තාරකා විද්‍යාවේ නව මං පෙත් විවර කළ මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය

මීට අවුරුදු 35කට විතර කලින් සෝවියට් සංගමය විසින් අභ්‍යවකාශ ගත කරනවා අපූරු අභ්‍යවකාශ යානයක්. මීර් යන නමින් හැඳින්වුණු මේ අභ්‍යාවකාශ යානයේ රුසියානු භාෂාවෙන් තේරුම වෙන්නේ ලෝක සාමය කියන එක. තරු අහස අද වීඩියෝව වෙන්වන්නේ වෙන් වන්නේ මේ මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉතිහාසය සහ අභ්‍යවකාශය පිළිබඳ අපගේ දැනුමට එහි දායකත්වය පිළිබඳ කතා කරන්න.

පෘථිවියට ඉහළින්  රඳවා තබන අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් පිළිබඳ අදහස මතු වුණේ 1970 අග භාගයේ දී. ඒ වෙනකොටත් සැලියුට් කියලා තනි මොඩියුල අභ්‍යවකාශ මධ්‍යස්ථාන මාලාවක් දියත් කරලා තිබුන සෝවියට් සංගමයට දිගුකාලීන භාවිතය සඳහා බහු මොඩියුල නැවතුම්පොළක් තනාගන්නට අවශ්‍යතාවයක් ඇති වුණා. වර්ෂ 1986 පෙබරවාරි මාසේ 20 වෙනිදා සෝවියට් සංගමය මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ core module එක සාර්ථකව කක්ෂ ගත කරන ලද අතර ඉන්පසුව ගත වූ වසර 10 තුළ තවත් මොඩියුල හයක් එයට එක් කරනු ලැබුවා. 

මූලික මොඩියුල ගගනගාමින් සඳහා ප්‍රධාන වාසස්ථානය සැපයූ අතර අනෙකුත් මොඩියුල වල බොහෝ දුරට විද්‍යාත්මක උපකරණ අඩංගු වුණා. ප්‍රධාන මොඩියුලය සහ අනෙකුත් මොඩියුල 6 ඇතුළුව සම්පූර්ණ මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය ටොන් 130ක පමණ බරින් යුක්ත වූ අතර එය එවකට පෘථිවි කක්ෂයේ විශාලතම කෘතිම චන්ද්‍රිකාව බවට පත්වුණා. මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මූලික වශයෙන් විද්‍යාත්මක පර්යේෂණ සඳහා අවකාශ රසායනාගාරයක් ලෙස භාවිතා කරනු ලැබුවා. කාර්ය මණ්ඩලය ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, තාරකා විද්‍යාව සහ කාලගුණ විද්‍යාව පිළිබඳ පර්යේෂණ සහ අධ්‍යයන 23,000ක් පමණ මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ දී සිදු කරනු ලැබුවා.  විනාඩි 92 දී පෘථිවිය වටා සම්පූර්ණ වටයක් ගමන් කරන මීර් අභ්‍යවකාශ අභ්‍යවකාශ මධ්‍යස්ථානය එලෙස ගමන් කළේ පැයට කිලෝමීටර 27,000 වැඩි වේගයකින්. ඒ අනුව මේ අවකාශ මධ්‍යස්ථානය දිනකට පෘථිවිය වටා පහළොස් සැරයක් පමණ ගමන් කොට තිබුණා.

මීර්’හි මූලික කොටස 1986 දී

දින 5510 පුරාවට අභ්‍යවකාශයේ කක්ෂගත කොට තිබූ තිබු මේ අවකාශ මධ්‍යස්ථානය දින 4592 පුරාවට ගගනගාමීන්ට පහසුකම් සැපයූවා. මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධාන මොඩියුලය ට අමතරව 1987දී තාරකා භෞතික විද්‍යා මොඩියුලයත්, 1989දී වැඩිදියුණු කරන ලද මොඩියුලයත්, 1990දී crystal නම් තාක්ෂණික මොඩියුලයත්, 1995 දී spectra නමින් හැඳින්වුණු බල මොඩියුලයත්, වර්ෂ 1995දී docking මොඩියුලයත්, අවසාන වශයෙන් 1996 දී පෘථිවි සංවේදක මොඩියුලයත් සම්බන්ධ කරනු ලැබුවා. 

මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය අභ්‍යවකාශයේ දීර්ඝතම තනිව රැඳී සිටීමේ වාරි මේ වාර්තාව ද පිහිටුවනු ලැබුවා. රුසියානු ගගනගාමියෙකු වන “වැලරි පොල්‍යකොව්” දින 437 පැය 17 මිනිත්තු 38ක කාලයක් මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තනිව ජීවත්වුණා. නාසා ගගනගාමී “shannon ලුසිඩ්” දින 180 පැය 4, මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ හිඳීමෙන්, එවකට කාන්තාවක් විසින් අභ්‍යවකාශයේ සිටිනු ලැබූ දීර්ඝතම කාලය වෙනුවෙන් වූ වාර්තාව පිහිටවූවා. මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෙලෙස වාසය කළ ගගනගාමීන්ගේ අත්දැකීම් විශාල විද්‍යාත්මක වටිනාකමක් ඇති දත්ත වූ අතර දිගුකාලීන මානව අභ්‍යවකාශ තරණය පිළිබඳ ජෛව වෛද්‍ය අධ්‍යයනයට ද බෙහෙවින් දායක වුණා. 

මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය ජාත්‍යන්තර සහයෝගිතාවය සඳහා අනුපමේය මෙහෙයක් ඉටු කළා. තම ජීවිත කාලය තුළ මේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය එක්සත් ජනපදය, ප්‍රංශය, ජර්මනිය, සිරියාව, බල්ගේරියාව, ඇෆ්ගනිස්තානය සහ ජපානය ඇතුළු විවිධ රටවල් 12ක ගගනගාමින්  125 දෙනෙකුට සත්කාර ලබා දුන්නා. වර්ෂ 1995 දී මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය කක්ෂ ගත කොට වසර 9කට පසු Shuttle-mir නම් සහයෝගිතා අභ්‍යවකාශ වැඩසටහන අතරතුර ඇමරිකානු ඇට්ලාන්ටිස් ෂටලය ප්‍රථම වරට මීර් අවකාශ මධ්‍යස්ථානය හා සම්බන්ධ වුණා. එය වර්ෂ 1975 ඇපලෝ සෝයූස් පරීක්ෂණ ව්‍යාපෘතියෙන් පසු රුසියානු අභ්‍යවකාශ යානයක් සමඟ සම්බන්ධ වුණු පළමු එක්සත් ජනපද අභ්‍යවකාශ යානය බවට පත්වුණා.

1995 ජුලි මසදී, ඇට්ලාන්ටිස් ශටලය සමග එකතු වූ මීර්

අවාසනාවකට මීර් අවකාශ මධ්‍යස්ථානයේ ඉතිහාසය ජයග්‍රහණ සහ ලෝක වාර්තා වලින් පමණක් සමන්විත වෙන්නේ නැහැ. කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට තර්ජනයක් වූ ගින්නක් සහ සැපයුම් වාහනය ගැටීම ඇතුළු විවිධ අනතුරුවලින් ද මේ මීර් ආකාශ මධ්‍යස්ථානයේ ඉතිහාසය සමන්විත වුණා. වර්ෂ 1997 සැපයුම් වාහනය හා ගැටීමෙන් සිදුවූ අනතුරෙන් spectra මොඩියුලය නම් වූ වූ තාක්ෂණික මොඩියුලයේ සූර්යපැනල බිඳී යාමක් සිදු වුණා. මෙලෙස සිදු වූ අනතුරුදායක අනතුරු ගණනාවක් මෙන්ම තාක්ෂණික සහ මූල්‍ය හේතුවක් මත මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය 2001 වර්ෂයේ මාර්තු මාසයේදී කක්ෂයෙන් ඉවත් කරනු ලැබුවා.

විනාශ වූ සූර්‍ය පැනල

මෙලෙස කක්ෂයෙන් ඉවත් කරනු ලැබූ මීර්  අඅභ්‍යාවකාශ  මධ්‍යස්ථානයේ බොහෝ කොටස් පෘථිවි වායුගෝලයේ දී දැවී ගියා. කෙසේ වෙතත් ගිනි නොගත් කොටස් දකුණු පැසිෆික් සාගරයේ අභ්‍යවකාශ යානා සුසාන භූමියට වැටී තිබුණා. මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය තවදුරටත් ක්‍රියාත්මක නොවුනත් එය ලෝකයේ අභ්‍යවකාශ විද්‍යාවේ ප්‍රගතියට විශාල දායකත්වයක් ලබා දුන්නා. අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මඩවල ඇස් සැලසුම එහි ආසන්නතම අනුප්‍රාප්තිකයා වන ISS නැත්නම් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තාක්ෂණික පදනම සකස් කළා. අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සම්මතයක් වන බහුවිධ සංස්කෘතික සහයෝගිතාවයද මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ආරම්භ වූවක්.


ෆීජි දූපත් වලට පෙනුන, 2011 පෘථිවි වායුගෝලයට නැවත ඇතුල් වන මිර්ගේ සුන්බුන්.

Source : Wikipedia

spot_imgspot_img

Subscribe

Related articles

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...

ජේම්ස් වෙබ් දුරේක්ෂය පෘථිවියට ආසන්න වල්ගා තරුවකින් සොයාගත්තෙ මොනවද ?

මේ පෘතුවියේ විද්‍යාව කියලා කියන්නේ හරිම පුදුම දෙයක්. හැමදාම...

Travel with බෙනූ

බෙනූ සළකුණුගල් පර්වතයFAQ වර්ෂ 2018දී පෘථිවියට ආසන්න ග්‍රහකයක් වන benu...

පාර්සෙක් ඒකකය

පාසෙක් ඒකකයචාප කෝණය තරු අහස එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට...

2M1207 extrasolar planetary System

විද්‍යාවේ දියුණුවත් එක්ක මානව ශිෂ්ටාචාරයේ විවිධ කඩඉම් පසු කරන්නට...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here