මොනවද මේ සෞරග්‍රහ මණ්ඩලය, මන්දාකිණිය සහ විශ්වයකියල කියන්නේ

සෞරග්‍රහ මණ්ඩලය, මන්දාකිණිය සහ විශ්වය. මොනවද මේ වචන වලින් කියවෙන්නෙ. ඒවා කොහොමද වෙනස් වෙන්නෙ.

අපි අද සොයමු සෞරග්‍රහ මණ්ඩලය, මන්දාකිණියමන්දාකිණිය සහ විශ්වය එකිනෙක වෙනස් වෙන්නෙ කොහොමද කියල.

අපේ සෞරග්රහ මණ්ඩලය ස්තානගත වෙලා තියෙන්නෙ ක්ෂීරපථය කියන මන්දාකිණියේ ඔරායන්  spur, නැත්තං ඔරායන් Arm කියන කොටසෙ.දැනටමත් ඔයාලා දන්න විදිහට ග්‍රහලෝක 8 කින් සහ උපග්රහයන් 150 වැඩි ප්‍රමාණයකින් සෞරග්‍රහ මණ්ඩලය සමන්විත වෙනවා. එම ග්‍රහලෝක පිලිවෙලින් ගත්තොත් බුධ, සිකුරු, පෘථිවි, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු. යුරේනස් සහ  නෙප්චූන් වනවා. ඒ අතරම තවත් වාමනග්‍රහයන්,  ඇස්ටරොයිඩ නැත්නම් ග්‍රාහක, වල්ගා තරු වගේ වස්තු කීපයකුත් අපේ මේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් වෙනවා. 

ගැලැක්සියක් මන්දාකිණියක් නැත්තං චක්‍රාවාටයක්, සෞරග්‍රහ මණ්ඩලයට වඩා බොහෝ  විශාල  වෙනවා. සරලවම කියනවනම් නම් සූර්යයා කියන්න එක තරුවක් ඒත්  ගැලැක්සියක් කියන්නේ ඒ වගේ තරු විශාල ප්‍රමාණයක එකතුවක්. ක්ෂීරපථයේ දැනට මේ වගේ තරු බිලියන 100- 400 ක් අතර ප්‍රමාණයක් තියෙනවා කියලා ගණන කරල තියනවා. ඒවායෙන් 3200කට විතර ඒවා වටේ පරිභ්‍රමණය වන  ග්‍රහලෝක තියෙනවා කියලත් මේ වන විට විද්‍යාඥයා හොයාගෙන තියනවා. මේ වගේ හොයාගත්ත එක්ක ග්‍රහලෝකයක් තමයි HD40307g කියලා කියන්නේ. පෘථිවියේ වගේ අට ගුණයක විතර ස්කන්ධයක් තියන මේකට සුපිරි පෘථිවිය කියලා කියනවා. මෙය ස්කන්ධය නිසාම බොහෝ දුරට ගුරුත්වාකර්ෂණ බලය සුපිරි පෘතුවියේ දී නම් බොහෝ දුරට වැඩි වේවි. කෙප්ලර් 16b කියන්නෙ ඒ වගේ සූර්යයන් දෙන්නෙක් වටේ පරිභ්‍රමණය වන පරිභ්‍රමණය වන ග්‍රහ ලෝකයක්.තවත් ග්‍රහලෝක පද්ධතියක් තියෙනවා  Trappist-1 කියන නමින්. මේකේ විශේෂත්වය තමයි පෘථිවියට සමාන ග්‍රහලෝක 7k එම පද්ධතියේ ප්‍රධාන තරුව වටා පරිභ්‍රමණය වන එක. මේ  තරු ගැන හොයන්නේ නාසා ආයතනයෙන් දියත් කරපු කෙප්ලර් මෙහෙයුමෙන්. මේ ගැන වැඩි විස්තර අපි කතා කරමු   ඉදිරි වීඩියෝවකදි .

මේ වගේ තියන මන්දාකිණි විශාල ප්‍රමාණයක් එකතු වෙච්ච තැන තමයි අපි කියන්නේ විශ්වය කියලා. තවත් විදියකට කිව්වොත් සූර්යයා වගේ තාරකා බිලියන   ගානක් එකතු වෙලා හැදුනු චක්‍රාවාට, බිලියන ගණනක් තියෙන තැනට අපි කියන්නේ විශ්වය කියලා. නාසා ආයතනයෙන් දියත් කරපු හබල් දුරේක්ෂය පෘථිවිය වෙත එවන ඡායාරූප දිහා බැලුවම අපට පේනවා ඒ වගේ චක්‍රාවාට විශාල ප්‍රමාණයක් මේ විශ්වයේ විසිරිලා තියෙනවා කියලා.. 2021  නොවැම්බර් මාමාසයේදී  නාසා ආයතනය විසින් උඩු ගුවනට එක් කිරීමට නියමිත James Webb අභ්‍යවකාශ දුරේක්ෂය තමන්ගේ මෙහෙයුම් ආරම්භ කළාට පස්සේ අපිට විශ්වයේ රහස් සොයන්නට තවදුරටත් හැකියාව ලැබේවි. 

අවසාන වශයෙන් ඔබ පෘථිවියේ සිටින බිලියන ගණනක් මිනිසුන් අතරින් එක් අයෙක්, ඔබ සිටින පෘථිවිය සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 8 න් එකක්, මේ  සෞරග්‍රහ මණ්ඩලය ක්ෂීරපථයේ තියෙන තාරකා පද්ධති බිලියන ගණනින් එකක්, ක්ෂීරපථය කියන්නේ විශ්වයේ තියෙන බිලියන ගණනක් වූ මන්දාකිණි අතරින් එකක්. 

Source:

https://en.wikipedia.org/wiki/Universe
MooMooMath and Science
nightsky.jpl.nasa.gov

spot_imgspot_img

Subscribe

Related articles

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here