1981න් පසු භාවිතා නොකළ සම්ප්‍රේෂකයක් හරහා Voyager 1 පෘථිවිය අමතයි

Backup රේඩියෝ සම්ප්‍රේෂකය වසර 43ක් පමණ අක්‍රියව පැවතුනා.

මෑත කාලීන සන්නිවේදන ගැටළු වලින් පසුව NASA හි Voyager 1 අභ්‍යවකාශ යානය 1981 සිට අක්‍රිය වූ backup රේඩියෝ සම්ප්‍රේෂකයක් භාවිතා කිරීමට යොමු වුනා.

මෙම සුප්‍රසිද්ධ අන්තර් තාරකා ගවේෂකයා, බලය සුරැකීම සඳහා ආරක්ෂිත තත්වයකට පත් කිරීමෙන් පසු සන්නිවේදනයේ වසර 40කට වැඩි කාළයක් නිශ්ෂබ්ධව සිටියා. NASA’s Deep Space Network (DSN) මගින් ගෝලීය යෝධ රේඩියෝ ඇන්ටනා මාලාවක් මගින් එහි හීටරයක් ​​ක්‍රියාත්මක කරන ලෙස අභ්‍යවකාශ යානයට උපදෙස් දෙමින් ඔක්තෝබර් 16 වැනි දින එවන ලද විධානයක් මෙම පණිවිඩයට හේතු වුනා.

Voyager 1 (wikipedia.com)

වොයේජර් 1 යානයේ ගැටලුවක් ඇති බව මෙහෙයුමේ පියාසැරි කණ්ඩායම ප්‍රථමයෙන් වටහා ගත්තේ අභ්‍යවකාශ යානය එම විධානයට ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වූ විට, එනම් ඔක්තෝබර් 18 වැනිදාය. නාසා ආයතනයේ ප්‍රකාශයකට අනුව අභ්‍යවකාශ යානය එහි ප්‍රාථමික X-බෑන්ඩ් රේඩියෝ සම්ප්‍රේෂකය ක්‍රියා විරහිත කර ඇති අතර ඒ වෙනුවට එහි ද්විතියික S-බෑන්ඩ් රේඩියෝ සම්ප්‍රේෂකය වෙත මාරු වී ඇති බව කණ්ඩායම පසුව සොයා ගත්තා.

Voyager 1 හි දෝෂ ආරක්ෂණ පද්ධතිය (fault protection system) අභ්‍යවකාශ යානය එහි බල සැපයුම ඉක්මවා ගියහොත් වැනි හේතු ගණනාවක් නිසා නැවත ආරම්භ කරන්න පුළුවන්. එය එලෙස සිදුවුවහොත්, අභ්‍යවකාශ යානය බලය සුරැකීමට සහ තව දුරටත් පියාසර කිරීම සඳහා අවශ්‍ය නොවන සියලුම පද්ධති ක්‍රියා විරහිත කරන ආකාරයට තමයි නිර්මාණය කරල තියෙන්නෙ.

ඔක්තෝබර් 16 වෙනිදා Voyager 1 වෙත උපදෙස් යැවීමෙන් පසු, කණ්ඩායම දින කිහිපයක් ඇතුළත අභ්‍යවකාශ යානයෙන් දත්ත ආපසු ලබා ගැනීමට බලාපොරොත්තු වුනා. සාමාන්‍යයෙන් විධානයකට සැතපුම් බිලියන 15ක් (කිලෝමීටර් බිලියන 24ක්) වඩා වැඩි දුරක් ගමන් කිරීමට පැය 23ක් පමණ ගත වන අතර අන්තර් තාරකා අභ්‍යවකාශයේ ඇති අභ්‍යවකාශ යානය වෙත ළඟා වී පසුව පෘථිවියේ පියාසර කණ්ඩායමට නැවත සංඥාවක් ලැබීමට තවත් පැය 23ක් ගත වනවා.

