අහසෙ පාවෙන්න අකමැති කවුද. මෑත කාලය දක්වාම අභ්‍යාවකාශ යානා, අභ්‍යවකාශ ගමන් යන වචන භාවිතා උනේ මනා පුහුණුවක් ලද නාසා වගේ විෂේශ ආයතවල අයට පමණයි. ඒත් මෑතකදි SpaceX, Blue Origin වගේ ආයතන හරහා සංචාරකයන්ට අභ්‍යාවකාශ සංචාර සඳහා මං විවර උනා. Virgin Galactic කියන්නෙත් ඒ වගේ ආයතනයක්. අද විමසුම Virgin Galactic ගැන.

වර්ජින් ගැලැක්ටික් ආයතනය 2004 දී ආරම්භ කරන ලද්දේ බ්‍රිතාන්‍ය ව්‍යවසායකයෙකු වන ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් විසින වන අතර ආරම්භයේදී මෙම ආයතනය මගින් කළේ කුඩා කුඩා චන්ද්‍රිකා පෘථිවි කක්ෂයට ගෙන යෑම සඳහා රොකට් සංවර්ධනය කරන එක. මේ අයගේ මූලික පරමාර්ථය වුණේ sub-orbital spaceflight, ඒ කියන්නේ ප්‍රති කක්ෂයට යන්නේ නැතුව අවකාශයට පමණක් ගමන් කරලා මෙහෙම කටයුතු සිද්ධ කරන එක. මේ කතාවේ ආරම්භය පොඩ්ඩක් පරණයි.
1994 දී Burt Rutan විසින් ආරම්භ කරන scaled composite සමාගම ඒ වසරේ ඉඳලා, අභ්‍යවකාශ ගමන් සඳහා ගුවන් යානයක් නිර්මාණය කරන්න space ship one කියලා ව්‍යාපෘතියක් ආරම්භ කරලා තිබුණා තුන් දෙනෙකුට යන්න පුළුවන් මේ space ship one කියන යානයට තනිව ගමනක් ආරම්භ කිරීමේ හැකියාව තිබුණේ නැහැ. ඒ සඳහා white night කියලා හඳුන්වන තවත් යානයක එල්ලගෙන ගමන ආරම්භ කරන අතර ඉහළ අහසේදී මේ space ship one කියන යානය නිදහස් කරනවා. නිදහස් කිරීමෙන් පස්සේ spaceship one යානය තමන්ගෙ වේගය වැඩි කරගෙන පෘථිවි මට්ටමේ ඉඳලා කිලෝමීටර 100ක් තරම් වූ උසකට ගමන් කරනවා. පරීක්ෂණ මෙහෙයුම් දහ හතරකට විතර පස්සෙ 2004 ජුනි මාසය මාසේ විසි එක් වෙනිදා පළමුවරට පළමු වරට මේ වරට මේ අභ්‍යවකාශ යානය සමත්වුණා කිලෝමීටර් සීයක උසකට ගමන් කරන්න.
2004 අවුරුද්දේ මේ වෙනකොට රිචඩ් බ්‍රැන්සන් විසින් virgin galactic ආරම්භ කරලා ටික කාලයක් වෙනවා. ඊට පස්සේ 2005 අවුරුද්දේ මේ virgin galactic සමාගමත් Burt Rutan ගෙ scaled composite සමාගමත් එකතුවෙලා The space company (TSC) කියලා නව සමාගමක් ආරම්භ කරනවා. එතනදී වෙන්න අර කලින් කියපු spaceship one යානය සංවර්ධනය කරලා spaceship 2 නමින් නව අභ්‍යවකාශ යානයක් සහ එය අභ්‍යවකාශය වෙත රැගෙන යාමට white night 2 නමින් තවත් යානයකුත් සංවර්ධනය කිරීම ආරම්භ කරනවා. මේ අලුත් යානයට නියමුවන් දෙදෙනෙක් ට අමතරව මගින් 6 දෙනෙකු රැගෙන කිලෝ මීටර් 110ක් පමණ උඩුගුවනට යන්නට පුළුවන් කම ලැබෙනවා. 2012 වසරේදී, Virgin Galactic ආයතනය විසින් The space company (TSC) හි බර්ට් රූටන් හට අයත් 30% හිමිකාරීත්වයද මිලදී ගනු ලැබීය. මෙම Virgin Galactic ආයතනයේ සභාපතිත්වය දැනට දරන්නු ලබන්නෙ ලංකාවේ ඉපදිලා පුංචි කාලෙදිම කැනඩාවට සංක්‍රමණය වෙච්ච ව්‍යවසායකයෙක් වන “චමත් පලිහපිටිය” මහතා විසින්.
