මොනවද මේ සුදු කුහර (White Holes) කියල කියන්නේ

අද අපි තරුඅහසින්, ඔබ වෙත ගෙන එන්නේ ඔබ කාලයක් තිස්සේ අපෙන් අහපු/ ඉල්ලපු වීඩියෝ එකක්. ඇත්තටම මේ නිර්මාණය කරන්න අපිට හේතු පාදක වුණේ පාඨක ඔබ.  අවස්ථා කීපයකදීම ඔබ විසින්, අපෙන් ඉල්ලීම් කරලා තිබුණා මේ පිළිබඳව විස්තර අඩංගු වීඩියෝ එකක් කරන්න කියලා. එනිසා දැනට නිර්මාණය කරමින් පවතින  video පොඩ්ඩකට නවත්තලා, අපි තීරණය කරා මේ වීඩියෝව ඔබ වෙනුවෙන් ලබා දෙන්න. 

අද ලිපිය සුදු කුහර ගැන.

සුදු කුහර සහ කළු කුහර පිළිබඳ සංකල්පය (kompas.id)

සුදු කුහරයක් එහෙම නැත්නම් සුදු සිදුරක් කියලා කියන්නේ කළු කුහරයකට සර්වාකාරයෙන්ම විරුද්ධ වස්තුවක් නැත්තං කුහරයක්. මේ සුදු කුහර තීව්‍ර ලෙස දීප්තිමත් වන අතර, ද්‍රව්‍ය අතුරුදහන් නොවී ද්‍රව්‍ය ගලා එන නැතිනම් ආලෝකය ගලා එන වස්තුවක් කියලා කිව්වොත් වඩාත් නිවැරදියි. කළු කුහර පිළිබඳව පවතිනවා වගේ, මේ සුදු කුහර හැදුනේ කොහොමද,  මේවා තියෙන්නේ කොහෙද, මේවට බලපාන සාධක මොනවාද වගේ කාරණා ගැන විශවීය සම්මතයක් නම් මේ ගැන තවම නැහැ. මේ කුහර ගැන අයින්ස්ටයින්ගේ ගුරුත්වාකර්ෂණ න්‍යාය තුල පුරෝකතනය කරලා තියෙනවා. 

බොහෝ විට මේ ගැන සඳහන් වෙන්නේ wormhole ගැන කතා කරද්දි. කළු කුහරයක් අභ්‍යවකාශ හා කාලය හරහා උමඟකට ඇතුළුවන ස්ථානය ලෙස ක්‍රියා කරනවා වගේම විශ්වයේ වෙනත් තැනක සුදු කුහරයකින් මේ උමග අවසන් වනවා කියලා තමයි දැනට තාරකා විද්‍යාඥයන් උපකල්පනය කරන්නේ. නමුත් මේ මතය දැඩි ලෙස තර්ක විතර්ක වලට තුඩු දීලා තියෙනවා. ඒකට හේතුව වෙන්නේ මේ කලුකුහර වල තියෙනවා කියන අසීමිත ගුරුත්වාකර්ෂණ බලය විසින් සුදු කුහරයක් වෙත ගමන් කිරීමට ඇති හැකියාව අවහිර කිරීම.

සරල බසින් කියනවා නම්, සුදු කුහරයක් ලෙස සලකන්නෙ දැනට කළු කුහර වලට ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් ක්‍රියා කරන න්‍යායික cosmic කලාප වලට. කාලෙකට කලින් තිබුණු විශ්වාසය එහෙමත් නැත්නම් මතය අනුව මේ  සුදු කුහරයක් කියල කියන්නේ, ඔවුන්ගේ බිඳ වැටුණු තරු සහෝදරයන් වන කළු කුහර හා සමාන ආකාරයට උපත ලද අභ්‍යාවකාශ වස්තුවක්. නමුත් මෑතකදී සමහර න්‍යායන් සහ ඇතැම් විශ්ලේෂණයන්ගෙන් පස්සේ තාරකා විද්‍යාඥයන්ට සාධාරණ සැකයක් ඇති වුනා මේ කළු කුහර සහ සුදු කුහර කියන්නේ එකම කාසියක දෙපැත්ත වගේ දෙයක්ද කියලා. 

