Cassini Crashing Into Saturn

කැසිනි කියලා කියන්නේ සෙනසුරුගේ සහ උපග්‍රහයන්ගේ ආශ්චර්යමත් තොරතුරු හෙළි කර ගැනීමට නාසා ආයතන මගින් 1997 ඔක්තෝබර් 15 වෙනිදා අභ්‍යවකාශ ගත කරපු යානයක්. මේකෙ හරි නම කැසිනි huygens. “giovanni කැසිනි” සහ “christiaan huygens” කියන තාරකා විද්‍යාඥයන් දෙන්නට ගරු කිරීමක් විදිහට තමයි මේ යානාව කැසිනි-huygens නමින් නම් කරලා තිබුණේ.

කැසිනි යානයේ ගමන් මග (astrography.com)
කැසිනි දුටු Iapetus

වසර හතක අභ්‍යවකාශ ගමනකින් පස්සේ 2014 ජුනි 30වෙනිදා, සෙනසුරුගෙ කක්ෂයට ඇතුල් වෙන කැසිනි යානයෙන් වෙන් වෙන හයිජන්ස් ප්‍රෝබ් එක ටයිටන් චන්ද්‍රයා මතට 2005 ජනවාරි 14 වෙනිදා ගොඩබසිනවා. 

2007 සැප්තැම්බර් 18 වෙනිදා කැසිනි යානය සෙනසුරුගෙ තවත් චන්ද්‍රයෙක් වන “ඉඇප්ටස්ට” කිලෝමීටර 1600ක් තරම් සමීප වෙනවා.

2009 ජුලි 8 වෙනිදා ටයිටන් මත දියර පවතින බවට සනාථ කරගන්නෙ ටයිටන් මත ගොඩබැස්ස හයිජන්ස් ප්‍රෝබ් එක. කැසිනි යානය ගෙන ගිය හයිජන්ස් probe එක තමයි ඒ වෙද්දි ලෝක ඉතිහාසයේ සෞරග්‍රහ මන්ඩලයේ දුරම තියෙන ග්‍රහලෝකයකට නැත්නම් උපග්‍රහයෙකුට යවපු මිනිසුන් විසින් හදපු ප්‍රෝබ් එක. තමන්ගේ වසර 20ක ගමන් කාලය තුළ කැසිනි යානය, සෙනසුරු ගේ සහ බ්‍රහස්පතිගේ ඉතාමත් විශාල තොරතුරු ප්‍රමාණයක් අනාවරණය කර ගත්තා. සෙනසුරැ උපග්රහයන් මතුපිට තියෙන මෙතේන් ගංගා, මෙතේන් මුහුදු, බ්‍රහස්පතිට අයත් අලුත් උපග්රහයන් සොයාගැනීම සහ සෙනසුරුගේ වළලු පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට කැසිනි සමත් වුණා.

මේ සියල්ල අවසානයේ, කැසිනි යානය වසර 13ක සෙනසුරු මත තම සේවා කාලය අවසන් කරලා 2017දී සෙනසුරු වෙත කඩන් වැටෙනවා. එහෙම කලේ ඇත්තටම ඒ වෙනකොටත් තාරකා විද්‍යාඥයෝ විද්‍යාඥයෝ උපකල්පනය කළා සෙනසුරුගෙ ටයිටන් කියන උපග්‍රහයා මත යම් ආකාරයක ජීවයක් පවතින්නට පුළුවන් කියලා. යම් හෙයකින් කැසිනි යානය titan මතට කඩාගෙන වැටුනොත් එහි පවතින ජීව ආකාර වලට යම්කිසි හානියක් වෙන්න පුලුවන් නිසා තමයි මේ විදියට සෙනසුරු මතට මේ යානය පතිත කරවන්නේ.

කැසිනි දුටු සෙනසුරු (nasa.gov)

මෙලෙස වසර 13ක් තිස්සේ සෙනසුරු වටා නිරීක්ෂණ වට 22ක් යෑමෙන් පසු, 2017 සැප්තැම්බර් මස 15 වෙනිදා, කැසිනි      තම අවසානය      සෙනසුරුගේ      ඉහල වායුගෝලයදී දැවෙමින් සටහන් කලා.

Source:
National Geographic  : Crashing Into Saturn

spot_imgspot_img

Subscribe

Related articles

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...

ජේම්ස් වෙබ් දුරේක්ෂය පෘථිවියට ආසන්න වල්ගා තරුවකින් සොයාගත්තෙ මොනවද ?

මේ පෘතුවියේ විද්‍යාව කියලා කියන්නේ හරිම පුදුම දෙයක්. හැමදාම...

Travel with බෙනූ

බෙනූ සළකුණුගල් පර්වතයFAQ වර්ෂ 2018දී පෘථිවියට ආසන්න ග්‍රහකයක් වන benu...

පාර්සෙක් ඒකකය

පාසෙක් ඒකකයචාප කෝණය තරු අහස එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට...

2M1207 extrasolar planetary System

විද්‍යාවේ දියුණුවත් එක්ක මානව ශිෂ්ටාචාරයේ විවිධ කඩඉම් පසු කරන්නට...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here