නිහාරිකාවක් යනු කුමක්ද

අහස අපි හිතනවට වඩා අතිවිශාලයි. මෙය විශාල බව නිසාම ඈත අහසේ දිදුලන වස්තූන් අතර සොයා ගැනීමට ඉතා විශාල රහස්  ප්‍රමාණයක් විසිර තිබෙනවා. විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා දර්ශනීය මේ වස්තූන් අතරින් ඇතැම් ඒවා නිහාරිකා නැත්නම් nebula කියලා. මේ නිහාරිකා වලින් බොහෝ ඒවා පියවි ඇසට නොපෙනුනත් නවීන දුරේක්ෂ වලින් බලාගන්නට පුළුවන්. වළාකුළු කියන ග්‍රීක වචනය පදනම් කරගෙන නෙබියුලා කියලා නම් කරලා තියෙන නිහාරිකාවක් කියන්නෙ ඇත්ත වශයෙන්ම දූවිලි සහ වායු අඩංගු වලාකුළක්. අහසේ ඒ මේ අත යන වලාකුලු වගේ නිහාරිකා වලටත් සිත්ගන්නාසුලු හැඩයන් තියෙනවා. නිහාරිකාවක් බොහොමයකට නම් ලැබිලා තියෙන්නෙ ඔවුන්ගේ මේ හැඩය සලකා බලමින් උදහරණයක් විදියට crab nebula, butterfly nebula දක්වන්නට පුළුවන්. 

crab nebula

ප්‍රධාන නිහාරිකා වර්ග හතරක් හතරක් තියෙනවා. ඒවා වෙන්නේ 

  1. හයිඩ්‍රජන් කලාප නිහාරිකා. නැත්නම් අයනීකෘත හයිඩ්‍රජන් අඩංගු විසරනය වන විශාල නිහාරිකා
  2. ග්‍රහලෝක නිහාරිකා
  3. සුපර්නෝවා අවශේෂ
  4. අඳුරු නිහාරිකා

හයිඩ්‍රජන් කලාප නිහාරිකා

Herbig–Haro නිහාරිකාව

මෙයින් පළමු නිහාරිකා වර්ගය ගත්තොත් ඒවායේ තාරකා හැඩගැසෙන, නැත්නම් සෑදෙන කලාප තියනවා. එම කලාප තාරකා තවාන් ලෙසත් හඳුන්වනවා. දැවැන්ත ප්‍රදේශයක විසිරිලා තියෙන හයිඩ්‍රිජන් වායුවේ ගුරුත්වාකර්ෂණ බලය මගින් එම ප්‍රදේශයේ විසිරිලා  තියෙන දූවිලි වගේ ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ආකර්ශනය කරගන්නවා. මේ විදියට ආකර්ෂණය වෙන ද්‍රව්‍ය හයිඩ්‍රිජන් වායුවේ ගුරුත්වාකර්ෂණය නිසා වැඩි වැඩියෙන් තදින් මිරිකෙමින් විශාල වශයෙන් රත් වීමකට භාජනය වෙනවා. ප්‍රමාණවත් තරම් උෂ්ණත්වයක් ඇති උනහම මෙම කැරකෙමින් තිබුණු කොටස තතරුවක්  බවට පත්වෙලා ඉතිරිවෙලා තියෙන දේවල් වලින් ග්‍රහණ ග්‍රහලෝක නිර්මාණය වෙලා එම තරුව වටහා වටා කරකැවෙනවා.

මෙම වර්ගයේ තාරකා සාදන කලාපයකට උදාහරණයක් වශයෙන් රාත්‍රී අහසේ, ප්‍රසිද්ධ නිහාරිකාවක් වන ඔරායන් නිහාරිකාව දැක්විය හැකිය. මේ ඔරායන් නිහාරිකාව කියලා කියන්නේ ක්ෂීරපථයේ ම  තියෙන වඩාත්ම ක්‍රියාකාරි තාරකා  සෑසෑදෙන ප්‍රදේශය. රාත්‍රී අහසේදී ඇසට ඔරායන් නෙබියුලාව පේන්නේ නෑ කිසියම් දිස්නයක් සහිත තරුවක් විදිහට වුණත් දුරේක්ෂයකින් ඊට වඩා පැහැදිලිව බලන්න පුළුවන්. ආලෝක වර්ෂ පහළොවක් පුරා විහිදිලා තියෙන මේ ඔරායන් නිහාරිකාව සම්පූර්ණයෙන්ම වගේ හැදිලා තියෙන්නේ හයිඩ්‍රිජන් වලින්. මෙය නිහාරිකාවේ එහි දීප්තිය ලබාගන්නේ අපේ සූර්යයාට වඩා දහස් ගුණයක් විතර දීප්තිමත් වන ත්‍රැපීසියම කියලා හඳුන්වන තාරකා හතරක පොකුරකින්.

