මොනවද මේ වාමන ග්‍රහලෝක කියන්නේ?

මීට වසර දහස් ගානකට කලින් පුරාණ තාරකා විද්‍යාඥයෝ අහස දෙස බැලුවා ම තාරකා යැයි සිතන සමහර දේවල් තමන් බලාපොරොත්තු නොවූ ආකාරයෙන් ගමන් කරන බව වටහා ගත්තා. ඔවුන් මේවා ග්‍රහලෝක ලෙස හැඳින්වූ අතර ඔවුන් එයින් අදහස් කලේ ඉබාගාතේ යන තාරකා කියන එක. කාලයත් එක්ක මේ වගේ ග්‍රහලෝක පහක් හඳුනාගෙන බුධ,සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු නමින් පුරාණ කාලයේ දී නම් කලා. ශතවර්ෂ ගණනාවක් පුරා තාරකා විද්‍යාඥයන් විසින් අහස අධ්‍යයනය කිරීම සඳහා භාවිතා කරන මෙවලම් වල තාක්ෂණය දියුණු වීමත් සමග තවත් ග්‍රහලෝක තුනක් අඳුනගත්තා. ඒවා නම් කළා යුරේනස්, නෙප්චූන් සහ ප්ලූටෝ නමින්. කෙසේ වෙතත් තාරකා විද්‍යාඥයින් සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ප්‍රදේශය පිළිබඳව අධ්‍යනය කරමින් සිටියදී ඔවුන් පුදුමසහගත සොයා ගැනීමක් කළා. නෙප්චූන් ගෙන් පස්සේ අභ්‍යවකාශයේ ප්ලූටෝ තනිවෙලා නැහැ කියලා ඔවුන්ට තේරුම් ගත්තා.

මේ අතර ප්ලූටෝට වඩා ප්‍රමාණයෙන් විශාල වස්තු සොයා ගනිද්දී විද්‍යාඥයෝ තේරුම් ගත්තා ඒවා සියල්ලම ග්‍රහලෝක වෙන්න බැහැ කියලා. වර්ෂ 2006 දී ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය විසින් නව  කාණ්ඩයක් නිර්මාණය කරනවා මේ සොයාගත්තු අමුතු ග්‍රහලෝක ඇතුලත් කරලා නම් කරනවා වාමන ග්‍රහලෝක කියලා. යම් ග්‍රහ වස්තුවක් වාමන ග්‍රහලෝකයක් ලෙස නම් කරන්න නම් ඊට නිර්ණායක දෙකක් තිබිය යුතු වෙනවා.

පළමු නිර්ණායකය වන්නේ එය සූර්යයා වටා කක්ෂගත විය යුතුයි යන්න.

දෙවැන්න, එය තමන්ගේම ගුරුත්වාකර්ෂණය හරහා ගෝලාකාර ස්වරූපයක් ලබා ගැනීමට තරම් විශාලත්වයක් තිබිය යුතු යන්න.

ග්‍රහලෝකයක් වීමට නම් ඔවුන් සපුරාලිය යුතු තුන්වෙනි සුදුසුකමක් තිබුණා. ඒ තමයි ඔවුන්ගේ කක්ෂයන් වෙනත් ග්‍රහ වස්තූන්ගේ කක්ෂ සමඟ ඝට්ටනයක් සිදු නොවීම.

සෙරස් (NASA)

