කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය Kepler Space Telescope

අවුරුදු දහස් ගණනක් තිස්සේ මිනිස්සු කල්පනා කරපු ප්‍රශ්නයක් තිබුන. පෘථිවිය මගින් වෙනත් ග්‍රහලෝක තියෙනවද ? ඒවායේ වෙනත් ජීවීන් වාසය කරනවද?

ඔය අතරතුර, පහුගිය ශත වර්ෂ කිහිපය අතර කාළයේදී පිටසක්වළ ජීවීන් පිළිබඳ කතා සහ පිටසක්වල යානා පිළිබඳ කතා ඕනෑ තරම් මිනිසුන් අතර හුවමාරු වුනා.

1950 දශකයෙන් පස්සෙ, තාරකා විද්‍යාවෙන් සිදු වෙච්ච දියුණුවත් සමඟම ආරම්භ කරපු නාසා ආයතනයෙන් උත්සාහ කළා මෙන්න මේ අපි මුලින් කියපු ප්‍රශ්නයට උත්තරයක් හොයන්න. අවසානයේ දී වසර කිහිපයක අධ්‍යයනය කාලසීමාවකින් පස්සේ වර්ෂ 2009 මාර්තු මාසේ 7 වැනිදා, පෘථිවියට සමාන ග්‍රහලෝක සොයන්න නාසා ආයතනයෙන් අභ්‍යාවකාශ ගත කරනවා කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය. මේ දුරේක්ෂයට කෙප්ලර් කියලා නම තියලා තිබුණේ අභ්‍යවකාශ විද්‍යාව වෙනුවෙන් අනගි සේවාවක් සිදු කරපු ජොහැනස් කෙප්ලර් තාරකා විද්‍යාඥයාට ගරු කිරීමක් වශයෙන්. වසර තුනහමාරක සේවා කාලයක් සඳහා මුලින් සැලසුම් සකස් කරලා තිබුන තිබුනත් අවසානයේ දී එය වසර  9 මාස 7 දවස් 23ක සේවා කාලයකින් පස්සේ වර්ෂ 2018 ඔක්තෝබර් මාසයේ 20 වෙනිදා තමන්ගේ සේවා කාලය අවසාන කරනවා.

2009 මාර්තු 7 කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය රැගෙන අභ්‍යාවකාශගත වන Delta II රොකට්ටුව

මිනිසාට වාසය කිරීමට සුදුසු අන්දමේ හෝ ඒ ආසන්න හැකියාවක් පවතින පෘථිවියේ ප්‍රමාණයට සමාන, අභ්‍යවකාශයේ පවතින ග්‍රහලෝක සොයා ගැනීමට සහ ක්ෂීරපථයේ පවතින තරු බිලියන ගණනින් කොපමණ සංඛ්‍යාවක් එවැනි ග්‍රහලෝක ඇත්දැයි තක්සේරු කිරීම තමයි මේ කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය පැවරුණු රාජකාරිය. අවසානයේදී කෙප්ලර් දුරේක්ෂය විසින් තාරකා 530,506ක් පිළිබඳව අධ්‍යයනයක් සිදු කරල තිබුණු අතර ම පෘථිවියට සමාන තවත් ග්‍රහ ලෝක 2,662ක් සොයාගෙන තිබුණ.

කෙප්ලර් දුරේක්ෂය දියත් කිරීමට පෙර තාරකා විද්‍යාඥයන් හිතාගෙන හිටියේ බොහෝ ග්‍රහලෝක බ්‍රහස්පති වගේ විශාල ග්‍රහලෝක වෙන්න පුළුවන් කියලා. කෙප්ලර් දුරේක්ෂය කොච්චර සංවේදී ද කියනවා නම්, ඉතා කුඩා ග්‍රහලෝක පවා සොයා ගැනීමට මේ හරහා පුළුවන්කම ලැබුණා. තාරකා විද්‍යාඥයින්ට මේ හරහා තේරුම් ගියා ක්ෂීරපථය ග්‍රහලෝක වලින් පිරිගිය මන්දාකිණියක් කියලා. 

කෙප්ලර් සොයා ගත්ත සමහර ග්‍රහලෝක ඔවුන්ගේ මව් තාරකාවට ආසන්නව කක්ෂගත වෙලා තිබුන නිසා යකඩ උණු කරන්න තරම් ඉතාමත් අධික උෂ්ණත්වයක් තිබුණා. ඒවයින් සමහර ග්‍රහලෝකවල ද්‍රව සාගරයක් වගේ සම්පූර්ණ අර්ධ ගෝලයක් වසාගෙන තිබුණු අවස්ථා තිබුණා. නමුත් ඒවා ජලය පිරි සාගර නම් නෙමෙයි, ඒවා උණු වෙච්ච ගල් පර්වත වලින් පිරුණු සාගර. 

ඔබ ස්ටාර් වෝස් චිත්‍රපටි මාලාව බලන නැත්නම් බලපු  කෙනෙක් නම් ඔබට මතක ඇති “ස්ටාර් වෝර්ස් : එපිසෝඩ් 4 – අ නිව් හෝප්” කියන චිත්‍රපටයේ දී එක් දර්ශන තලයක දී පෙන්වනවා අහසෙහි ඉරවල් දෙකක් පායලා තියෙන ආකාරයක්. කෙප්ලර් දුරෙක්ෂයේ අපූරු සොයා ගැනීම් අතර මේ විදිහට ඉරවල් දෙකකින් පෝෂණය වන ග්‍රහ මණ්ඩලයක් පවා තිබුණා. කෙප්ලර්ගේ සොයාගැනීම් වලින් තේරුම්ගත්ත තවත් දෙයක් තමයි, ක්ශීරපථයේ තියෙන ගොඩක් ග්‍රහලෝක අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක වගේ නොවන බව. මේ බොහෝ ග්‍රහලෝක පෘථිවිය සහ නෙප්චූන්ගේ අතරමැදි ප්‍රමාණයන්ගෙන් තිබුනත් ඒවා සෑදී ඇත්තේ මොනවයින්ද කියන එක ගැන විද්‍යාඥයන්ටත් තියෙන්නේ කුතුහලයක්. 

අවසාන වශයෙන් අප රාත්‍රී අහස දෙස බලා සිටින අවස්ථාවක, අප දකින සෑම තාරකාවක්ම අවම වශයෙන් එක් ග්‍රහලෝකයක් හෝ ඇති බව දැන් අප දනිමු. නුදුරු අනාගතයේදී, කෙප්ලර් මෙහෙයුමෙන් සොයාගත් ජීවයට හිතකර ග්‍රහලෝක 2662 තොරතුරු සෙවීමට චන්ද්‍රකා සහ අභ්‍යවකාශ යානා පෘථිවියෙන් පිටව යනු ඇති. 

Nasa : Legacy Of Nasa’s Kepler Space Telescope: More Planets Than Stars

spot_imgspot_img

Subscribe

Related articles

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...

ජේම්ස් වෙබ් දුරේක්ෂය පෘථිවියට ආසන්න වල්ගා තරුවකින් සොයාගත්තෙ මොනවද ?

මේ පෘතුවියේ විද්‍යාව කියලා කියන්නේ හරිම පුදුම දෙයක්. හැමදාම...

Travel with බෙනූ

බෙනූ සළකුණුගල් පර්වතයFAQ වර්ෂ 2018දී පෘථිවියට ආසන්න ග්‍රහකයක් වන benu...

පාර්සෙක් ඒකකය

පාසෙක් ඒකකයචාප කෝණය තරු අහස එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here