සෞරග්‍රහමණ්ඩලයේ කුඩාම ග්‍රහලෝකය බුධ ගැන කෙටියෙන්

බුධ කියන්නේ සෞරග්‍රහ මණ්ඩලය මන්ඩලය පළවෙනිම ග්‍රහයා. බුධට ඒ නම හම්බවෙලා තියෙන්නෙ රෝම දෙවිවරුන්ගෙ පණිවිඩකරුවාට කියන නමින්. ඒකට හේතුව තමයි අනෙක් ග්‍රහලෝක හතට ම කලින් බුධ  සුර්යා වටේ ගමන් කිරීම. 

මේක තමයි සෞරග්‍රහමණ්ඩලයේ කුඩාම ග්‍රහලෝකය. දැනට ගණනය කරල තියන දත්ත අනුව බුධගෙ අරය  සැතපුම් තුන්දාහකට නැත්නම් කිලෝමීටර් වලින් නම් 4800 කට වඩා පොඩ්ඩක් වැඩියි. ප්‍රමාණාත්මකව ගත්තොත් මේ අගය   උතුරු ඇමරිකා අර්ධද්වීපයට මදක්  වැඩි ප්‍රමාණයක්. බුධත් පෘථිවිය  වගේම හරය, ආවරණය සහ පෘෂ්ඨය කියන ප්‍රධාන ස්ථර තුනෙන් සමන්විත ග්‍රහලෝකයක්.  ඒත් පෘථිවියේ  වගේ චලන වෙන භූ තලයන් බුධගේ නැහැ. ඒ වගේම පෘථිවියේ හරයට වඩා බුධගේ හරය  ඉතා විශාල අතර, එය බුධගේ අරය මෙන් 85% ක් පමණ ඉතා විශාල අගයක් ගනු ලබනවා. පෘථිවියේ  නම් එම අගය පෘථිවියේ අරය මෙන්  55% ක් පමණ ටිකක් අඩු අගයක් තමයි ගන්නේ. බුධගේ මේ යකඩ හරයේ ප්‍රමාණය බුධගේ සමස්ත ප්‍රමාණයට ලොකු බලපෑමක් ඇති කරනවා. සරලවම කිව්වොත් මේ යකඩ හරයේ විශාලත්වය නිසා පසුගිය වසර බිලියන 4.5 පුරාවට බුධගේ අරය සැතපුම් හතරක් පමණ අඩු වෙලා තියෙනව .

සෞරග්‍රහ මණ්ඩලයේ ඉන්න මේ ඇකිලෙන ග්‍රහයා තමයි සූර්යයාට ලඟින්ම ඉන්නෙ. ආසන්න වශයෙන් සැතපුම් මිලියන 36 ක සාමාන්‍ය අගයකින් සූර්යයා වටා පරිභ්‍රමණය වෙන බුධට මෙතරම් හිරුට සමීපව පිහිටීම  නිසා වායුගෝලයක් නැහැ. ඇත්තේ බාහිර ගෝලයක් පමණයි. බුධගේ බාහිර ගෝලය ඔක්සිජන්, සෝඩියම්, හයිඩ්‍රජන්, හීලියම්  සහ පොටෑසියම් වලින් නිර්මාණය වී තිබෙන  අතර මේ සියල්ල සූර්ය සුළඟට ගසාගෙන යයි. සූර්යයාට සමීපව තිබීම සහ වායුගෝලයක් නොමැති වීම නිසා දිවා කාලයේ දී  බුධගේ උෂ්ණත්වය පැරන්හයිට් අංශක 800 පමණ වනවා. රාත්‍රියේදී උෂ්ණත්වය පැරන්හයිට් අංශක  – 290 ක් පමණ වනතෙක් පහල වැටෙනවා. 

කොහොම වුණත්, ඉරෙන් බුධ මත කරන බලපෑම නිසා බුධ ග්‍රහයාගේ කක්ෂය පරිපූර්ණ කක්ෂයක්  නම් නෙවෙයි. එය ඉර වටා යන ගමනේදී  ඉරට  සැතපුම් මිලියන 29 ක් ආසන්නයට හා සැතපුම් මිලියන 43 ක් තරම් ඈතටත්  ගමන් කරනවා. ඉර වටා යන ගමන දින 88කින් සම්පූර්ණ කරන බුධ පැයට සැතපුම් ලක්ෂයක පමණ වේගයෙන් ගමන් කරනවා. 

ඉර ආසන්නයේම තිබීම සහ ඉතා කුඩා ග්‍රහලෝකයක් වීම නිසා පෘථිවියේ සිට බුධ නිරීක්ෂණය කිරීම තරමක් අපහසුයි. මේ දක්වා බුධ වෙත ගමන් කරලා තියෙන්නේ නාසා ආයතනයේ  මැරිනර් 10 සහ මැසෙන්ජර් යන  අභ්‍යවකාශ යානා 2 පමණයි. අද අපි දන්නෙ ඒ යානාවලින් එවපු දත්තවලින් විශ්ලේෂණ කරපු තොරතුරු පමණයි . නුදුරු අනාගතයේ දී බුධ වෙත යන එවන් යානා වලින් අපට බුධ ගැන තවත් තොරතුරු දැනගත හැකි වේවි. 

SOURCES

NASA Science: Mercury
NASA Messenger Mission to Mercury
ESA BepiColombo Mission to Mercury
IAU: Categories for Naming Features on Planets and Satellites
National Geographic
Astrum

spot_imgspot_img

Subscribe

Related articles

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here