ඔබ වල්ගා තරු වලට කැමතිද ? රෑ අහසේ වල්ගයක් වගේ ආලෝක කදම්භයක් එක්ක පායා දිලිසෙන වල්ගා තරු දකින්න, ඔබ කැමතිද ?
අද වීඩියෝව මේ අවුරුද්දේ ගතවූ මාස 6 ඇතුළත දැකගන්නට පුළුවන් වෙච්ච සහ ඉදිරි මාස හය ඇතුළත ඔබට දිස් වන වල්ගතරු පිළිබඳව. මෙ වීඩියෝවෙ දී අපි කතා කරනවා සරළ දුරදක්න වලින් පවා බලාගන්න පුළුවන් වල්ගා තරු දෙකක් ඇතුළුව මේ වසර පුරා දිස්වන වල්ගාතරු එකොළහක් පිළිබඳව.
ඔබ දෘශ්‍ය නිරීක්ෂකයෙකු හෝ තාරකා ඡායාරූප ශිල්පියෙකු වුණත් වල්ගා තරු නිරීක්ෂණය කිරීම සියලු තාරකා විද්‍යාත්මක නිරීක්ෂණයන් වලින් වඩාත් ජනප්‍රියම එකක්. ඒකට හේතුව වෙන්නේ මේ වල්ගා තරු වලට තියෙන අලංකාර ස්වභාවය, කාලයත් සමග පෙනුමෙන් පරිනාමනය වන අතර අනපේක්ෂිත හැසිරීම් වලට ගොදුරු වීම. මේ වල්ගා තරු පිළිබඳව අධ්‍යයනය කිරීම සහ නිරීක්ෂණය කිරීම, ඇත්තටම බොහෝ අයට ස්වකීය චිත්ත ආශ්වාදයට හේතුවක් වනවා.

සාමාන්‍යයෙන් කුඩා දුරේක්ෂ සහ දුරදක්නා වලින් මේ ආකාරයේ වල්ගාතරුවක් හෝ අභ්‍යාවකාශ වස්තුවක් නිරීක්ෂණය කිරීමට නම් එහි මැග්නිටියුඩ් එක නැත්නම් විශාලත්වය ඒකක 8කට මදක් වැඩි විය යුතුයි. අපි ඉදිරිපත් කරන මෙය ලයිස්තුවට විශාලත්වය ඒකක 10 හෝ ඊට වඩා දීප්තිමත් වල්ගා තරු ඇතුළත් කොට තිබෙනවා. මින් ඇතැම් වල්ගතරු සියුම් දුරේක්ෂ හෝ පියවි ඇසින් පවා පෙනෙනවා.
මේ අභ්‍යවකාශ වස්තුවක විශාලත්ව එහෙම නැත්නම් මැග්නිටියුඩ් එක ගැන පොඩි සඳහනක් කළ යුතුයි කියලා මම හිතනවා මේ වෙලාවේ. මේ magnitude එක කියලා කියන්නෙ මොකක්ද කියන එක ගැන අපි මීට වඩා විස්තර සහිත වෙනත් විඩියෝවක් ඉදිරියේදී ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. කෙටියෙන් කියනවා නම් පෘථිවියේ ඉඳලා පියවි ඇසෙන් බලන්න පුළුවන් වෙන්නේ අවම magnitude අගය 6 හෝ ඊට අඩු, ඒ කියන්නේ 6,5,4, 3 වගේ ඒව තමයි. උදාහරණයක් විදිහට ගත්තොත් වීනස් නැත්නම් සිකුරු, රාත්‍රී අහසේ දිලිසෙන සඳට පස්සේ තියෙන දීප්තිමත්ම වස්තුව මැග්නිටියුඩ් එක්ක – 5 ක් වෙනවා. අපගේ චන්ද්‍රයා මැග්නිටියුඩ් ඒකක -12ක් වෙන අතරම හිරුගේ මැග්නිටියුඩ් අගය සඳහන් වෙන්නේ -27 විදිහට. සාමාන්‍ය දුරේක්ෂයකින් නම් මැග්නිටියුඩ් ඒකක 10 හෝ ඊට වැඩි අගයක් සහිත අභ්‍යවකාශ වස්තූන් නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබෙනවා.