Event Horizon, Singularity (quantumphysicslady.org)

මෙ වීඩියෝවෙ දී අපි භාවිතා කරන එක් වචනයක් ගැන මෙහිදී පොඩි පැහැදිලි කිරීමක් කළොත් හොඳයි කියලා හිතෙනවා. ඒක තමයි event horizon කියන වචනය. astrophysics එහෙමත් නැත්නම් තාරකා භෞතික විද්‍යාවේ දී event horizon එක කියලා කියන්නේ කිසියම් සිදුවීමකට නිරීක්ෂකයෙකුට බලපෑම් කළ නොහැකි සීමාව. මේ වාක්‍ය තව ටිකක් සරල කරලා කිව්වොත්, උදාහරණයකට අපි කලුකුහර ගැන කතා කරනකොට කළු කුහරයේ event horizon එක කියලා කියන්නේ නිරීක්ෂකයෙකුට කළු කුහරයට ඇදෙන්නේ නැතුව, ලඟාවෙන්න පුලුවන් උපරිම සීමාව. මේ වචනය නිර්මාණය කරලා තියෙන්නෙ 1950 දී පමණ wolfgang rindler කියන භෞතික විද්‍යාඥයා විසින්. අපේ ඊලඟ වචනය, event horizon telescope එක කියලා කියන්නේ දැනට පෘතුවියේ භාවිතාවන අති විශාල සහ නවීන දුරේක්ෂ කිහිපයක array එකක් එහෙමත් නැත්නම් එකතුවක්. 

අපි ආයෙ අපේ කතාව පැත්තට හැරුනොත් මේ event horizon telescope එක භාවිතා කරන තාරකා භෞතික විද්‍යාඥයෙක්, ඔහුට ලැබෙන දත්ත සහ ඡායාරූප දහස් සංඛ්‍යාව අතුරෙන් සහ මාස ගණනක උත්සාහයකින් පසුව කළු කුහර වල සලකුණක් දකිනවා. නමුත් මේ ඡායාරූප යළිත් නිරීක්ෂණය කරන කොට ඔහු සොයාගන්නවා ඒ දත්තවල යම් වැරැද්දක් තියෙනවා කියලා. අපි දන්නවා කලු කුහර කියන්නේ දේවල් තමන් වෙතට ඇද ගන්න කුහරයක්. නමුත් ඔහු මේ කළු කුහරය වගේ දකින්න තිබෙන සළකුණෙන් ඔහුට පෙනෙන්නේ යම් යම් දේවල් හෝ ආලෝකය නොනවත්වා එලියට එනවා වගේ දෙයක්. තවදුරටත් සිදු කරන ලද පරීක්ෂණ වලින් ඔවුන් තේරුම් ගන්නවා මේ තියෙන්නෙ කලුකුහරයක් නෙමෙයි, මේක සුදු කුහරයක් වෙන්න ඕනේ කියලා. 

අයින්ස්ටයින්ගේ ක්ෂේත්‍ර සමීකරණය (field equation)

වර්ෂ 1915 අයින්ස්ටයින්ගේ ක්ෂේත්‍ර සමීකරණය නැත්නම් field equation එක භෞතික විද්‍යාව නවමු මාවතකට යොමු කරන්නට සමත් වුණා. අයින්ස්ටයින්ගේ මේ නියමයන් වලට අනුව ගෝලාකාර  ස්කන්ධයක් අසීමිත ඝනත්වයකින් යුත් ලක්ෂයක් දක්වා හැකිළීමට හැකි වූ ආකාරය විස්තර කිරීමට භෞතික විද්‍යාඥයන්ට හැකි වුණා. කලුකුහරයක් කියල කියන්නේ ඉහළ අභ්‍යවකාශයේ ඇදහිය නොහැකි තරම් ඝනත්වයකින් යුත් ප්‍රදේශයක් වන අතර එහි දී සියලු පදාර්ථයන් singularity කියලා හඳුන්වන ඉතා කුඩා ඒකීය අවකාශයකට මිරිකී තියෙනවා. 