ග්‍රහලෝක නිහාරිකා

Cat’s Eye නිහාරිකාව

දෙවැනි නිහාරිකා වර්ගය වන්නේ ග්‍රහලෝක නිහාරිකා. මේ නිහාරිකා වර්ගය ඇත්තටම ග්‍රහට ඇත්තටම ග්‍රහලෝක සමඟ කිසිම සම්බන්ධයක් නැහැ. නමුත් මුල් කාලයේදී තාරකා විද්‍යාඥයින් ඔවුන්ගේ දුරේක්ෂ හරහා මේ නිහාරිකා  දිහා බලද්දි ඔවුන් දැක්කෙ සුදු පාට වටකුරු හා දීප්තිමත් පෙනුමක් තියෙන වස්තූන් ඒ අනුව ඔවුන් සිතුවා ඒවා ග්‍රහලෝක වෙන්න ඕනි කියලා. ග්‍රහලෝක නිහාරිකා හැදිලා තියෙන්නේ මන්දගාමීව මරණයට පත් සාමාන්‍ය තාරකාවන්ගෙන්. සූර්යයා ගැන තරු අහස වීඩියෝවේදී ඔබට මතක නම් අපි, සඳහන් කරනවා සූර්යයා තවත් වසර බිලියන ගණනකින් පමණ මිය යන්නෙ  කොහොමද කියන එක ගැන.

මේ අපූරු ග්‍රහලෝකවල නිහාරිකාව ක ට උදාහරණයක් තමයි සමනල නිහාරිකාව නැත්නම් butterfly nebula කියලා කියන්නේ. සමනලයකුගේ ස්වරූපයක් ගත්ත මේ නිහාරිකාව බැලූ බැල්මට සාමකාමී පෙනුමක් තිබුණත් එය සැබැවින්ම හැදිල තියෙන්නෙ ගෑස් වලාකුළුවලින් වන අතර එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 36,000 වඩා වැඩිය. මේ butterfly nebula ගැන බොහොම සිත් ඇද ගන්නා සුළු කාරණාවක් තියෙනවා. සෞරග්‍රහමණ්ඩලයේ හිරුගේ මතුපිට උෂ්ණත්වය වගේ තුන් ගුණයක විතර උෂ්ණත්වයක් තියෙන මේ නෙබියුලාව හැදිලත තියෙන වායූන් තවමත් පැයට සැතපුම් 600,000ක පමණ වේගයෙන් චලනය වෙනවා. ඒ වේගයෙන් ඔබට විනාඩි 24කින් පෘථිවියේ සිට සඳට යා හැකියි.

සුපර්නෝවා අවශේෂ

SN 1572 සුපර්නෝවා අවශේෂ

තුන්වන වර්ගයෙන් නිහාරිකා supernova අවශේෂ ලෙස හැඳින්වෙනවා. දෙවැනි නිහාරිකා වර්ගය වගේම මේක මියගිය තාරකාවක් නිසා නිර්මාණය වුවක්. නමුත් මෙහිදී සිදු වන්නේ මිය යන තාරකාව කිසියම් ශක්තියක් පිටකරමින් පිපිරී යාමක්. මෙසේ සිදුවන  විශාල පිපිරීමෙන් තාරකාවේ ද්‍රව්‍ය අභ්‍යවකාශය  විශාල ප්‍රමාණයක් හරහා විසිරෙනවා. ඉන් අනතුරුව තාරකාවේ  ඉතුරු වූ කොටස් එකතු වෙලා අලුත්ම නිහාරිකාවක් හදනවා ඒවා කාලයත් එක්ක නව තාරකා නිර්මාණය වෙනවා හෝ එකතු කරගන්නවා.

