OSIRIS-REx Touches Asteroid Bennu

අද අපි ඔබට ගෙන එන්නේ, පෘථිවි ඉතිහාසයේ මෙතෙක් කළ ඉතාමත් සුවිශේෂී අභ්‍යවකාශ මෙහෙයුමක් පිළිබඳව විස්තර අඩංගු වීඩියෝවක්.

2016 සැප්තැම්බර් 8 වන දින ඕසිරිස්-රෙක්ස් ෆ්ලොරිඩාවේ කැනවරල් තුඩුවේ සිට ඇට්ලස් 5 රොකට්ටුවකින් බෙනූ වෙත සිය ගමන ආරම්භ කළා. වර්ෂ 2018 අගෝස්තු මාසයේදී benu වෙත ළං වුණු ඔසිරිස් රෙක්ස් යානය 2019 වර්ෂයේ ජනවාරි පලවෙනිදා බෙනූ ග්‍රහකය සමඟ කක්ෂ ගත වුණා.

මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ 2020 වර්ශයේ ඔක්තෝම්බර් මස 20 වැනිදා, පෘථිවියේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර මිලියන 321ක් පමණ ඈතින් එළෙස කක්ශගත වූ ඔසිරිස් රෙක්ස් යානය බෙනූ ග්‍රාහකයේ ග්‍රෑම් 60ක් පමණ වූ පස් සහ පාෂාණ සාම්ප්ල එක් රැස් කරගැනීම සඳහා බෙනූ ග්‍රාහකය ස්පර්ශ කරන අවස්ථාවයි.

ඔසිරිස් රෙක්ස් යානය ලබාගත් සාම්පලද සමගින්, යලි 2023 වර්ෂයේ සැසැප්තැම්බර් මාසයේදී පෘථිවිය වෙත ලඟා වනු ඇති.

NASA Goddard : OSIRIS-REx Touches Asteroid Bennu

Music : Post – Rick Steel

spot_imgspot_img

Subscribe

Related articles

අභ්‍යවකාශ ඡායාරූප: උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය ගිනිකඳු වසා ගනී! 🌋

අභ්‍යවකාශ ඡායාරූප මගින් උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය පැසිෆික් වයඹ දිග ගිනිකඳු වසා ගන්නා ආකාරය නිරීක්ෂණය කෙරේ. අභ්‍යවකාශයේ සිට පෘථිවියේ දසුන් මෙන්න.

Will the new moon race turn Earth’s nearest neighbor into a dumping ground?

🚀 සඳ මතට යෑම තරඟයක් වෙද්දී... අපේ අසල්වැසියා 'කුණු...

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here