අතුරුදන් වූ ජපාන චන්ද්‍ර ගොඩබෑමේ යානය Hakuto R1

සාමාන්‍යයෙන් අභ්‍යවකාශ යානයක් යවනව කියන එක ඉතා වෙහෙසකර, ඒ වගේම ඉතා විශාල මුදලක් වෙන් කළ යුතු ව්‍යාපෘතියක්. මෑත ඉතිහාසය වෙනකම්ම ගොඩක් වෙලාවට අභ්‍යවකාශය ජය ගන්නට උත්සාහ කළේ ඇමරිකාව හෝ  රුසියානුවන් පමණයි. නමුත් පසුගිය දශක දෙකේ දී විතර ඒ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් සිදු වුණා. ඒකට හේතුව වුණේ පහුගිය දශක දෙකේ දී පෞද්ගලික ආයතන මට්ටමෙන් අභ්‍යවකාශය ජය ගන්නට යම් යම් යානා නිර්මාණය කරලා අභ්‍යවකාශ ගත කරපු එක.

ඉන් නොනැවතී පෞද්ගලික ආයතන  සඳ, අඟහරු වගේ අභ්‍යවකාශ වස්තු වෙත තමන්ගේ යානා වල ගමන් පථය විහිදුවන්නට උත්සාහ කළා. මේ විදිහට අභ්‍යවකාශය ජයගත් spacex, blue origin, virgin galactic වගේ පෞද්ගලික ආයතන ව ලට ලඟදි එකතු වෙච්ච අලුත්ම ආයතනය තමයි ජපානයේ ispace. 2023 අවුරුද්දේ අප්‍රේල් 25 වනදා ජපානයේ  මේ ispace අභ්‍යවකාශ ආයතනය විසින් සඳ මතට තමන්ගේ පළවෙනි අභ්‍යවකාශ යානය  ගොඩබෑමට උත්සාහ කළා. Hakuto R 1 කියලා නම් කරලා තිබුන මේ අභ්‍යවකාශ යානය සඳ මතට ගොඩ බෑම සජීවීව ලොවපුරා විකාශන කලත්, අවාසනාවන්ත විදිහට මේ යානයට සඳමතට නියමිත විදිහට ගොඩබාන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වෙනුවට සජීවී විකාශය අතරතුර hakuto R 1 යානය පෘථිවියට ලබාදුන් දත්ත නතර වීමත් සමඟම එම උත්සාහය ඛේදාන්තය කින් අවසන් වුණා. 

මෙය අතර නාසා lunar reconnaissance orbiter නැත්නම්  නාසාහි චන්ද්‍ර නිරීක්ෂණ යානය, මේ hakuto r 1 කියන පෞද්ගලික චන්ද්‍ර යානය කඩා වැටුණු ප්‍රදේශයෙ නිරීක්ෂණය කළා. ඒ අනුව ඔවුන් ඡායාරූප සාක්ෂි මගින් තහවුරු කර ගත්තේ ජපාන පෞද්ගලික අභ්‍යවකාශ යානය අවම වශයෙන් විශාල කැබලි හතරකට වත් කැඩී ගොස්, ගොඩබෑම සලකනු කළ ස්ථානය අවට විසිරී පවතින බවයි.

ජපාන අභ්‍යවකාශ සමාගම විසින් සද වෙත යැවූ හකුටෝ-ආර්1, සඳ මත සාර්ථකව ස්පර්ශ කළ පළමු පුද්ගලික චන්ද්‍ර ගොඩබෑම බවට පත් වීමට නියමිතව තිබුණද, එහි අවසාන තත්පර කිහිපයේදී අනපේක්ෂිත ලෙස පෘථිවි පාලනය සමඟ සන්නිවේදනය අහිමි වුනා. සන්නිවේදනය නැවත ස්ථාපිත කිරීමට අසාර්ථක උත්සාහයන් කිහිපයකින් පසුව, ispace කණ්ඩායම නිගමනය කළේ සැලසුම් කළ පරිදි යානය මෘදු ලෙස ගොඩබෑමට වඩා සඳ මතට තරමක් ඝට්ටන සහිත ගොඩබෑමකට ලක්ව ඇති බවයි.