ඇත්ත වශයෙන්ම සෑම වසරකදීම නවතම වල්ගාතරු විශාල ප්‍රමාණයක් සොයා ගන්නා අතර ඒවායින් බොහොමයක් සියුම් දුරේක්ෂ හෝ පියවි ඇසෙන් පවා නොපෙනෙන ඒවා. සෝලාර් ඇන්ඩ් හීලියෝස්ෆෙරික් ඔබ්සවේටරි එහෙමත් නැත්නම් සූර්ය ගෝලීය නිරීක්ෂණාගාරය පමණක් වසරකට නව වල්ගා තරු දෙසීයකට වැඩි ප්‍රමාණයක් සොයා ගන්නවා. පෑන්ස්ටාර්ස්, ස්විකී ට්‍රාන්සෙයින්ට් ෆැසිලිටි (ZTF) සහ ඇට්ලස් ව්‍යාපෘතිය වගේ ව්‍යාපෘති වලින් වසරකට 40 සිට 50 දක්වා වල්ගතරු සංඛ්‍යාවක් සොයා ගන්නවා. මීට අමතරව ආධුනිකයින් විසින්නුත් වසරකට සැලකිය යුතු ප්‍රමාණයක් මේ නව වල්ගා තරු සොයා ගන්නවා. මේ ආකාරයෙන් වසරකට කිහිප වතාවක් ආධුනික තාරකා විද්‍යාඥයන් විසින් පෙරකී ලොව ප්‍රධාන වල්ගා තරු සොයන ව්‍යාපෘති පරාජයට පත් කරමින් ඔවුන්ගේ නම් දරන නව වල්ගා තරු අනාවරණය කර ගන්නවා. උදාහරණ ලෙස ජපානයේ හයිඩෝ නිශිමුරා විසින් වර්ෂ 2021 ජූලි මාසයේදී මාසයේ දී ඔහුගේ කැනොන් ඩිජිටල් කැමරාවෙන් කල සොයා ගැනීමකින් සී 2021 o1 වල්ගතරු සොයාගත්තා. වර්ෂ 2019 දී ක්‍රිමියානු ආධුනික ජෙනඩි බෙරිසොව් විසින් පළමු අන්තර් තාරකා වල්ගා තරුව 21/බෙරිසොව් සොයා ගන්නට සමත් වුනා.
දැන් අපි යමු අපේ වල්ගතරු ලැයිස්තුවට.

- 19P/Borrelly
විශ්කම්භය කිලෝමීටර 4.8ක් පමණ වන මේ වල්ගා තරුව, වර්ෂ 2021 දෙසැම්බර් 11වැනිදා පෘථිවියට කිලෝමීටර මිලියන 175 ක් තරම් අසන්නට එහෙම නැත්නම් අභ්‍යවකාශ ඒකක1.2 තරම් ආසන්නයට ආව මේ 19P/Borrelly කියන කියන වල්ගා තරුව වර් 2022 පෙබරවාරි පළවැනිදා සූර්යයාට කිලෝමීටර මිලියන 195 ක් තරම් ආසන්නයට එහෙමත් නැත්නම් අභ්‍යවකාශ ඒකක 1.3ක් තරම් අසන්න වුනා. දීප්තිමත්ම අවස්ථාවේදී මේ වල්ගතරුවෙ මැග්නිටියුඩ් අගය සඳහන් වන්නෙ ඒකක 9.5ක් හැටියට
- C/2021 F1 (Lemmon-PANSTARRS)
වර්ෂ 2022 පෙබරවාරි 12 වැනිදා පෘථිවියට කිලෝමීටර මිලියන 150ක් තරම්, එහෙමත් නැත්නම් අභ්‍යවකාශ ඒකක 1ක් තරම් ආසන්නයට ආ මේ වල්ගා තරුව වර්ෂ 2022 අප්‍රේල් මාසය 6 වැනිදා සූර්යයාට ආසන්නතම අවස්තාවට ලං වුණා.