Crab nebula නැත්නම්  කකුළු නිහාරිකාව කියලා කියන්නේ සුපර්නෝවා අවඅවශේෂයකට උදාහරණයක්. මේ නිහාරිකා විශේෂය සිත් ඇදගන්නා සුළු වෙන්නේ එය නිර්මාණය කළ තාරකාව පුපුරා ගිය විට කලින් කිව්ව ආකාරයට අවට මන්දාකිණිවල වලට එය දර්ශනය වන නිසා. මීට වසර 10කට විතර කලින් 1,000කට විතර කලින් චීන වැසියන් අහසේ මේ විදිහට දීප්තිමත් වස්තුවක් ආලෝකයෙන් දිදුලනවා දැක්කා.  වසර දෙකක් විතර මේ විදියට අහසේ දීප්තිමත් ආලෝකයක් දුන් වස්තුව ටිකෙන් ටික නොපෙනී ගියා කියලා, නැත්තං දීප්තිමත් බව ටිකෙන් ටික අඩු උනා කියලා තමයි ඉතිහාසයේ තියෙන්නේ. වාර්ෂ 1604 දිත් මේ විදිහටම සුපර්නෝවා එකක් අහසෙ දිස්වුනා කියලා වාර්තා පොත් වල සඳහන් වෙනවා. මේ හදුන්වන්නේ කෙප්ලර්ගේ supernova කියලා.

අඳුරු නිහාරිකා

Horsehead නිහාරිකාව

ඊළඟ ප්‍රධාන නිහාරිකා වර්ගය හඳුන්වන්නේ අඳුරු නිහාරිකා කියලා. මේ නිහාරිකා දූවිලි සහ වායු වල එකතුවක්. එක දකින්න පුළුවන් වෙන්නේ ඊට පිටිපස්සෙන් තියෙන දීප්තිමත් නිහාරිකා හෝ තාරකා වල තියෙන දීප්තිය නිසා. විශ්වයේ වඩාත් ප්‍රසිද්ධම අඳුරු නිහාරිකාව වන්නේ අශ්වාරෝහක නිහාරිකාව නැත්නම් හෝර්ස්හෙඩ් නෙබියුලාව. මේ නෙබියුලාව නිර්මාණය වෙලා තියෙන්නෙ ගණ දූවිලි වළාකුළු වලින්.

මේ ඝනකම නිසාම ඒවාට පිටුපසින් තියෙන නිහාරිකා හෝ තාරකා වල ආලෝකය වළක්වනවා. මෙම වළාකුළු අඳුරේ වුණත් සීතල නැහැ. අධෝරක්ත කැමරාවකින් මේ නෙබියුලාව දිහා බැලුවොත් අපට ලේසියෙන් ම ලේසියෙන්ම මෙහි උෂ්ණත්වය පිළිබඳ අදහසක් ගන්න පුළුවන්. කොච්චර අඳුරු නං ඇතැම් ස්ථානවල දීප්තිමත් ආලෝකය දකින්න පුළුවන්. ඒ තමයි මේ අඳුරු නිහාරිකාවේ අලුතෙන් තරු නිර්මාණය වන ස්ථාන.

Pillars of Creationහි හබල් අභ්‍යවකාශ දුරේක්ෂය ලබාගත් සාමන්‍ය සහ අධෝරක්ත කිරණ ඡායාරූපය

මේ ප්‍රධාන නිහාරිකා වර්ග හතර හැරුණු කොට තවත් සෙසු නිහාරිකා වර්ග කිහිපයක් අභ්‍යවකාශයේ විසිරි පවතිනවා. ඒවා කුමන වර්ගයකින්  වුණත්  අහසේ රාත්‍රී අහසේ සොයාගන්නට පුළුවන් වඩාත්ම විශ්මිත ආකාශ වස්තූන් අතර නිහාරිකා ඉදිරියෙන්ම ඉන්නවා. අවසාන වශයෙන් අපට තේරුම් ගන්නට පුළුවන් විශ්වයේ නිහාරිකාවක් මිය ගිය විට එම අමුද්‍රව්‍යම භාවිතා කරමින් යළිත් නිහාරිකාවක් නිර්මාණය වන බව.

Source:

FreeSchool : What is a Nebula
VideoFromSpace : Fly Into the Orion Nebula – New 3D Visualization
wikipedia.org

spot_imgspot_img

Subscribe

Related articles

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here