Cassini Crashing Into Saturn

කැසිනි කියලා කියන්නේ සෙනසුරුගේ සහ උපග්‍රහයන්ගේ ආශ්චර්යමත් තොරතුරු හෙළි කර ගැනීමට නාසා ආයතන මගින් 1997 ඔක්තෝබර් 15 වෙනිදා අභ්‍යවකාශ ගත කරපු යානයක්. මේකෙ හරි නම කැසිනි huygens. “giovanni කැසිනි” සහ “christiaan huygens” කියන තාරකා විද්‍යාඥයන් දෙන්නට ගරු කිරීමක් විදිහට තමයි මේ යානාව කැසිනි-huygens නමින් නම් කරලා තිබුණේ.

කැසිනි යානයේ ගමන් මග (astrography.com)
කැසිනි දුටු Iapetus

වසර හතක අභ්‍යවකාශ ගමනකින් පස්සේ 2014 ජුනි 30වෙනිදා, සෙනසුරුගෙ කක්ෂයට ඇතුල් වෙන කැසිනි යානයෙන් වෙන් වෙන හයිජන්ස් ප්‍රෝබ් එක ටයිටන් චන්ද්‍රයා මතට 2005 ජනවාරි 14 වෙනිදා ගොඩබසිනවා. 

2007 සැප්තැම්බර් 18 වෙනිදා කැසිනි යානය සෙනසුරුගෙ තවත් චන්ද්‍රයෙක් වන “ඉඇප්ටස්ට” කිලෝමීටර 1600ක් තරම් සමීප වෙනවා.

2009 ජුලි 8 වෙනිදා ටයිටන් මත දියර පවතින බවට සනාථ කරගන්නෙ ටයිටන් මත ගොඩබැස්ස හයිජන්ස් ප්‍රෝබ් එක. කැසිනි යානය ගෙන ගිය හයිජන්ස් probe එක තමයි ඒ වෙද්දි ලෝක ඉතිහාසයේ සෞරග්‍රහ මන්ඩලයේ දුරම තියෙන ග්‍රහලෝකයකට නැත්නම් උපග්‍රහයෙකුට යවපු මිනිසුන් විසින් හදපු ප්‍රෝබ් එක. තමන්ගේ වසර 20ක ගමන් කාලය තුළ කැසිනි යානය, සෙනසුරු ගේ සහ බ්‍රහස්පතිගේ ඉතාමත් විශාල තොරතුරු ප්‍රමාණයක් අනාවරණය කර ගත්තා. සෙනසුරැ උපග්රහයන් මතුපිට තියෙන මෙතේන් ගංගා, මෙතේන් මුහුදු, බ්‍රහස්පතිට අයත් අලුත් උපග්රහයන් සොයාගැනීම සහ සෙනසුරුගේ වළලු පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට කැසිනි සමත් වුණා.

මේ සියල්ල අවසානයේ, කැසිනි යානය වසර 13ක සෙනසුරු මත තම සේවා කාලය අවසන් කරලා 2017දී සෙනසුරු වෙත කඩන් වැටෙනවා. එහෙම කලේ ඇත්තටම ඒ වෙනකොටත් තාරකා විද්‍යාඥයෝ විද්‍යාඥයෝ උපකල්පනය කළා සෙනසුරුගෙ ටයිටන් කියන උපග්‍රහයා මත යම් ආකාරයක ජීවයක් පවතින්නට පුළුවන් කියලා. යම් හෙයකින් කැසිනි යානය titan මතට කඩාගෙන වැටුනොත් එහි පවතින ජීව ආකාර වලට යම්කිසි හානියක් වෙන්න පුලුවන් නිසා තමයි මේ විදියට සෙනසුරු මතට මේ යානය පතිත කරවන්නේ.

කැසිනි දුටු සෙනසුරු (nasa.gov)

මෙලෙස වසර 13ක් තිස්සේ සෙනසුරු වටා නිරීක්ෂණ වට 22ක් යෑමෙන් පසු, 2017 සැප්තැම්බර් මස 15 වෙනිදා, කැසිනි      තම අවසානය      සෙනසුරුගේ      ඉහල වායුගෝලයදී දැවෙමින් සටහන් කලා.

Source:
National Geographic  : Crashing Into Saturn

spot_imgspot_img

Subscribe

Related articles

අභ්‍යවකාශ ඡායාරූප: උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය ගිනිකඳු වසා ගනී! 🌋

අභ්‍යවකාශ ඡායාරූප මගින් උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය පැසිෆික් වයඹ දිග ගිනිකඳු වසා ගන්නා ආකාරය නිරීක්ෂණය කෙරේ. අභ්‍යවකාශයේ සිට පෘථිවියේ දසුන් මෙන්න.

Will the new moon race turn Earth’s nearest neighbor into a dumping ground?

🚀 සඳ මතට යෑම තරඟයක් වෙද්දී... අපේ අසල්වැසියා 'කුණු...

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here