ඊළඟ දිනයේ දී එනම් අප්රේල් 26 වැනිදා NASA හි Lunar Reconnaissance Orbiter (LRO) Hakuto-R හි ගොඩබෑමේ ස්ථානය පසුකරමින් ඡායාරූප 10 ක් ලබා ගත්තා. විද්‍යාඥයන් මෙම ඡායාරූප කලාපයේ පෙර ඡායාරූප සමඟ සංසන්දනය කළේ ජපන් යානය ගොඩබෑමේ ස්ථානය සහ එහිදී සිදුවිය කුමක්ද යන්න හඳුනා ගැනීමේ අපේක්ෂාවෙනි.

LRO කැමරාව පෘථිවිය වෙත එවූ ඡායාරූප විශ්ලේෂණය කළ පර්යේෂකයන්ගේ ප්‍රකාශයකට අනුව, Hakuto-R හි ඉලක්කගත ගොඩබෑමේ ස්ථානය වටා “අසාමාන්‍ය මතුපිට වෙනසක්” කණ්ඩායම විසින් හඳුනාගෙන තිබුණා. අප්රේල් 26 ඡායාරූපවල විශාල සුන්බුන් කැබලි හතරක් දිස්වනවා. මෙම කොටස් පෙර ඡායාරූපවල නොතිබූ අතර, ඒවා සැබවින්ම ස්වභාවික ලක්ෂණ වලට වඩා ගොඩබෑමේ කොටස් බව පර්යේෂකයෝ නිගමනය කරල තිබුණා. මීට අමතරව, කඩාවැටුණු ස්ථානය බවට සැක සහිත ස්ථානය  අසල ඇති නව කුඩා ආවාටයක් ලෙස පෙනෙන ස්ථානයද පින්තූර වල පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. 

මෙය නාසා හි LRO විසින් හඳුනාගත් පළමු ඝට්ඨන ප්‍රදේශය නොවන අතර 2019 දී, එය ඉන්දියාවේ චන්ද්‍රයාන් 2 වික්‍රම් ලෑන්ඩරයේ සහ පුද්ගලික ඊශ්‍රායල බෙරෙෂීට් ලෑන්ඩර් නටබුන් ද සොයා ගත්තා. 

දින කිහිපයකට පසුව ඩොලර් මිලියන 90ක් වටිනා මෙම අභ්‍යවකාශ යානයේ radar altimeterය දෝෂ සහිත බව, ඔන්බෝඩ් පරිගණකය වැරදි ලෙස උපකල්පනය කර, එහි දත්ත නොසලකා හරිමින් අභ්‍යවකාශ යානයේ සැබෑ උන්නතාංශය වැරදි ලෙස විනිශ්චය කරීම නිසා මෙම අභ්‍යවකාශ යානය සඳ මත ගොඩබෑමේදී කඩා වැටී ඇති බව ඉSපcඑ කණ්ඩායම තහවුරු කළා.

අවසාන වශයෙන් අපට කියන්නට තියෙන්නේ තෝමස් අල්වා එඩිසන් සාර්ථකව සූත්‍රිකා බල්බය සොයාගන්නට කලින් දහස් වතාවක් අසාර්ථක උනා. ඕනෑම ක්‍රියාවක හෝ ඕනෑම ව්‍යාපෘතියක සාර්ථකත්වය රඳා පවතින්නේ අසාර්ථක වෙද්දී ඔවුන් ඉගෙනගන්න දෙයින්. අපි විශ්වාස කරනවා hakuto r ජපාන යානය යවපු i space ආයතනය මේ සිදුවීමත් එක්ක බොහෝ දේ ඉගෙන ගන්නට ඇති කියලා. ඒ ලබාගත් තොරතුරු සහ අත්දැකීම් එක්ක  2024 වර්ෂයේ දී සිදුකිරීමට නියමිත ispace ආයතනයේ Hakuto R දෙවන මෙහෙයුම සාර්ථක වේවි කියලth අපි බලාපොරොත්තු වෙනවා.

Livescience.com

Digital Ghosts – Unicorn Heads 

spot_imgspot_img

Subscribe

Related articles

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here