මෙය, කළු කුහරයයෙන් තම ග්‍රහණයෙන් කිසිවකට, අඩුම තරමේ ආලෝකයට පවා ගැලවෙන්නට බැරි තරම් දැඩි ගුරුත්වාකර්ෂණ බලයක් නිර්මාණය කරනවා. ඇතැම් විට කුඩා කලුකුහරයක් තනි පරමාණුවක ප්‍රමාණය වෙන්න පුළුවන් උනත් ඒ තුළ විශාල කන්දකට සමාන ස්කන්ධයක් තියෙන්න පුළුවන්. සුපර්නෝවාවක දී මිය යන තාරකාවක් බිඳී යෑමෙන්, සෑදෙන කළුකුහරයක, අපගේ සූර්යයාට වඩා විසි ගුණයක පමණ විශාල ස්කන්ධයක් තියෙන පුළුවන්. මේ ආකාරයේ විශාලතම කළු කුහර supermassive black holes කියලා හඳුන්වන අතරම අපගේ විශ්වයේ සෑම මන්දාකිණියක ම පාහේ මධ්‍යයේ මේ වගේ supermassive black holes දකින්නට පුළුවන්. 

අයින්ස්ටයින්ගේ ක්ෂේත්‍ර සමීකරණය නැත්නම් field equation එක සොයා ගත්තට වසරකට විතර පස්සෙ පස්සේ භෞතික විද්‍යාඥ සහ තාරකා විද්‍යාඥ “කාල් ස්වාශ්චයිලඩ්” පළමු නිවැරදි විසඳුම සොයා ගත්තා. ගණිතඥයෙකු වූ “මාර්ටින් ඩේවිඩ් කෲස්කල්” විසින් 1960 දී ස්වාශ්චයිල්ඩ්ගේ කලුකුහර විස්තරය අභ්‍යවකාශයේ සහ කාලයෙහි සියලුම කොටස් කලාප ආවරණය වන පරිදි දීර්ඝ කළා. ඔහුගේ නව සමීකරණයෙන් කලුකුහර වල ඒකීයත්වයේ නැත්නම් singularity එකේ පිළිබිඹුවක් අඩංගු වුණා. නමුත් එම අවස්ථාවේදී එහි වැදගත්කම ඔහුට තේරුනේ නැහැ. 

අපගේ ක්ෂීරපථ මන්දාකිනියේ මධ්‍යයේ ඇති “සැජිටේරියස්  A ස්ටාර්” කියලා හඳුන්වන සුපිරි කළු කුහරයේ, අපගේ සූර්යයා වගේ මිලියන හතරක් තරම් ස්කන්ධයක් තියෙන අතර ඒ සියල්ල පෘථිවි මිලියන කිහිපයක් තරම් විශාල බෝලයකට ඝනීභවනය වෙලා තියෙනන්න පුළුවන්. මේ කළු කුහරයක event horizon එක කියලා කියන්නේ කළු කුහරයේ මතුපිට ලෙස අපි සලකනු ලබන දෙය. මේක ඇත්තටම මතුපිටක් නොවුණත් එය පටලයක් හෝ බාධකයක්වත් නොවේ. නමුත් ඉන් ඔබ්බට ගියොත් යළි පැමිණීමක් සිදු වෙන්නේ නැහැ. event horizon එක තරණය කරන කිසිම දෙයකට නැවත පැමිණෙන්න ට බැහැ. අඩුම තරමේ ආලෝකයට වත් මේ event horizon එක පහු කළාට පස්සෙ කලාට පස්සෙ ආයෙ එන්න බැහැ. කවුරුහරි මේ event horizon 1 තරණය කළොත්, ඊට පස්සේ ඔවුන් කලුකුහර singularityය පැත්තට වැටීම නොවැළැක්විය හැකි ක්‍රියාවලියක්. හැබැයි මේක අනුමානයක් විතරයි. 