- C/2019 L3 (ATLAS)
වර්ෂ 2022 ජනවාරි 9 වැනිදා සූර්යයාට ආසන්නම අවස්තාවට ලං වුනු වුනු මේ වල්ගා තරුව ඒ වන විට පිහිටියේ සූර්යයාගේ ඉඳලා කිලෝමීටර මිලියන 531ක්, එහෙමත් නැත්නම් අභ්‍යවකාශ ඒකක 3.6 පමණ දුරින්. පෙබරවාරි මාසයේදී දීප්තිය magnitude ඒකක 9.5 ක් තරම් ඉහළ ගිය නමුත් ඉන්පසුව මේ දක්වා කෙමෙන් කෙමෙන් දීප්තිය අඩු වෙමින් පෘථිවියෙන් ඉවතට ගමන් කළා.
- 104P/Kowal 2
වර්ෂ 1979 ජනවාරි 13 වැනිදා චාල්ස් ටී කොවල් කියන තාරකා විද්‍යාඥයා සොයාගත්තේ මේ වල්ගා තරුව සෑම වසර 5.9 කට සැරයක්ම සෞරග්‍රහ මණ්ඩලය හරහා යනවා. 2022 වර්ෂයේ ජනවාරි 11 වැනිදා සූර්යයාට ආසන්නම අවස්ථාවේදී අභ්‍යවකාශ ඒකක 1.2 තරම් අසන්නට ලංවූ එය, පෘථිවියට ආසන්නම අවස්ථාවේ දී කිලෝමීටර් මිලියන 333ක් නැත්නම් අභ්‍යවකාශ ඒකක 2.2ක් තරම් ආසන්න වුණා.
මේ වල්ගා තරුව ගැන විශේෂ කාරණාවක් තමයි වර්ෂ 2050 ජනවාරි පළවෙනිදා මේ වල්ගා තරුව පෘථිවියට කිලෝමීටර මිලියන 13 ක් තරම්, එනම් අභ්යවකාශ ඒකක .089 තරම් ආසන්න වෙනවා.ඒ වෙද්දි නම් පෘථිවිය ඉන්න අපිට මේ වල්ගා තරුව මීට වඩා ආසන්නයෙන් දීප්තිමත්ව බලා ගැනීමේ හැකියාව ලැබේවි.
- C/2017 K2 (PANSTARRS)
වර්ෂ 2022 දෙසැම්බර් 19 වැනිදා සූර්යයාට කිලෝමීටර් මිලියන 269 ක් තරම් ආසන්නයට එන මේ වල්ගතරුව පෘථිවියට ආසන්නම ප්රවේශය ලබා ගන්නේ 2022 වර්ෂයේ ජූලි 14 වැනිදා, ඒ කිලෝමීටර මිලියන 271 නැත්නම් අභ්‍යවකාශය ඒකක 1.8ක් විදියට තමයි සඳහන් වෙන්නේ. ජුනි සහ ජුලි මාස වල නිරීක්ශනය කිරීමට පහසු වන මේ වල්ගාතරුව ජුලි මස 15 වැනිදා පමණ වන විට විශාලත්ව ඒකක 6ක් පමණ වනු ඇති බවට අපේක්ශා කරනවා.
අපි ජීවත්වන කොළඹ අහස යට දී මේ වල්ගා තරුව ජුලි මාසයේ 17 වෙනිදා ඉඳලා අගෝස්තු මාසේ මාසෙ 26 වෙනිදා වෙනකන් තරමක් දීප්තිමත්ව බලාගැනීම ගැනීමේ හැකියාව තියෙනවා කියලා තමයි දත්ත වලින් පෙන්නුම් කරන්නේ. රාත්‍රි 7.00 පමණ ඉඳලා අලුයම එක පසුවන තෙක් බොහෝ දිනවල ඔබට මේ වල්ගා තරුව නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබෙනවා. එහෙම බලන බොහෝ දවස් වල රාත්‍රී 7:00 ඉඳලා 09:00 විතර වෙනකන් රාත්‍රී අහස ඔබ නැගෙනහිර පැත්තේ ඉඳලා බටහිර පැත්ත බලාගෙන ඉන්නව නම් ඒ වගේ වෙලාවක වම් අත පැත්තේ හිසට ඉහළින් මදක් පහලට වෙන්න දීප්තිමත්ව දීප්තිමත්ව දිදුලන මේ වල්ගා තරුව හඳුන ගන්න අපහසු වෙන එකක් නැති වේවි.