වාමන ග්‍රහලෝක බොහෝ වෙලාවට තමන්ගේ තමන්ගෙ කක්ෂය ග්‍රහක, වල්ගතරු හෝ සුන්බුන් සහ වෙනත් වාමන ග්‍රහලෝක සමඟ බෙදාගන්නා නිසා මෙම තුන්වන කාරණාව ග්‍රහලෝකයක් සහ වාමන ග්‍රහ ලෝකයක් අතර වෙනස තේරුම් ගැනීමට පහසු කරනවා. සෞරග්‍රහ මන්ඩලයේ දැනට නිල වශයෙන් පිළිගත්ත වාමන ග්‍රහලෝක පහක් තියෙනවා. සෙරස්, ප්ලූටෝ, ඒරිස්, හවුමියා සහ මේක්මේක්. මේ අතුරින් සෙරස් කියන වාමන ග්‍රහලෝකය තමයි මුලින්ම සොයා ගත්තේ, ඒ වර්ශ 1801 දී. ඒකට හේතු වුනේ සෙරස් පිහිටලා තියෙන්නේ අඟහරු සහ බ්‍රහස්පති අතර ග්‍රාහක වළල්ලේ වීමත්, එකල දුරේක්ෂ භාවිතා කිරීම නිසා අභ්‍යන්තර සෞරග්‍රහ මණ්ඩලයේ ඇති එකම වාමන ග්‍රහලෝකය නිරීක්ෂණය කිරීම පහසු කිරීමත් යන කාරනා. 

ceres වාමන ග්‍රහලෝකය සොයා ගැනීමත් සමඟම එය සූර්යයාගේ සිට පස්වැනි ග්‍රහලෝකයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතරම, බ්‍රහස්පති ග්‍රහලෝකය 6වෙනි තැනට තල්ලු කළා. මෙම නව පිහිටීම වසරක් වගේ කෙටි කාලයක් ඇතුලත වෙනස් ඇතුලත වෙනස් වුණා. ඒකට හේතු වුණේ සෙරස් ළඟම පිහිටි තවත ග්‍රහ වස්තූන්  විශාල ප්‍රමාණයක් ඊළඟ දශක කිහිපයේදී සොයාගැනීම. වර්ෂ 1850 පමණ වනවිට තාරකා විද්‍යාඥයින් අඟහරු සහ බ්‍රහස්පති අතර සොයා ගත්තු මේ වස්තූන්ගෙන් සහ සෙරස්ගෙන් සමන්විත වෙච්ච ග්‍රාහක පටියේ සියලුම වස්තූන් සුලු ග්‍රහලෝක ලෙස නැවත වර්ගීකරණය කළා. 

වර්ෂ 2006 දී අන්තර්ජාතික අභ්යවකාශ සංගමයේ තීරණයකින් පස්සේ සෙරස් යළිත් වාමන ග්‍රහ ලෝකයක් ලෙස නැවත වර්ගීකරණය කරනවා. සෙරස් කියන්නේ අඟහරත් බ්‍රහස්පතිත් අතර තියෙන ග්‍රාහක පටියෙ විශාලතම වස්තුව වන අතරම ග්‍රහක පටියෙ සමස්ත ස්කන්ධයෙන් 25% ක විතර ස්කන්ධයක් අඩංගු වෙන්නේ මේ සෙරසගේ. සැර සෑම පැය 9කට වරක් තමා වටා භ්‍රමණය වන අතරම සෑම වසර 4.6කදීම සූර්යයා වටා එක් කක්ෂයක් සම්පූර්ණ කරනවා. සැර ස්ටාර් චන්ද්‍රයන් නැති උනත් සෙරස්ට වායුගෝලයක් තියෙන අතර එහි ජල වාෂ්ප පිළිබඳව කිසිම හෝඩුවාවක් සොයාගන්නට නැහැ. සැතපුම් 590ක් නැත්නම් කිලෝමීටර් 950ක විෂ්කම්භයක් තියෙන සෙරස් තමයි පිළිගත්ත වාමන ග්‍රහලෝක වලින් කුඩාම වාමන ග්‍රහලෝකය. වර්ෂ 2015 මාර්තු 6 වෙනිදා ඩෝන් කෙනා ප්‍රකාශය හා නෑසිය ගවේෂණය සඳහා ceres වාමන ග්‍රහයාගේ කක්ෂයට පළමුවරට ඇතුළු වුණා. ඒ අනුව සෙරස් තමය අභ්‍යවකාශ යානයක් කක්ෂගත වෙච්ච පළවෙනි වාමන ග්‍රහලෝකය.