කෙසේ වෙතත් ඔක්. 18 වෙනිදා කණ්ඩායමට DSN ඇන්ටනා හරහා සවන් දෙන X-බෑන්ඩ් සංඛ්‍යාතය මත Voyager 1 හි සංඥාව හඳුනා ගැනීමට නොහැකි වුනා. මෙයට හේතුව අඩු බලයක් භාවිතා කිරීම සඳහා අභ්‍යවකාශ යානයේ දෝෂ ආරක්ෂණ පද්ධතිය එහි රේඩියෝ සම්ප්‍රේෂකය දත්ත ආපසු යැවීමේ වේගය අඩු කිරීමයි. පසුව එදිනම සංඥාවක් සොයා ගැනීමට පියාසැරි කණ්ඩායමට හැකි වූ නමුත් ඔක්තෝබර් 19 වන දින Voyager 1 එහි X-බෑන්ඩ් සම්ප්‍රේෂකය ක්‍රියා විරහිත කළ විට සමඟ සන්නිවේදනය සම්පූර්ණයෙන්ම නතර වුනා.

අභ්‍යවකාශ යානයේ දෝෂ ආරක්ෂණ පද්ධතිය ක්‍රියා විරහිත වී අවසානයේ එය S-බෑන්ඩ් රේඩියෝ සම්ප්‍රේෂකය වෙත මාරු වීම මීට හේතු වූ බව විශ්වාස කෙරෙනවා. 1981 සිට, එම දිනයට පෙර එය භාවිතා කර තිබුණෙ නැහැ. අද අභ්‍යවකාශ යානය අන්තර් තාරකා අවකාශයේ බොහෝ දුරින් තමයි පිහිටල තියෙන්නෙ. මීට වසර 43 කට පෙර වඩා S-band සංඛ්‍යාතයේ සංඥාවක් අනාවරණය කර ගත හැකි බව පියාසැරි කණ්ඩායම විශ්වාස කළේ නැහැ, විශේෂයෙන්ම එය අඩු බලයක් භාවිතා කරන විට සැලකිය යුතු දුර්වල සංඥාවක් සම්ප්‍රේෂණය කරන නිසා තමයි ඒ විදියට පෘථිවි විද්යාඥයින් උපකල්පනය කලේ.

Voyager 1 timeline (Medium)

කෙසේ වෙතත්, කණ්ඩායමට X-band සම්ප්‍රේෂකය වෙත වෙනත් සංඥාවක් යැවීම සහ දෝෂ ආරක්ෂණ පද්ධතිය නැවත ක්‍රියාත්මක කිරීම අවදානමට ලක් කිරීමට අවශ්‍ය වුනේ නැහැ. එබැවින්, ඒ වෙනුවට, ඔක්තෝබර් 22 වන දින S-band සම්ප්‍රේෂකයට විධානයක් යවන ලදී. දින දෙකකට පසුව, ඔක්තෝබර් 24 වන දින, කණ්ඩායමට අවසානයේ Voyager 1 සමඟ සම්බන්ධ වීමට හැකි වුනා.

වොයේජර් 1 හීටරය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් බලයක් තිබිය යුතු බැවින්, අභ්‍යවකාශ යානයේ දෝෂ ආරක්ෂණ පද්ධතිය මුලින්ම නතර කරවීමට හේතුව කුමක්ද යන්න කණ්ඩායම දැන් විමර්ශනය කරමින් තිබෙනවා. කෙසේ වෙතත්, NASA ආයතන ප්‍රකාශයට අනුව වොයේජර් 1 ක්‍රියාකරුවන් යානයේ පවතින ගැටළුව හඳුනා ගැනීමට සති කිහිපයක් ගත වෙන්න පුලුවන්.

1977 දී අභ්‍යවකාශ ගත කළ වොයේජර් 1, 2012 දී අන්තර් තාරකා අභ්‍යවකාශයට ගිය අතර, එය අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සීමාව පසු කළ පළමු අභ්‍යවකාශ යානය බවට පත් වුනා. මේ වන විට ගැඹුරු අභ්‍යවකාශයේ ගමන් කරන එහි උපකරණවලට හානි වී ඇති අතර, එම හේතුව, වැඩිවන තාක්ෂණික ගැටළු වලට හේතු වෙලා තිබෙනවා. මෙම වසර මුලදී, කණ්ඩායමට වෙනම සන්නිවේදන දෝෂයක් නිවැරදි කිරීමට සිදු වුනා.

අභ්‍යවකාශ යානයේ වයස සහ පෘථිවියේ සිට ඇති දුර නඩත්තු කිරීම අභියෝගයක් විය හැකි අතර, Voyager 1 සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට වැදගත් දත්ත ඉදිරියටත් ලබා දෙනු ඇතැයි තරු අහසින් අපි අපේක්ශා කරනවා.

Source :

space.com

spot_imgspot_img

Subscribe

Related articles

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here