ඕසිරිස්-රෙක්ස් යනු, සෞරග්‍රහ මණ්ඩලයේ, ආරම්භයේ සිටම, ඉතිරිව ඇති, බෙනූ නම් පෘථිවියට ආසන්න ග්‍රහකයක් ගවේෂණය කිරීම සහ බෙනූගේ නියැදියක් නැවත පෘථිවියට ගෙන ඒම සඳහා වූ නාසා මෙහෙයුමක්. 2016 සැප්තැම්බර් 8 වන දින ඕසිරිස්-රෙක්ස් ෆ්ලොරිඩාවේ කැනවරල් තුඩුවේ සිට ඇට්ලස් 5 රොකට්ටුවකින් බෙනූ වෙත සිය ගමන ආරම්භ කළා. ගුවන්ගත වී පැයකට පමණ පසු, රොකට්ටුවෙන් වෙන්වී තම ගමන ආරම්භ කළ ඕසිරිස්-රෙක්ස් සූර්යයා වටා වසරක කක්ෂගත වීමකින් පසු යලි 2017 වසරේ සැප්තැම්බර් මාසයේදී ගුරුත්වාකර්ෂණ තල්ලුවක් සඳහා පෘථිවිය දෙසට පැමිණියා. මේ අවස්ථාවේදී ඕසිරිස්-රෙක්ස් ඇන්ටාක්ටිකාවට කිලෝමීටර 18,000ක් ඉහල අහසේදී පෘථිවිය සහ චන්ද්‍රයාගේ රූප හා වර්ණාවලී ග්‍රහණය කරගැනීම සඳහා තම උපකරණ ඒ දෙසට යොමු කොට තිබුණා.
පෘථිවියෙන් ලද ගුරුත්වාකර්ෂණ තල්ලුව නිසා බෙනූගේ කක්ෂය සමග සමපාත වීමට අවශ්‍ය ආනතිය ලද ඕසිරිස්-රෙක්ස් වර්ෂ 2018 අගෝස්තු මාසයේදී බෙනූ වෙත ළං වුණා. මේ වෙනකොට ඕසිරිස්-රෙක්ස්ගේ දිගු-දුර කැමරාව බෙනූ වෙත යොමු කරලා තිබුණු අතර තාරකා විද්‍යාඥයින්ට ආරම්භයේදී දකින්න පුළුවන් උනේ බෙනූ තනි පික්සලයක වස්තුවක් විදිහට. ඊළඟ මාස කිහිපය තුළ බෙනූ තනි පික්සලේක ඉඳලා සම්පූර්ණ ග්‍රහකයක් බවට වර්ධනය වීමත් සමඟ එහි හැඩය, භ්‍රමණය සහ වර්ණ පිළිබඳව ප්‍රථම වරට හෙළිවුණා. වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ තමන්ගේ ඉලක්කය හඹා යාමෙන් පස්සේ ඕසිරිස්-රෙක්ස් 2018 දෙසැම්බර් 3 වැනිදා බෙනූගේ ප්‍රවේගයට ගැලපෙන පරිදි තමන්ගේ වේගය තබාගනිමින් මූලික සමීක්ෂණ ආරම්භ කළා.
ඕසිරිස්-රෙක්ස් බෙනූගේ සමකයට සහ ධ්‍රැව වලට ඉහළින් ගමන් කරමින් එහි පිහිටීම සහ ස්කන්ධය මිනුම් කළ අතරම එහි හැඩය සහ භ්‍රමණය පිළිබඳ දත්ත ද එක් රැස් කළා. වර්ෂ 2019 ජනවාරි පලවෙනිදා ඕසිරිස්-රෙක්ස් බෙනු ග්‍රහකයට කක්ශගත වීමත් සමග එය අභ්‍යවකාශ යානයක් කක්ෂගත වූ කුඩාම කුඩා ම වස්තුව බවට පත් වුණා. 2019 වර්ෂයේ මුල් භාගයේ දී ඕසිරිස්-රෙක්ස් බෙනු පිළිබඳව වඩාත් විස්තරාත්මක සමීක්ෂණයක් සිදු කළා. විවිධ අක්ෂාංශ අනුව යමින් බෙනූව නිරීක්ෂණය කිරීමෙන් ඕසිරිස්-රෙක්ස් විසින් බෙනු මත පිහිටි විශාල පාෂාණ හඳුනා ගනු ලැබුවා.