ක්ෂීරපථ මන්දාකිනියේ මධ්‍යයේ ඇති කළු කුහරය (cnn.com)

භෞතික විද්‍යාඥයින් සුදු කුහරයක් විස්තර කරන්නේ කලු කුහරයක කාලය ආපසු හැරවීමක් විදියට. සුදු කුහරයක් තුළ ඇති වස්තූන් පිටවෙලා බාහිර අභ්‍යවකාශ සමඟ අන්තර් ක්‍රියා කරන්නට පුළුවන් නමුත් කිසිදු ද්‍රව්‍යයකට ඇතුලට යන්නට බැහැ. එනිසා අභ්‍යන්තරය, විශ්වයේ අතීතයෙන් කපා හැරෙනවා. මේ සුදු කුහරයකට, බාහිර කිසිදු සිදුවීමක්, කිසිවිටෙකත් අභ්‍යන්තරයට බලපාන්නේ නැහැ. ඇමරිකාවේ වොශිංටන් විශ්ව විද්‍යාලයේ කළු කුහර පිළිබඳව පුරෝගාමියෙකු සහ සම්මානනීය මහාචාර්යවරයෙකු වන “ජේම්ස් බාර්ඩීන්” ට අනුව නම් මේ සුදු කුහරයක අතීතයේ singularity එක බාහිර ලෝකයේ සෑම දෙයකටම බලපාන්න පුළුවන්.

තාරකා භෞතික විද්‍යාඥයින් දශක ගණනාවක් තිස්සේ කලුකුහර අධ්‍යයනය කරලා තියෙනවා වගේම තේරුම් ගන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් කළු කුහරයට අමතරව, නොසළකා හරින ලද සුදු කුහර කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුවුණේ මෑතකදී. ඈත සිට බලන කෙනෙකුට සුදු කුහරයක් කළුකුහරයකින් වෙන් කරලා අඳුන ගන්න බොහෝ අමාරු වනු ඇති. කර කලුකුහරයක් වගේම මේ සුදු කුහරයක් විශාල හෝ කුඩා පරිමාණයෙන් තියෙන්න පුළුවන්, නිශ්චලව හෝ කරකැවෙමින් තියෙන්නට පුළුවන්. මේ දෙකේ තියෙන ප්‍රධාන වෙනස වෙන්නේ සුදු කුහර නිරන්තර පුපුරා යෑමට ලක් වීම. 

Escape velocity, Event horizon, Singularity ගැන අදහසක් (americanscientist.org)

මේකෙන් අදහස් කරන්නේ කිසිම දෙයකට ගැලවීමක් නැති කලුකුහරයක් වගේ නෙමෙයි සුදු කුහරයකින් පදාර්ථ සැමවිටම event horizon එකෙන් එලියට නිකුත් වෙනවා කියන එක. කළු කුහරයක event horizon එක ආපසු නොපැමිණෙන ලක්ෂය නම් සුදු කුහරයක event horizon එක කියලා කියන්නේ කිසිසේත්ම ඇතුලට යාමට නොහැකි ලක්ෂය. කලුකුහරයකින් පිටත අභ්‍යවකාශye ඇති වස්තූන්, එම කලුකුහරයේ event horizon එක තරණය කලොත් යළි කිසි දිනෙක එළියට එන්න බැහැ වගේම සුදු කුහරයක event horizon එක පහු කරලා කිසිම දේකට අභ්‍යන්තරයට ළඟා වෙන්නට බැහැ. භෞතික විද්‍යාඥයින්ට අනුව මේකට හේතුව විදියට සලකන්නේ, සුදු කුහරයක් කියල කියන්නේ කලුකුහරයක කාල ප්‍රතිවර්ථනයක් වීම. කලුකුහරයක singularity එක අනාගතයේ පවතින අතර සුදු කුහරයක singularity එක පවතින්නේ අතීතයේ. 

අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය, භෞතික විද්‍යාඥයන්ට අවම වශයෙන් න්‍යායාත්මකව ඔප්පු කරන්න මාර්ගය පාදගන්න වසර සිය ගණනකට පෙර විද්‍යඥයන් විසින් කලුකුහර පවතින බවට න්‍යායන් ඉදිරිපත් කරලා තිබුණා. කලුකුහර වලින් ආලෝකයක පිටවෙන්නෙ නැති නිසා ඒවා පියවි ඇසට පෙනෙන්නේ නැහැ. ඉතා මෑතක් වන තුරුම මේ කළු කුහර පිළිබඳව සාක්ෂි සොයා ගැනීමට තාරකා විද්‍යාඥයින්ට හැකිවූ එකම ක්‍රමය වුනේ, අවට විශ්වයේ ඒවාට ඇති බලපෑම පිළිබඳව සලකුණු සෙවීමය පමණයි. 

තාරකා, වායූන් සහ අනෙකුත් අභ්‍යවකාශ වස්තූන් කලුකුහරයක් අසල හැසිරෙන්නේ, කළු කුහරයේ ගුරුත්වාකර්ෂණය ඔවුන් මතට ඇද ගන්නා විට, විශ්වයේ වෙනත් තැන්වල සිදුවන හැසිරීමට වඩා වෙනස් විදිහට. විශේෂ මෙවලම් වලින් සමන්විත දුරේක්ෂ භාවිතා කරමින්, විද්‍යාඥයින්ට කළු කුහරයක ගුරුත්වාකර්ෂණ බලය සමඟ අන්තර්ක්‍රියා කරන වස්තූන් මගින් විමෝචනය වන අධි ශක්ති ආලෝකයන් පිළිබඳ දත්ත ලබා ගත හැකි අතර, ප්‍රතිවර්තන සිතියම්කරණය මගින් කළු කුහරය වටා ඇති සුන්බුන් වළල්ලෙන් නිකුත් වන විකිරණ මනින්න පුළුවන්. මෙමගින් භෞතික විද්‍යාඥයින්ට කළු කුහරය නොපෙනුනත්, කළු කුහරයක පිහිටීම නිශ්චය කර ගැනීමට උපකාරී වෙනවා.

අයින්ස්ටයින්ගෙ සාපේක්ෂතාවාදයෙන් කළු සහ සුදු කුහර දෙකේම පැවැත්ම විස්තර කරන නමුත් එමගින්, අභ්‍යවකාශයේ සුදු කුහරයක් ඇතිවන්නෙ කෙසේදැයි පැහැදිලි කරන්නේ නෑ. මියයන තාරකාවක සුපර්නෝවා පිපිරීමක් ඇති උනාට පස්සේ කළු කුහරයක් සෑදෙනවා. නමුත් සුදු කුහරයක් කොහොමද හැදෙන්නේ කියන එක ගැන මේ වන තෙක් නිශ්චිත මතයක් නැහැ. සුදු කුහරයක් කෙලෙස හෝ සෑදීමෙන් පසු ආලෝකය සහ පදාර්ථ එළියට නිකුත් කරන්නේ නම්,  ඒවා එම සුදු කුහරය වටා ඇති පදාර්ථ සමග ගැටෙනු ඇති. 

