අඟහරු ගැන කෙටියෙන්

පුරාණ රෝමානුවන්ට අනුව අඟහරු ග්‍රහයා සංකේතවත් කළේ රුධිරය සහ යුද්ධය. නමුත් අද වන විට බොහෝ මිනිසුන්ට මානව වර්ගයාගේ අනාගතය දීප්තිමත් කර ගැනීම සඳහා මහඟු අවස්ථාවක් මේ අඟහරුගෙන් පේනවා. අඟහරු ගේ කතාව ආරම්භ වෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහලෝක වගේම මීට වසර බිලියන 4.5 කට පමණ කලින්, වාතය සහ දූවිලි එකට එක්වෙලා සූර්යයාගේ ඉඳලා හතරවැනි ග්‍රහලෝකය ඉදියට අඟහරුවා නිර්මාණය වීමත් සමඟ. අඟහරු කියන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලත්වය අතින් ගත්තොත් දෙවැනි කුඩාම ග්‍රහලෝකය වන අතර අප්‍රිකාවේ පළල වගේ විෂ්කම්භයක් තමයි අඟහරුට පිහිටලා තියෙන්නේ. සංඛ්‍යාත්මකව කිව්වොත් මේ අගය  කිලෝ මීටර 3300ක් නැත්නම් සැතපුම 2100 ක් විතර වගේ වෙනවා.

පෘථිවිය සහ අඟහරු (livingcosmos.com)

ඇත්තෙන්ම අඟහරුගේ මතුපිට ප්‍රමාණය පෘථිවියේ සියලු ගොඩබිම්වල එකතුවට ආසන්න වශයෙන්  සමාන වනවා. එම අගය වෙන්නේ වර්ග කිලෝමීටර මිලියන 144ක් පමණ. අඟහරුගේ කේන්ද්‍රය පාෂාණමය සංයුතියක් තියෙන අතර යකඩ නිකල් සහ සල්ෆර් වලින් හැදිලා තියෙන හරය නිසා අඟහරුගේ මුල් කාලය තුළ තුල ආරක්ෂිත චුම්භක ක්ෂේත්‍රයක් නිර්මාණය වෙලා තියෙනවා. හරය silicate ඛනිජ වලින් සාදන ලද පාෂාණමය ආවරණයක් වන අතර යකඩවලින් පොහොසත් කබොලක් තමයි අඟහරුට තියෙන්නෙ. මෙම යකඩ ඛනිජ ලවණ, ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කරමින් වායුගෝලයේ මලකඩ ගතියක් නිර්මාණය කරනවා.

මේ නිසා තමයි බොහෝ දුරට රතු මිශ්‍ර පරිසරයක් අඟහරුගේ පෘෂ්ඨය තුළ දකින්නට ලැබෙන්නේ. මේ රතු පෘෂ්ඨය පෘථිවියේ ඉඳල බලද්දි පේන ආකාරය නිසා තමයි ඉපැරණි රෝම වැසියන් යුද්ධයට සහ රුධිරයට අධිපති දෙවියන්ගේ නමින් මේ අඟහරු  නම් කළේ. හිරුට තියෙන දුරස්ථභාවය නිසාවෙන්ම මතුපිට පෘෂ්ඨයේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක -143ක් පමණ වන අතර ම උපරිම උෂ්ණත්වය celsius අංශක 35 ක් පමණ වෙනවා. අද වන විට අඟහරුගේ පෘෂ්ඨයේ ස්වභාවය මෙයාකාරයෙන් වියළිව පාළුවට ගොස් උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ එකසිය ගණනක් වන තෙක් පහත වැටී තිබුණත්, අදට වසර බිලියන ගණනකට පෙර පෘථිවියට සමාන භූ විද්‍යාත්මකව වඩාත් ක්‍රියාකාරී පරිසරයක් තිබූ අතර අඟහරුගේ මතුපිට වසාගෙන දිය පිරි විල් තිබූ බවට හා ගංගා ගලා ගිය බවට පෙන්නුම් කරන සාධක අදටත් අඟහරු මතුපිට තියෙනවා.