ඕසිරිස්-රෙක්ස් සිය දෙවන සිතියම්කරණ මෙහෙයුමේ දී බෙනූගේ සමකය වටා විවිධ ස්ථාන හතකින් නිරීක්ෂණය කළා. ඒ සෑම ස්ථානයකම සිට එහි සිතියම්කරණ කැමරාව, ලේසර් altimeter සහ වර්ණාවලිමානය භාභාවිතා කරමින ධ්‍රැවයේ සිට ධ්‍රැවය දක්වා මිනුම් ලබා ගත්තා. මෙසේ එක් රැස් කර ගන්නා ලද දත්ත මගින් බෙනූගේ විද්‍යාත්මක ලක්ෂණ සහ එහි සංයුතිය පිළිබඳ සවිස්තරාත්මක පෙනුමක් පෘථිවියේ තාරකා විද්‍යාඥයින් නිර්මාණය කළා. එලෙස නිර්මාණය කරන ලද බෙනූගේ මතුපිටින් නියැදි එකතු කිරීමට සුදුසු ස්ථාන සොයා පෘථිවියේ තාරකා විද්‍යාඥයින් මෙහෙයුම් සකස් කළා. සවිස්තරාත්මක නිරීක්ෂණයකින් පසු ඔසිරිස් රෙක්ස් නැවත වරක් කක්ෂයට පිවිසුණා.
කිලෝමීටරයක පමණ අරයක් සහිතව දෙවන කක්ෂයට අනුගත වන ඔසිරිස් රෙක්ස්, නියමිත නියැදි එකතු කරන තෙක් එම කක්ෂයේ ගමන් කරමින් බෙනූ ග්‍රහකය යටින් භ්‍රමණය වෙමින් යළිත් බෙනූව සිතියම් ගත කළා. යළිත් 2019 වර්ෂයේ මැද භාගයේ දී කක්ෂය මදක් මෙපිටට පැමිණ මීටර 225 ක පමණ උසකදී නියැදි ලබාගැනීම සඳහා ස්ථාන හතරක් පිළිබඳව අධ්‍යයනය කළා. එලෙස ඕසිරිස්-රෙක්ස් බෙනූගේ ආසන්නයටම පැමිණීමෙන් බලාපොරොත්තු වන්නේ නියැදි එකතු කිරීමේදී අනතුරක් විය හැකි ගල්කුළු අනාවරණය කරගැනීම. අවසානයේදී විද්‍යාඥයන් විසින් හොඳම ස්ථාන දෙකක් වෙන් කර ගත්තා.
යළිත් මීටර 525 ක පරාසයක දී ඕසිරිස්-රෙක්ස් එම අදාල අදාල ස්ථාන දෙක හරහා පියාසර කරන අතර මෙහිදී එම ස්ථාන දෙකේ රසායනික සංයුතිය හෙළි කිරීම සඳහා අධ්‍යනයන් සිදු කරනවා. මෙම තොරතුරු උපකාරී වෙනවා විද්‍යාඥයින්ට නියැදි කිරීම සඳහා සදහා උචිතම ස්ථානය සොයා ගැනීම සඳහා. අවසාන වශයෙන් තෝරා ගත් ස්ථානයේ සිට ඕසිරිස්-රෙක්ස් තමාගේ පෙපෙරහුරුව ආරම්භ කරනවා. මෙහිදී මුලින්ම සිදු වෙන්නේ වන්නේ, එය කලින් තීරණය කර ගත්තු ස්ථානයකට ස්වයංක්‍රීයව පියාසර කිරීමට පුරුදු වෙන එක. අනතුරුව ඕසිරිස්-රෙක්ස් විසින් match point ලෙස හඳුන්වන තවත් ස්ථානයකට පියාසර කිරීම පුහුණු කරනවා. බෙනූගේ වේගය සහ භ්‍රමණය සමඟ සැසඳීම සඳහා අභ්‍යවකාශ යානය බෙනූ ගේ මතුපිට ඉඳල මීටර් 30ක් දක්වා ආසන්නයට එනවා.