මෙම ගැටීම්, සමස්ත පද්ධතියම කළු කුහරයකට, කඩා වැටීමටද හේතු වනු ඇති.ඒ වගේම තමයි මේ සුදු කුහර දීර්ඝ කාලයක් සුදු කුහර ලෙසම පවතින්නෙ නැහැ. නිව්යෝක් හි බාඩ් විශ්ව විද්‍යාලයේ න්‍යායාත්මක භෞතික විද්‍යාඥයකු වන “හැල් හැගාර්ඩ්” විසින් පවසන්නේ දිගු කාලයක් පවතින සුදු කුහර පැවතීම ඉතා අල්ප වෙන්න පුළුවන් කියලා. අනෙකුත් තාරකා විද්‍යාඥයන්ටත් සුදු කුහර පිළිබඳව විවිධ න්‍යායන් ඇති අතර, ඒවා සමහර නොගැලපීම් පැහැදිලි කිරීමට උපකාරී වෙනවා. කළු කුහරවලින් ශක්තිය කාන්දු වන බව ස්ටීවන් හෝකින් විසින් 1970 ගණන්වලදී සොයා ගත් අතර, එය මුළු ලොවම පුදුමයට පත් කලා. හෝකින්ස් radiation කියල හඳුන්වන්නේ මෙලෙස කාන්දු වූ ශක්තියයි.

මේ කළු කුහර මිය යන්නේ කෙසේද? කළු කුහරයක් තුළ සිරවී ඇති සියල්ල මිය ගිය විට කුමක් සිදුවේද?

සාපේක්‍ෂතාවාදයේ න්‍යායෙන් පවසන්නේ කළු කුහරයකින් කිසිවක් පිටවිය නොහැකි බවයි, නමුත් ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව කළු කුහරයක් තුළ ඇති ඕනෑම තොරතුරක් හෝ පදාර්ථයන් මකා ඉවත් කිරීම වළකාලනවා. ඇතැම් තාරකා විද්‍යාඥයන් සුදු කුහරය කියල හඳුන්වන්නේ කලු කුහරයක මරණෙන් පස්සෙ ලැබෙන ප්‍රතිඵලයක් විදිහට. 

මේ අපරිමිත කුඩා වස්තුව ගුරුත්වාකර්ශණනය නොතකා හරින තරමට කුඩා වනු ඇති නමුත් ඒ ඇතුළත, කළු කුහරයක් ලෙස කලින් ජීවිතයේ ගිලදැමූ සියල්ල, අභ්‍යන්තරයෙහි සැඟවී තිබෙනු ඇත. මේ නිගමනය සත්‍යයක් නම් විශ්වය යම් දිනක සුදු කුහර විසින් ආධිපත්‍යයට නතු කර ගන්නවා ඇති. විශ්වයේ ඇති තරු සියල්ලම දැවී ගොස් කළු කුහර බවට පත් වූ පසු, එම කුහර සියල්ලක්ම මිය ගොස් අවසානයේ සුදු කුහර වලින් පිරුණු මහා විශ්වයක් මිස අන් කිසිවක් ශේෂ නොවිය හැක. වාසනාවකට මේ සංසිද්ධිය සිද්ධ වෙන්න පුළුවන් වෙන්නේ දැනට අපගේ විශ්වයට වඩා ගණන් කළ නොහැකි ට්‍රිලියන ගණනක් වයස්ගත වූ විශ්වයකට පමණයි. ඒ කියන්නෙ ඒ සිදුවීම සිදු වෙන්න නම් තව සෑහෙන කාලයක් යාවි.

භ්‍රමණය වන කළු කුහර (ඉහළ පේළිය) සහ ඒවායේ අනුකරණය කළ නිරීක්ෂණ (පහළ පේළිය) පිළිබඳ ආකෘති තුනක්. (aasnova.org)

කළු කුහර වල ශක්තිය කාන්දු වන බවට 1970 ගණන් වල ස්ටීවන් හෝකින්ස් විසින් අවබෝධ කරගත් දා සිට භෞතික විද්‍යාඥයන්, මේ වස්තු වියැකී ගොස් මිය යන්නේ කෙසේදැයි විවිධ විවාද තියෙනවා කර තියෙනවා. 