ප්ලූටෝ (NASA)

ප්ලූටෝ තමයි දෙවනියට විශාලතම වාමන ග්‍රහලෝකය. වර්ෂ 1930 දී සොයාගත් දිනයේ ඉඳලා 2006 වර්ෂයේදී නැවත වර්ගීකරණය කරන තෙක්ම සෞරග්‍රහ  මන්ඩලයේ 9වන ග්‍රහලෝක ලෙස තමයි මේ ප්ලූටෝ සැලකුවේ. ප්ලූටෝ හැදිලා තියෙන්නේ පාෂාණ අයිස් වලින් වන අතරම එය තමන් වටා භ්‍රමණය වෙන්න දින 6.4 ක් ගන්නවා. නෙප්චූනටත් වඩා දුරෙන් පිහිටීම නිසා හිරු වටා යන ගමනට පෘථිවි වර්ෂ 248 ක් පමණ ගන්න ප්ලූටෝ සතුව නයිට්‍රජන්, මීතේන් සහ කාබන්මොනොක්සයිඩ් වලින් සෑදුන තුනී වායුගෝලයක් තියෙනවා. සෙරර්ස්ට නැතත් ප්ලූටෝට චැරොන් ඇතුළු ඇතුළු උපග්‍රහයන් 5 දෙනෙක් ඉන්නවා.  මේ චරොන් කියන ප්ලූටෝගේ චන්ද්‍රයා, ප්ලූටෝ තරමටම විශාලත්වය තියෙන නිසා ඇතැම් අවස්ථාවල ප්ලූටෝ සහ චැරොන් ද්විත්ව වාමන ග්‍රහලෝක ලෙස හඳුන්වනවා.

වර්ෂ 2015 ජූලි මාසයේදී, නිව් හොරයිසන් අභ්‍යවකාශ යානය විසින් ප්ලූටෝ ආසන්නයට ගිය අතර, කලින් දැන සිටියාට වඩා විශ්මයජනක තොරතුරු සහ ඡායාරූප ග්‍රහණය කරගනිමින් මෙම අධික සීතලක් සහිත ඉතා දුර පිහිටි වාමන ග්‍රහ ලෝකයේ සංයුතියේ හා ව්‍යුහය පිළිබඳව නව පරිච්ඡේදයක් ආරම්භ කළා. 

ඒරිස් වාමන ග්‍රහලෝකය නම් කර ඇත්තේ ග්‍රීක දෙවිවරුන් අතර විසංවාදයේ සහ ආරවුල් පිළිබඳ ව වූ දේවතාවිය ගෙ නමින්. ඒකට හේතුව තමයි ඒරිස් සොයාගැනීමත් එක්ක ග්‍රහලෝකයක් ලෙස ඒ කාලි නම් කරලා තිබිච්ච ප්ලූටෝගේ තත්ත්වය පිළිබඳව මතභේදකාරී තත්ත්වයක් තත්ත්වයක් ඇති වීම. වර්ෂ 2005 දී ඒරිස් සොයාගත්තම නාසා ආයතනයෙන් මුලින්ම ඒරිස් දහ වන ග්‍රහලෝකය ලෙස හැඳින්වූවා. නමුත් ඒ ප්‍රදේශයෙන් තවත් විශාල වස්තු කිහිපයක් සොයා ගැනීමත, එම තීරණය නැවතත් සලකා බැලීමට හේතු වුණා. ඒරිස් විශාලත්වයෙන් ප්ලූටෝට වඩා කුඩා වුණත් මතුපිට මීතේන් අයිස්වලින් වැසී ඇති නිසා විශාල ලෙස සලකනවා. ඒරිස්ට ඩිස්නෝමියා නමින් එක උපග්‍රහයෙක් සිටිනවා. ප්ලූටෝට වඩා දුරින් ගමන් කරන ඒරිස් සහ ඔහුගේ චන්ද්‍රයා, සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටි දුරින්ම ගමන් කරන වස්තූන් දෙක වෙනව. මේ දුරස්ථ බව නිසාම සූර්යයා වටා  කක්ෂයක් සම්පූර්ණ කිරීමට ඒරිස්ට වසර 558ක් ගත වන බවට ගණනය කරලා තියෙනවා.