අවසාන වශයෙන් 2020 මැද භාගයේදී ඕසිරිස්-රෙක්ස් බෙනූගේ නියැදියක් එකතු කරගන්න සූදානම් වෙනවා. ඔසිරිස් රෙක්ස් යානය බෙනූගේ පෘශ්ඨය්ස් ස්පර්ශ කරලා නියැදියක් එකතු කරගන්න මෙහෙයුමේ යන්ත්‍රණය සඳහා විද්‍යාඥයෝ භාවිතා කරනවා ටැග්සැම් ආර්ම් කියලා නව තාක්ෂණයක් සහිත රොබෝ අතක්. සියල්ල අවසානයේ දී ඕසිරිස්-රෙක්ස් තත්පරයට සෙන්ටිමීටරයක වේගයෙන් බෙනූගේ ගේ පෘශ්ඨය කරා ළඟාවෙනවා.
නියැදි එකතු කිරීමට ටැග්සැම් ආර්ම් එක පහලට ස්පර්ශ වෙනවත් එක්කම එයින් අධි පීඩන නයිට්‍රජන් වායුව පසට වේගයෙන් ගසා බර නැති ද්‍රව්‍ය අවුස්සනවා. මේ ආකාරයට එකතු කරගන්නා නියැදි අතර බෙනූගේ පාෂාණ ද වනවා. නියැදි එකතු කළ පසු ඕසිරිස්-රෙක්ස් ඉහළට එසවෙන අතර, ආරක්ෂිත දුරක් කරා පසු බසිනවා. එහිදී යානය විසින් සෑම් cam නම් කැමරාවක් භාවිතා කරමින් නියැදියේ තත්ත්වය පරික්ෂා කරනවා. මෙම දෘශ්‍ය පරීක්ෂාව මගින් කරන්නේ සාම්පලයකට කිසියම් විශාල සුන්බුන් හසුවෙලා තියෙනවද සහ එය ගබඩා කිරීමේදී අනතුරක් වෙලා තියෙනවද කියන කාරණාව.
ඊළඟට නියැදියේ ස්කන්ධය මැන ගනු ලබනවා. අවම වශයෙන් ග්‍රෑම් 60ක් වත් නියැදිය එකතු වී ඇත්නම් සහ අනතුරුදායක සුන්බුන්වලින් තොර වී නම් නියැදිය ගබඩා කිරීමට අභ්‍යවකාශ යානයට අණ ලැබෙනවා. අනතුරුව ඕසිරිස්-රෙක්ස් සාම්පල් කැප්සුලය මුද්රා කර නැවත පෘථිවිය කරා ගමන් කිරීමට සූදානම් වෙනවා. 2021 වර්ෂය මුල් භාගයේ දී බෙනූ ග්‍රාහකයෙන් ඉවත්වන ඕසිරිස්-රෙක්ස් 2023 වර්ෂය අගභාගයේ දී නැවත පෘථිවියට පැමිණීමට නියමිතයි.
අභ්‍යවකාශ යානය පෘථිවියට පැමිණීමට පැය හතරකට පෙර සාම්පල අඩංගු කැප්සුලය යානයෙන් වෙන් කොට මුදා හරිනු ලලබනවා. කැප්සූලය පෘථිවියට රාත්‍රියේදී ඇතුල් වන අතර වායුගෝලය හරහා මධ්‍යම california වෙරළ තීරය දෙසට තත්පරයට කිලෝමීටර් 12ක පමණ වේගයෙන් ගමන් කරනවා. ඌටා කාන්තාරයට ගොඩබසින කැප්සූලයෙන් නියැදිය වෙන්කර ගන්නා අතර ටෙක්සාස්හි හූස්ටන්හි nasa johnson අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇති ඕසිරිස්-රෙක්ස් නියැදි වෙන් කිරීමේ මධ්‍යස්ථානයට ගෙන යනු ලබනවා.
මේ සියල්ල අවසානයේ දී ඕසිරිස්-රෙක්ස් විසින් ගෙන ආ බෙනූගේ නියැදි පරික්ෂා කිරීමෙන් අනතුරුව සෞරග්‍රහ මණ්ඩලයේ මූලාරම්භය සිදුවූයේ කෙසේදැයි අධ්‍යයනය කිරීම සහ පෘථිවියේ පරිණාමය සහ ජීවයේ මූලාරම්භය අධ්‍යයනය කිරීම තමයි විද්‍යාඥයන්ගේ අභිප්‍රාය වෙන්නේ.
Source :
NASA Goddard : Imaging Asteroid Bennu
NASA Goddard :Tour of Asteroid Bennu
Nasa.gov


