩලයේ මුල් අවධියේදී පෘථිවියේ චන්ද්‍රයාගේ උපත මෙන්ම ග්‍රහලෝක සහ ග්‍රහක වටා වෙනත් බොහෝ උපග්‍රහයන් වල ආරම්භය පිළිබඳව බොහෝ විශාල පරිමාණයන්ගෙන් මෙවැනි සිදුවීම් මාලාවක් පැහැදිලි කළ හැකි බව තමයි ඔවුන්ගේ මතය වෙන්නේ.

මෙම වළලු තාවකාලිකව හඳුන්වන්නේ බ්‍රසීලයේ උතුරු සහ දකුණු මායිම් අසල පිහිටි ගංගා දෙකක් වන ඔයාපොක් සහ චුයී යන අන්වර්ථ නාම වලිනි.

Source : https://www.eso.org.

Tratak – Jesse Gallagher

spot_imgspot_img

Subscribe

Related articles

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here