කිලෝමීටර 15 ඉහළ අහසට පියාඹන white night 2 යානය, යටින් එල්ලගෙන යන spaceship 2 යානය නිදහස් කරනවා. ඊට පස්සේ spaceship 2 යානය රොකට් එන්ජිම ක්‍රියාත්මක වෙලා තත්පර 70ක ඉන්ධන දහනයෙන් පස්සේ අක්කට එන්ජිම නවතිනවා. මේ වෙද්දි ශබ්දයේ වේගය වගේ තුන් ගුණයකින් ඉහළ යන යානය ඉන්ධන අවසන් වීමත් සමග මිනිත්තු දහයක් පමණ නිදහසේ වැටෙන්නට පටන් ගන්නවා. මෙ කාලය තුළ යානය ඇතුළෙ සිටින මගීන්ට ලැබෙනවා තමන්ගෙ බර රහිත කාලයක් යානය තුළ එහා මෙහා ගමන් කරන්න.
කොහොමින් කොහොම හරි දෙදහස් පහේදී 2005 දී ආරම්භ වන මෙම ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු වසර ගණනාවක් තිස්සේ නොයෙකුත් බාධා හමුවේ ප්‍රමාද වීම් වලට ලක් වෙනවා. 2007 වසරේ රොකට් එන්ජිමේ පරීක්ෂාවක් අතරතුර පුපුරා යෑමෙන් එක් අයෙක් මිය ගොස් තවත් තුන් දෙනෙකුට තුවාල සිදු වෙනවා. VSS Enterprises නමින් හඳුන්වපු මුල්ම space ship 2 යානය 2014 වර්ෂයේ ඔක්තෝම්බර් මාසේ 31 වෙනිදා යානය පරීක්ශණ පියාසැරියකදී කොටස්වලට වෙන් වී කඩා වැටීමෙන් එක් නියමුවෙක් මිය ගිහිල්ලා තවත් නියමුවෙකුට තුවාල සිදුවුණා. VSS Unity කියලා හඳුන්වන දෙවන spaceship 2 යානය 2018 දෙසැම්බර් 14 වැනිදා කිලෝමීටර් 82.72ක් ඉහළ අහසට පියාසර කළා. 2019 පෙබරවාරි 22 නැවතත් කිලෝමීටර 89.9 ඉහළ අහසට පියාසර කරන VSS Unity යානය මෙම වසරේ මැයි විසි 22 දා තුන්වෙනි පියාසැරිය ලෙස යළිත් කිලෝමීටර 89.2ක් ඉහළ අහසට ගමන් කළා.

ඉන් නොනැවතුනු වර්ගින් ගැලැක්ටික් සමාගමේ දෙවන spaceship 2 යානය වන VSS Unity, Virgin Galactic සමාගමේ නනිර්මාතෘ වන “සර් රිචර්ඩ් බ්‍රැන්සන්” සහ තවත් ගගනගාමීන් තුන්දෙනෙකුද සමගින් 2021 ජුලි මස 21 වෙනිදා කිලෝමීටර් 86.1ක් ඉහළ අහසට ගමන් කරමින් නව වාර්ථා දෙකක් පිහිටවූවා. ඒ අනුව අභ්‍යවකාශයට ගගනගාමීන් රැගෙන ගිය පළමු වාණිජ අභ්‍යාවකාශ යානය VSS Unity යානය වූ අතර, අභ්‍යාවකායට ගිය පළමු බිලියනපතියා ලෙස සර් රිචර්ඩ් බ්‍රැන්සන් ඉතිහාස ගත වෙමින් වෙමින් අජටාකාශ ඉතිහාසයේ නව පරිච්ඡයක් ලියවූවා.
Source
https://investors.virgingalactic.com/governance/board-of-directors/default.aspx
https://en.wikipedia.org/wiki/Virgin_Galactic
Tech Space youtube Channel
ABC News
CNBC