- 29P/Schwassmann-Wachmann 1

ආසන්න වශයෙන් සෑම පහළොස් වර්ෂයකට වරක් සෞරග්‍රහ මණ්ඩලය හරහා යන එහෙමත් නැත්නම් සූර්යයාට ආසන්න වෙලා යන මේ වල්ගා තරුව සොයා ගෙන තියෙන්නේ 1927 නොවැම්බර් 15 වැනිදා arnold ශ්වාස්මන් සහ අර්‍ර්නො වොච්මන් කියන පුද්ගල දෙන්නා. ඒ දෙන්නට ගරුකිරිමක් විදියට තමයි මේ වල්ගාතරුව ශ්වාස්මන්-වොච්මන් කියලා හඳුන්වන්නේ.
වර්ෂ 2019 අප්‍රේල් මාසෙ 7 වෙනිදා සූර්යයාට කිලෝමීටර මිලියන 864ක් එහෙමත් නැත්නම් අභ්‍යවකාශ ඒකක 5.8 ක් තරම් ආසන්න ට ආව මේ වල්ගා තරුව පෘථිවියට ආසන්නම ප්‍රවේශයේ දී දුර සටහන් වුණේ කිලෝමීටර මිලියන 760ක් එහෙමත් නැත්නම් අභ්‍යවකාශ ඒක 5.1 විදිහට. සත්‍ය වශයෙන්ම මේ වල්ගතරුව පෘථිවියට ඇති දුරත් එක්ක බැලුවම අඟල් 14 ක විෂ්කම්භයකින් යුත් දුරේක්ෂයකින් පවා ඇතැම් අවස්ථාවල මේක නිරීක්ෂණය කිරීම අපහසු වෙනවා. කොහොම වුණත් මේ වල්ගා තරුවෙන් සිදුවන යම් යම් පිපිරීම් නිසා මේකෙ දීප්තිය බොහෝ අවස්ථා වල වැඩි වෙනවා. මේ පිපිරීම් වලට හේතුව වෙන්නේ මේ වල්ගතරුවෙ පවතින කාබන්මොනොක්සයිඩ් සහ මීතේන් අයිස්, වල්ගා තරුවේ කබොලට යටින් තියෙන පීඩනය යටතේ දියවෙලා මිශ්‍රවෙලා ශක්තිය මුදා හැරීම නිසා සිදුවෙන විපර්යාසයක් කියලා තමයි තාරකා විද්‍යාඥයන් නිගමනය කරන්නේ. මේ වගේ අවස්ථාවක දූවිලි සහ සුන්බුන් මිලයන ගණනක් මුදාහැරෙනවා.
- C/2021 O3 (PANSTARRS)
වර්ෂ 2022 අප්‍රේල් 21 වැනි දා වෙනිදා සූර්යයාට ආසන්න වශයෙන් කිලෝමීටර් මිලියන 43ක් එහෙමත් නැත්නම් අභ්‍යවකාශ ඒකක 0.3ක් තරම් ආසන්න වන මෙ වල්ගාතරුවේ පෘථිවියට ආසන්නතම ප්‍රවේශය 2022 වර්ෂයේ මැයි 8 වැනිදා ලබා ගත්තේ පෘථිවියට කිලෝමීටර් මිලියන 90ක් නැත්නම් පෘතිවියට අභ්‍යවකාශ ඒකක .6ක් තරම් ආසන්න වෙමින්.
- C/2021 E3 (ZTF)
2022 වර්ෂයේ ජුනි 11වැනි දා වැනිදා සූර්යයාගේ ඉඳලා සැතපුම් මිලියන 266ක්, නැත්නම් අභ්‍යවකාශ 1.8 ක් තරම් අසන්න වුනු මේ වල්ගා තරුව පෘථිවියට ආසන්නතම ප්‍රවේශ ලබාගත්තේ 2022 වර්ෂයේ මැයි 31 වැනිදා. ඒ සැතපුම් මිලියන 181 ක් නැත්නම් අභයවකාශ ඒකක 1.2ක් තරම් ආසන්න දුරකදි. මේ වල්ගතරුව මැයි මාසයේ ඉදලා ජුලි මැද දක්වා කාලය තුළ රාත්‍රි අහසෙ පෘථිවි වැසියන් ට බලා ගැනීමට හැකියාව ලැබුණා.
