නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න බැරි මාසයක්! 🤩 මෙන්න ඒ විශේෂ සිදුවීම් ටික සහ ඒවා සිදුවන දින. මේ ටික දින දර්ශනයේ මාර්ක් කරගන්න.

📅 නොවැම්බර් මාසයේ ප්‍රධාන තාරකා නිරීක්ෂණ සිදුවීම්

නොවැම්බර් 2 – 🪐 සඳ, සෙනසුරු, නෙප්චූන්
සඳ අහසේදී සෙනසුරුට (Saturn) සහ නෙප්චූන්ට (Neptune) සමීපව දිස්වේවි.

නොවැම්බර් 5 – 🌕 වසරේ විශාලතම පූර්ණ චන්ද්‍රයා
මෙය Supermoon එකක් නොවුණත්, මෙම වසරේදී සඳ පූර්ණ අවධියේදී පෘථිවියට වඩාත්ම සමීපව පිහිටන නිසා සාමාන්‍ය පසළොස්වක සඳකට වඩා විශාලව හා දීප්තිමත්ව දිස්වේවි.

නොවැම්බර් 10 – ♊ සඳ, ,පොලක්ස් බ්‍රහස්පති
සඳ මිථුන රාශියේ (Gemini) දීප්තිමත්ම තාරකාව වන පොලක්ස් (Pollux) සමඟත්, බ්‍රහස්පති (Jupiter) ග්‍රහයා සමඟත් සමීපව දර්ශනය වනු ඇත.

නොවැම්බර් 17 – 🌠 ලියොනිඩ් උල්කාපාත වර්ෂාව
ලියෝ තාරකා මණ්ඩලයේ සිට පැමිණෙන උල්කාපාත වර්ෂාවේ උපරිම ක්‍රියාකාරීත්වය මේ දිනයේදී දැකගත හැකියි. මේවා පැයකට උල්කාපාත 15ක් පමණ දැකගත හැකි මධ්‍යස්ථ වර්ෂාවකි.

නොවැම්බර් 21 – ♅ යුරේනස්
යුරේනස් (Uranus) ග්‍රහයා සූර්යයාට විරුද්ධ පැත්තේ පිහිටන නිසා, මුළු රාත්‍රිය පුරාම දීප්තිමත්ව දිස්වේ. කුඩා දුරේක්ෂයක් හෝ බයිනොකියුලර් (Binoculars) භාවිතා කර එය නිරීක්ෂණය කරන්න පුළුවන්.

මේ හැම සිදුවීමක්ම බලන්න අමතක කරන්න එපා! විශේෂයෙන්ම නොවැම්බර් 5 වැනිදා පසළොස්වක සඳ ඔබගේ කැමරාවට හසුකරගන්න හොඳම අවස්ථාවක්.

පරිසරය ආරක්‍ෂා කරමින්, අහස නිරීක්ෂණය කරමු! 💚

#SaveEarth #tharuahasa #SpaceEvents #November2025 #Supermoon

spot_imgspot_img

Subscribe

Related articles

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...

ජේම්ස් වෙබ් දුරේක්ෂය පෘථිවියට ආසන්න වල්ගා තරුවකින් සොයාගත්තෙ මොනවද ?

මේ පෘතුවියේ විද්‍යාව කියලා කියන්නේ හරිම පුදුම දෙයක්. හැමදාම...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here