ජීවයට තර්ජනයක් වන අභ්‍යවකාශ පාෂාණ නැතිනම් ග්‍රාහක පෘථිවිය හා ගැටීමට පෙර ඒවා හරවා යැවීමට මානව වර්ගයාට ඇති හැකියාව පිළිබඳ පළමු පරීක්ෂණය ලෙස නාසා හි ද්විත්ව ග්‍රහක යළි-යොමු පරීක්ෂණ එහෙමත් නැතිනම් double asteroid redirection test එසේත් නැතිනම් අපි හැමෝම දන්න DART අභ්‍යවකාශ යානය ඇමරිකානු වේලාවෙන් සඳුදා ඒ කියන්නෙ සැප්තැම්බර් 26 වෙනිදා ග්‍රහකයක ගැටීමට නියමිත බව ඔබ දැන් දන්න කරුණක්.
රාත්තල් 1,210 (කිලෝග්‍රෑම් 550) පමණ බරැති DART යානය, සංවේදක, ඇන්ටනාව, සහ අඩි 28 (මීටර් 8.5) පමණ දිග සෝලා ඇරේ දෙකකින් සමන්විත squat cube-shaped probe එකක්. මෙය ගමන් කරන අතරතුර ඩිමෝෆෝස් ග්‍රහකයට දළ වශයෙන් 13,420 mph (21,160 km/h) පමණ වේගයකින් කඩා වැටෙනු ඇති.

ගවේෂණ පරීක්ෂණයේ ඉලක්කය වන්නේ අඩි 1,280 (මීටර් 390) පමණ පළල ඩිඩිමෝස් ග්‍රහකය වටා කක්ශ ගත වූ අඩි 525 (මීටර් 160) පමණ පළල ඩිමෝෆෝස්ගේ කක්ෂය මන්දගාමී කරන එක. මෙම ග්‍රහකය පෘථිවියට තර්ජනයක් වෙන්නෙ නැහැ , මොකද ඒවා DART හි බලපෑම වන විට අපගේ ග්‍රහලෝකයේ සිට සැතපුම් මිලියන 7 (කිලෝමීටර් මිලියන 11) කට වඩා දුරින් තමයි පිහිටන්නේ. නමුත් NASA විද්‍යාඥයින්ට අවශ්‍ය වන්නේ වඩා භයානක ග්‍රහකයක් නිසා යම් දිනක පෘථිවියට සිදු විය හැකි අවධානම සහ ඉන් මිදීමට අවශ්‍ය පියවරයන් පිළිබඳ අධ්‍යයනය කරන එක. DART යානය ඇමෙරිකානු වේලාවෙන් සඳුදා රාත්‍රී 7:14 ට ඩිමෝෆෝස් සමග ගැටෙනු ඇති. මේ සඳහා වන සජීවී ආවරණය ඇමෙරිකානු වේලාවෙන් සඳුදා සවස 6ට ට NASA TV නාලිකාවෙන් ආරම්භ වීමට නියමිතය. ගැටීම සිදුවන්නෙ ලංකාවෙ වේලාවෙන් පසුදා, ඒ කියන්නෙ අඟහරුවාදා උදේ 4:44ට වන අතර, මෙහි සජීවී විකාශය අඟහරුවාදා උදෑසන 3:30ට ආරම්භ වීමට නියමිතය.
“ස්වාභාවික ආකාශ වස්තුවක චලිතය වෙනස් කිරීමට මානව වර්ගයාගේ පළමු උත්සාහයේදී, අපගේ DART අභ්‍යවකාශ යානය ග්‍රහකයකට බලපෑම් කිරීමට නියමිතයි” යනුවෙන් NASA හි ග්‍රහලෝක ආරක්ෂක කණ්ඩායමේ සේවය කරන විද්‍යාඥයෙකු වන Tom ස්ටැට්ලර්, මෙහෙයුම පිළිබඳ සැප්තැම්බර් 12 පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවා. සැබවින්ම එය මුළු ලෝකයටම ඓතිහාසික අවස්ථාවක් වනු ඇත.
DART විසින් මාස 10 කට පෙර ඩිඩිමෝස් සහ ඩිමෝර්ෆොස් වෙත සිය ගමන ආරම්භ කරන ලද අතර, එය කැලිෆෝනියාවේ වැන්ඩන්බර්ග් අභ්‍යවකාශ බලකා කඳවුරෙන් අභ්‍යවකාශ ගතකෙරුණු SpaceX හි Falcon 9 රොකට්ටුවකින් දියත් කලා. 2000 ගණන්වල මුල් භාගයේදී, යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ (ESA) විද්‍යාඥයන් විසින් ග්‍රහක ගැටීමේ පරීක්ෂණයක් යෝජනා කරන ලද අතඑඅ, අපි මේ අත්විඳින්නෙ එහි සාර්ථක මෙහෙයුමක්.
විද්‍යාඥයින් අපේක්ෂා කරන්නේ මෙම පරීක්ෂණයෙන් ඩිමෝෆෝස්ගේ කක්ෂය 1% කින් පමණ මන්දගාමී වන අතර එය ඩිඩිමෝස් සමඟ සමීප කක්ෂයට ගෙන ඒමට හැකිවනු ඇති කියල. Dimorphos හි පැය 12 කක්ෂය තත්පර 73 කින් අඩු කළහොත් මෙහෙයුම සාර්ථක ලෙස සලකනු ලැබේන අතර සැබෑ වෙනස විනාඩි 10 කින් පමණ විය හැකි බව තමයි නාසා විද්‍යාඥයින් පවසන්නෙ.

