සෞරග්‍රහ මණ්ඩලය හබල් ඇසින්

අද වීඩියෝව ඔයාලා හැම කෙනෙක්ම දන්න හබල් අභ්යාවකාශ දුරේක්ෂය ගැන.

නූතන තාරකා විද්‍යාවේ පිබිදීමට විශාල වශයෙන් දායක වෙච්ච අභ්‍යවකාශ දුරේක්ෂයක් තමයි හබල් අභ්‍යවකාශ දුරේක්ෂය කයන්නෙ. ආලෝක දූෂණය සහ රාත්‍රී අහසෙ ඇතැම් අවස්ථාවල වළාකුළු සහිත වීම කියන කාරණා නිසා තමයි පෘථිවියේ ඉන්න තාරකා විද්‍යාඥයන්ට අහසෙ රඳවන අභ්‍යවකාශ දුරේක්ෂයක අවශ්‍යතාවය දැනගත්තේ. 

දශක දෙකක පමණ සැලසුම් වලින් පසුව වර්ෂ 1990 දි තමයි දි තමයි මේ හබල් අභ්‍යවකාශ දුරේක්ෂය අභ්‍යවකාශ ගත කරන්නේ.

තාරකා විද්‍යාවේ බොහොම අපූරු සංධිස්ථානයක් වන බ්‍රහස්පති මතට ශූමාර්කර් ලෙවී 9 වල්ගා තරුව කඩාවැටීම වර්ෂ 1994 දී හබල් අවකාශ දුරේක්ෂ මගින් නිරීක්ෂණය කිරීම හබල් අභ්යාවකාශ දුරේක්ෂයටත් බොහොම වැදගත් කඩඉමක් වුණා.

ඉන් අනතුරුව 1995 වර්ෂයේදී හබල් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ඊගල් නිහාරිකාවේ සුප්‍රසිද්ධ ඡායාරූපය ලබා ගත් අතර එය පසුව pillars of creation නමින් ලොව පුරා ප්‍රසිද්ධ වුණා.

ඊගල් නිහාරිකාව – pillars of creation (wiki.com)

වර්ෂ 2005 දී හබල් අභ්යාවකාශ දුරේක්ෂය විසින් pluto වටා කක්ෂ ගතව සිටින කලින් හඳුනා නොගත් Nix and Hydra උපග්‍රහයන් එහෙමත් නැත්නම් චන්ද්‍රයන් දෙන්නෙක්ව ඡායාරූපගත කරන්නට සමත් වුණා.

Nix and Hydra (nasa.gov)

යළිත් 2007 වර්ෂයේදී හබල් නිරීක්ෂණ වලින් පෙනී ගියේ වාමන ග්‍රහ ලෝකයක් ලෙස සලකන Eris ප්ලූටෝට වඩා විශාල වන බව.

මීට අමතරව 2013 වර්ෂයේ දී වර්ෂයේදී බ්‍රහස්පතිගේ චන්ද්‍රයෙක් වන යුරෝපා මතුපිට ජල වාෂ්ප තියෙන බව මෙම අපල නිරීක්ෂණවලින් සොයාගත්තා.

හබල් හඳුනා ගත් බ්‍රහස්පති ග්‍රහයාගේ යුරෝපා චන්ද්‍රයා මත විදාරණය වන හැකි ජල වාශ්ප (HubbleSite)

මේ වන විට හබල් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් සිදුකරන ලද සම්පූර්ණ නිරීක්ෂණයන් ප්‍රමාණය මිලියන ගණනක් වෙනවා.

මේ සියලු නිරීක්ෂණයන් අතරින් අපි අද වීඩියෝ සඳහා ඔබ වෙනුවෙන් තෝරගත්තා සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක පිළිබඳව හබල් අභ්යාවකාශ දුරේක්ෂය විසින් සිදුකරන ලැබූ නිරීක්ෂණයන්. පෘථිවියේ ඉඳල යම් අවස්ථාවල  දුරේක්ෂයක් ආධාරයෙන් පවා නිරීක්ෂණය කිරීමට අපහසු ග්‍රහලෝක සහ අභ්‍යවකාශ වස්තුන්ගේ ඉතා ඉහල විභේදනයක් සහිත ඡායාරූප ලබාගැනීමට මේ හබල් අභ්යාවකාශ දුරේක්ෂය සමත් වුණා.

මේ වීඩියෝවෙන් එලෙස හබල් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලබාගත්

සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝකවල ඡායාරූප අන්තර්ගත වෙනවා.

නමුත් හබල් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබා ගත්තා යැයි කියන බුධ ගේ ඡායාරූප අන්තර්ජාලයෙන් ඔබට හමුවන්නේ නැහැ. ඒකට හේතුව විදිහට සඳහන් වෙන්නේ හිරු ට ගොඩක් ආසන්නයෙන් බුධ තියෙන නිසා හබල් දුරේක්ෂයට බුධ ග්‍රහණය කර ගැනීම තරමක් අපහසු වීම.

PlanetObservatory

Wikipedia
Youtube
Spirit of Fire – Jesse Gallagher

spot_imgspot_img

Subscribe

Related articles

අභ්‍යවකාශ ඡායාරූප: උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය ගිනිකඳු වසා ගනී! 🌋

අභ්‍යවකාශ ඡායාරූප මගින් උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය පැසිෆික් වයඹ දිග ගිනිකඳු වසා ගන්නා ආකාරය නිරීක්ෂණය කෙරේ. අභ්‍යවකාශයේ සිට පෘථිවියේ දසුන් මෙන්න.

Will the new moon race turn Earth’s nearest neighbor into a dumping ground?

🚀 සඳ මතට යෑම තරඟයක් වෙද්දී... අපේ අසල්වැසියා 'කුණු...

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here