සෞරග්‍රහමණ්ඩලයේ විශාලතම ගිනිකන්ද වන, එවරස්ට් කන්ද වගේ තුන් ගුණයක් විතර උස olympus mons ගිනිකන්ද, පෘථිවියේ ඩයිනෝසරයන් මිය ගිය කාල කාලවකවානුවට ආසන්න කාලයකදී පුපුරා ගිය බවට සාධක හමු වෙලා තියෙනවා. නමුත් අඟහරු තුළ පවතින ගිනිකඳු සියල්ලක්ම මේ වන විට නිෂ්ක්‍රීය වෙලා. රතු ග්‍රහයාගේ, ජලය අදටත් පවතින නමුත් බොහෝ දුරට ධ්‍රැවීය අයිස් කැට වල ස්වරූපයන් තමයි ඒවායේ පැවැත්ම තියෙන්නේ.

Olympus mons, Everest සහ Mauna Kea සංසන්ධනය (redit)

මේ සාධක නිසා සමහර තාරකා විද්‍යාඥයෝ විශ්වාස කරනවා රතු ග්‍රහලෝකයේ ජීවය නැවතත් 1960 දශකයේ පමණ පටන් ආරම්භ වෙලා ඇති කියලා. නමුත් මේ සියල්ල තාරකා විද්‍යාඥයන් සිද්ධාන්ත මත පදනම්ව කරන ප්‍රකාශ වූවත් මේ දක්වා අඟහරු මත ගවේෂණයන් කළ කිසිදු අභ්‍යවකාශ යානයට තවමත් අඟහරු මත ජීව පිළිබඳ හෝඩුවාවක් නම් හමුවී නැහැ. නාසා ආයතනය වර්ෂ 2001 ඉඳලා මාර්ස් ඔඩිසි අභ්‍යවකාශ යානය හරහා අඛණ්ඩව අඟහරු නිරීක්ෂණය කරනවා. නමුත් අද වනතුරු මේ පිළිබඳ අඟහරු මත ජීවයක් පැවතුණා යැයි හෝ පවතිනවා යයි කිසිදු හෝඩුවාවක් mas පොඩි si යානය හරහාද ලැබී නැහැ.

අඟහරුගේ සංඛ්‍යාත්මක දත්ත වලට අපි යොමු වුනොත්, අඟහරුගේ ඇෆීලියන් නැත්තම් හිරුට තියෙන දුරම අගය වෙන්නේ කිලෝමීටර් මිලියන 249ක්. අඟහරුගේ හිරුට තියෙන perihelion අගය කිලෝමීටර මිලියන 206ක්. සූර්යයා වටා පරිභ්‍රමණය වෙන්න පෘථිවි දින 686ක් පමණ ගන්න අඟහරු ඒ දුර ගමන් කරන්නේ තප්පරේට කිලෝමීටර් 24 ක් නැත්නම් පැයට කිලෝමීටර් 86400 ක පමණ  වේගයකින්. අඟහරුගේ විශ්කම්බය විදියට සඳහන් වෙන්නෙ කිලෝමීටර 3389ක්.

පෘථිවිය සහ අඟහරු ග්‍රහලෝකයේ සංසන්දනය (ESA, 2018)

අඟහරුගේ වායුගෝලයේ 95% ක්ම පවතින්නෙ කාබන්ඩයොක්සයිඩ්. argan 1.93%ක් සහ නයිට්‍රිජන් 1.89%කට අමතරව ඔක්සිජන් සියයට 0.146ක් වගේ ප්‍රමාණයක් තමයි අඩංගු වෙන්නේ. සෞරග්‍රහ මණ්ඩලයේ පෘථිවිට පස්සේ වැඩිම අභ්‍යවකාශ යානා ප්‍රමාණයක් කක්ශගත වුනු ග්‍රහලෝකය වෙන්නේ අඟහරු. එම අගය අභ්‍යාවකාශ යාන 16ක්. 2001 වසරේ පටන් අඛණ්ඩව නාසා නාසා ආයතනය විසින් යවපු 2001 mass odyssey කියන යානේ අදටත් අඟහරු පිළිබඳව විමසිල්ලෙන් පසුවෙමින් ලබාගන්න තොරතුරු පෘථිවිය වෙත අදටත් යොමු කරනවා. මේ වන විටත් අඟහරුමත පෘථිවිය විසින් යවනු ලැබූ රෝවර් යානා හතරක් අඟහරුගේ සැඟවුණු දත්ත සොයමින් පෘථිවිය වෙත වාර්තා කරනවා.

National Geographic : Mars 101 | National Geographic

spot_imgspot_img

Subscribe

Related articles

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here