සුදු කුහර සම්බන්දව පිළිතුරු වලට වඩා වැඩියෙන් බොහෝ ප්‍රශ්න ඇති අතර එය සුදු කුහරයක් ‍යනු කුමක්ද යන්න පිළිබඳව මනංකල්පිත න්‍යායන් රාශියක් සඳහා අවකාශ ලබා දෙනවා. සමහර විද්‍යාඥයන් ඇත්තටම සිතන්නේ අප දැනට ජීවත් වෙන්නේ අවසාන සුදු කුහරය තුල බවයි.මින් සමහර  භෞතික විද්‍යාඥයන්, අපි බිග් බෑන්ග් එක එහෙමත් නැත්නම් විශ්වයේ මහා පිපිරුම ලෙස හඳුන්වන සංසිද්ධියට, මේ කලුකුහර හා සුදු කුහර වල සම්බන්ධයක් ඇති බවට සැක කරනවා. අපගේ විශ්වය නිර්මාණය කළ මහා පිපිරුමේ ප්‍රතිඵලයක් විදිහට යම් ද්‍රව්‍ය හා ශක්තිය පිටවුණ බවත්,  එය සුදු කුහරයක් නිසා සිදු වූ බවටත් මේ භෞතික විද්‍යාඥයන් විශ්වාස කරනවා. මේ පිළිබඳව බාර්ඩ් විශ්වවිද්‍යාලයේ “හැල් හැගාර්ඩ්” කියන විද්‍යාඥයා කියලා තියෙන්නේ කියලා තියෙන්නේ ඒ වගේ මතයක්. කළු කුහර පිළිබඳව මතයක් නිර්මාණය වෙලා දශක කිහිපයකට පස්සේ තමයි මේ කලුකුහරයක් ඇත්ත වශයෙන් පවතිනවා කියලා ඡායාරූප මගින් සාක්ෂි සොයා ගන්නේ. ඒ අනුව බලන කොට මේ සුදු කුහර ගැන ඡායාරූප සාක්ෂි සොයාගන්න තවත් සෑහෙන කාලයක් ගත වේවි.

අවසාන වශයෙන් වර්ශ 2019 දී ජාත්‍යන්තර event horizon දුරේක්ෂය මගින් කළු කුහරයක ලොව ප්‍රථම ඡායාරූපය ග්‍රහණය කරගත් විට, තාරකා විද්‍යාඥයින් කළු කුහර පිළිබඳව අධ්‍යයනය විශ්මයජනක පෙරළියක් සිදු කළා. තාක්ෂණිකව ඔවුන් ඡායාරූප ගත කරල තිබුනෙ කලුකුහරයේ සෙවනැල්ල. ඒකට හේතුව කලුකුහරයකින් ආලෝකය පරාවර්තනය නොවීම. මේ ඡායාරූපය ලබා ගැනීමත් සමඟ කලුකුහරය දැකීමට නොහැකි වන නමුත්, කලුකුහරයක් පවතින බවට, ලොව ප්‍රථම ඡායාරූපමය සාක්ෂිය මෙය වුනා. දශක කීපෙකට පස්සේ කළු කුහර පිළිබඳව මතය අද සත්‍යයක් වෙලා තියෙනවා. ඒ වගේම එයින් අදහස් වෙන්නේ සුදු කුහර පිළිබඳව තියෙන මතයක් සත්‍යයක් බවද ??

Source:

The Infographics Show
Space.com
Wikipedia.org

spot_imgspot_img

Subscribe

Related articles

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...

ජේම්ස් වෙබ් දුරේක්ෂය පෘථිවියට ආසන්න වල්ගා තරුවකින් සොයාගත්තෙ මොනවද ?

මේ පෘතුවියේ විද්‍යාව කියලා කියන්නේ හරිම පුදුම දෙයක්. හැමදාම...

Travel with බෙනූ

බෙනූ සළකුණුගල් පර්වතයFAQ වර්ෂ 2018දී පෘථිවියට ආසන්න ග්‍රහකයක් වන benu...

පාර්සෙක් ඒකකය

පාසෙක් ඒකකයචාප කෝණය තරු අහස එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට...

2M1207 extrasolar planetary System

විද්‍යාවේ දියුණුවත් එක්ක මානව ශිෂ්ටාචාරයේ විවිධ කඩඉම් පසු කරන්නට...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here