මේක්මේක් (theplanets.org)

වර්ෂ 2005 දී තවත් වාමන ග්‍රහ ලෝකයක් වන හවුමියාගේ සොයා ගැනීම ප්‍රකාශයට පත් කළා. වෙනත් වාමන ග්‍රහලෝක වගේ නෙමෙයි හවුමියාගේ හැඩය බෝලයක හැඩයක් වෙනුවට බිත්තර හැඩයක් තමයි තියෙන්නේ. සෞම්‍යා මතුපිට ජල aicen තියෙන බව පෙනුනා තවම එය සනාථ කරගෙන නැහැ. සෞරග්‍රහමණ්ඩලයේ වේගයෙන්ම භ්‍රමණය වන වස්තුව වෙන්න හවුමියා. එය සෑම පැය හතරකට වරක් ම තමන්ගේ අක්ෂය වටා භ්‍රමණය වන අතර, කක්ෂය  ප්ලූටෝට වඩා මදක් දිගු වීම නිසා සූර්යයා වටා තම කක්ෂය සම්පූර්ණ කිරීමට වසර 284ක් ගන්නවා. මේ හවුමියාටත්  උපග්‍රහයන් දෙදෙනෙකු සිටිනවා. ඔවුන්ගෙන් නම් වශයෙන් සඳහන් වන්නේ හියාකා සහ නමාකා. 

දැනට හඳුනාගෙන තියෙන පස්වන සහ අවසාන වාමන ග්‍රහයා වෙන්නේ වර්ෂ 2005 දී සොයාගත්ත මේක්මේක්. මේ ග්‍රහයා නම් කරලා තියෙන්නේ easter island වල ඉන්න රාපා-නායී කියන ජනතාවගේ මිථ්‍යා කථාවල එන නිමැවුම්කාර දෙවියන්ගෙ නමින්. අනෙක් වාමන ග්‍රහලෝක වගේ මේක්මේක් වාමන ග්රහයත් මීතේන්, එතේන් සහ ඇතැම්විට නයිට්‍රජන් අයිස් වලින් ආවරණය වෙලා තියෙනවා.  මේක්මේක්ගේ විෂ්කම්භය ප්ලූටෝගේ විෂ්කම්භය වගේ තුනෙන් දෙකක අගයක් වුණත් එහි පවතින අයිස් තට්ටුව නිසා ප්ලූටෝට පස්සේ දීප්තිමත්ව වස්තුව වෙන්නේ මේක්මේක්. වර්ෂ 2016 දී මේක්මේක්ට අයත් යැයි සැලකෙන එක් උපග්‍රහයෙක් සොයා ගත්තත් තවමත් එය නම් කරලා නැහැ. 

තරකා විද්‍යාඥයන් විශ්වාස කරන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ සොයා නොගත් වස්තූම් අතර සිය ගණනක් වූ වාමන ග්‍රහයන් තියෙන්න පුළුවන් කියලා. තාරකා විද්‍යාඥයින් දිගින් දිගටම එම ප්‍රදේශය අධ්‍යයනය කරන නිසා නුදුරු අනාගතයේදී තවත් වාමන ග්‍රහලෝක මේ ලැයිස්තුවට එක්වනු ඇති. එතෙක් සෞරග්‍රහ මණ්ඩලයේ දැනට සොයාගත් සොයාගත් වාමන ග්‍රහලෝක වන සෙරස්, ප්ලූටෝ,  හවුමියා,  ඒරිස් සහ මේක්මේක් ගැන ඔබ නොදත් බොහෝ කරුණු මේ වීඩියෝවෙන් ඉගෙන ගන්නට ඇතැයි කියලා මම විශ්වාස කරනව.

Source : 

NASA Jet Propulsion Laboratory : Space Shorts: What is a Dwarf Planet?

Free School : Guide to Dwarf Planets:

spot_imgspot_img

Subscribe

Related articles

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here