- 73P/Schwassmann-Wachmann 3
වර්ෂ 2022 අගෝස්තු මස විසි මාසේ 25 වෙනිදා සූර්යයාට කිලෝමීටර මිලියන 145 ක් නැත්නම් අභ්‍යවකාශ ඒකක 1ක් තරම් ආසන්යට මේ වල්ගතරුව ලංවෙනවා. 2022 වර්ෂයේ සැප්තැම්බර් 22වැනිදා ට එය පෘථිවියට අභ්‍යවකාශ ඒකක 1ක් නැත්නම් කිලෝමීටර මිලියන 145 ක් දුරින් නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ලැබෙනවා. ලංකාව වගේ දක්ෂිණ අර්ධ ගෝලයේ රටවල් වලට මේ වල්ගාතරුව බලාගන්න වෙන්නේ අඟල් 14 ක වත් විෂ්කම්භය සහිත දුරේක්ෂයකින්. ඊට හේතුව වන්නේ වෙන්නේ මේ වල්ගා තරුවේ උපරිමය විශාලත්වය මැග්නිටියුඩ් එකක 11.5 පමණ ඉතා අඩු අගයක් එහෙමත් නැත්නම් මේ වල්ගතරුව දීප්තිමත් කමින් ඉතා අඩු වීම.
- C/2021 P4 (ATLAS)
2022 වර්ෂයේ ජූලි මස 30 වෙනිදා සූර්යයාට කිලෝමීටර මිලියන 162ක්, නැත්නම් අභ්‍යවකාශයට ඒකක 1.1ක් තරම් ආසන්න වන මේ වල්ගතරුව පෘථිවියට ආසන්නතම ප්‍රවේශය ලබා ගන්නේ ජුලි මාසයේ 13 වැනිදා කිලෝමීටර මිලියන 293ක් නැත්නම් අභ්‍යවකාශයේ ඒකක 2ක් පමණ ආසන්න වෙමින්. ජුනි මාසය පුරාවටම වයඹ දිග අහසේ පහතින් මේ වල්ගා තරුව නිරීක්ෂණය කිරීමේ හැකියාව තියනවා.
- C/2022 E3 (ZTF)
වර්ෂ 2023 ජනවාරි 13 වැනිදා සූර්යයාට කිලෝමීටර මිලියන 165 ක් නැත්නම් අභ්‍යවකාශ ඒකක 1.1ක් තරම් ආසන්න වන මේ වල්ගා තරුව පෘථිවියට වඩාත්ම ආසන්න වන්නේ 2023 වර්ෂයේ පෙබරවාරි 2වෙනිදා. ඒ කිලෝමීටර් මිලියන 43 කින් නැත්නම් අභ්‍යවකාශයේ ඒකක 0.3ක් වගේ ඉතා ආසන්න දුරකින්. 2022 වර්ෂයේ නොවැම්බර් මාසේ මස අගදී මේ වල්ගාතරුවේ දීප්තිය විශාලත්වය මැග්නිටියුඩ් ඒකක 11 දක්වා අඩුවන අතර නත්තල වන විට ඒ කියන්නේ මේ වසරේ දෙසැම්බර් මාසෙ වෙනකොට මේ වල්ගතරුව තමන්ගේ දීප්තිය, මැග්නිටියුඩ් අගය 8.5 දක්වා වර්ධනය කරගන්නවා.
ඒ සමගම අපි ගෙනාව, මේ වල්ගතරු ලයිස්තුව මෙතනින් ඉවර වෙනවා. හැබැයි මේ ඉවර වෙන්නෙ මේ අවුරුද්දේ දර්ශනය වූ සහ ඉදිරි මාස කිහිපය තුළ දර්ශනය වීමට නියමිත වල්ගා තරු පිළිබඳව ලයිස්තුව. යළිත් මීලඟ වීඩියෝවකින් ඊළඟ අවුරුද්දේ දර්ශනය වීමට නියමිත වල්ගතරු පිළිබඳව අපි කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. රාත්‍රී අහසේ පායන අතිශය සුන්දර වස්තුන් වලින් එකක් තමයි වල්ගා තරු කියලා කියන්නේ. මේ සුන්දර වල්ගාතරු අහස දෙස බලන ඕනෑම කෙනෙක්ගේ සිත ඇද බැඳ තබා ගන්නට තබාගන්නට සමත් වෙනවා නිසැකයි.
https://skyandtelescope.org/observing/comets-to-view-in-2022