DART අභ්‍යවකාශ යානය, බලපෑමෙන් විනාශ වන බැවින්, ඩිඩිමෝස් ගවේශන යානයේ ග්‍රහක කැමරාව (ඩ්‍රාකෝ) මගින් ඩාට් යානය ඩයිමෝෆෝස් වෙත කඩා වැටීමට පෙර කක්ෂයේ අවසාන මොහොතේ තත්පරයෙන් තත්පරයට ඡායාරූප ගතකර ගන්නවා ඇති. සැප්තැම්බර් 11 වන දින DART වෙතින් වෙන් වූ LICIACube නම් වූ කුඩා “කියුබ්සැට්” අභ්‍යවකාශ යානය, ඝට්ටනයේ ප්‍රතිඵලය ඩිඩිමෝස් සිට සැතපුම් 34 (55) දුරින් කක්ෂගත වෙමින් මේ සියල්ල අධ්‍යයනය කරනු ඇති. ඩිමෝෆෝස් විසින් පථය වෙනස් කරන බලපෑම සහ කඩා වැටීමෙන් ඉවතට විසි වූ ද්‍රව්‍ය ප්‍රවාහයේ ඡායාරූප නැවත පෘථිවියට ගෙන ඒමට නියමිත වනවා.

නාසා ආයතනය, ග්‍රහක යළි හරවා යැවීමේ හැකියාව වර්ධනය කිරීමට බලාපොරොත්තු වන එකම අභ්‍යවකාශ ඒජන්සිය නොවන අතර, චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලන මධ්‍යස්ථානය ද ග්‍රහක යළි-යොමු කිරීමේ මෙහෙයුමක මුල් සැලසුම් අවධියේ සිටීන බවට වාර්තා වෙනවා. චීනය පවසන්නේ 2026 දී මෙට්‍රික් ටොන් 900 පමණ වන Long March 5 රොකට් වලින් 23ක් යොදා ගනිමින් Bennu ග්‍රහකයට පහර දෙනව කියල.
ඒ කොහොම උනත් තවත් වසර 150ක් තරම් අනාගතය සලකන විට බෙනු, ඩිඩිමෝස් සහ ඩිමෝර්ෆොස් තරම් හිතකර වෙන්නෙ නැහැ. වර්ශ 2175 සහ 2199 අතර, ටොන් මිලියන 85.5 ක පමණ අභ්‍යවකාශ පාෂාණ පෘථිවි කක්ෂයේ සිට සැතපුම් මිලියන 4.6 (කිලෝමීටර් මිලියන 7.5) තුළ වේගයෙන් ගමන් කිරීමට නියමිත වනවා. බෙන්නුට පෘථිවිය හා ගැටීමේ අවස්ථාව ඉතා අඩු වුවද එය එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල උස තරම් පුළුල් වනවා, එයින් අදහස් කරන්නේ බෙනූ පෘථිවිය සමඟ ඇතිවන ඕනෑම ගැටුමක් මහා විනාශකාරී බලපෑමක් ඇති කරන අතර එය සාගරයට කඩා වැටුනොත් යෝධ සුනාමි පවා ඇති විය හැකි බවය. නැත්නම් ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැටුනොත් මිලියන ගණනක් ජීවිත අහිමි කිරීමේ හැකියාවක්ද එය සතුව ඇත.
පෘථිවිය සමඟ බෙනුගේ බලපෑමේ ඇස්තමේන්තුගත චාලක ශක්තිය මෙගාටොන් 1,200 ක් වන අතර එය හිරෝෂිමා වෙත හෙළන ලද බෝම්බයේ ශක්තියට වඩා දළ වශයෙන් 80,000 ගුණයකින් පමණ වැඩි වනවා . ඩයිනෝසෝරයන් අතුගා දැමූ අභ්‍යවකාශ ග්‍රාහකය මෙගාටොන් මිලියන 100 ක් පමණ ශක්තිය ලබා දුන් බව අපි මීට පෙර ඔබට වාර්තා කළෙමු. ඒ අනුව බලන කල, තාක්ෂණය භාවිතා කරමින් පෘථිවියට බලපෑමක් වියහැකි අභ්‍යවකාශ ද්‍රව්‍ය වලින් පෘථිවිය බේරා ගැනීමට දරන උත්සාහයේදී අවංකවම සතුටුවිය හැකි උනත්, ලාංකිකයින් වන අපි, මේ අභ්‍යවකාශ ගවේශයේ සිටින ස්ථානය ගැන නම් කිසි සේත් සතුටි වෙන්න නම් බැහැ.
Source :
Livescience.com
Wikipedia.com


