ඇයි සූර්යයාගේ විවිධ වර්ණ වලින් අධ්‍යනයන් සිදු කරන්නේ

ඔබ ඉර පායා තිබෙන විට අහසේ ඡායාරූපයක් ගත්තොත්, ඔබ දැකලා ඇති ඉර ඉතා අධික ලෙස සුදු පාටින් දිලිසෙනව. ඡායාරූප වලදී ඉර සුදු පැහැයක් ගන්නවා, මොකද අපිට දකින්න පුළුවන් විවිධ වර්ණ සියල්ලම ඉරෙන් එකවිට විමෝචනය කරනවා. අපේ ඇසට දකින්න පුළුවන් වෙන්නේ දෘශ්‍ය වර්ණාවලිය කියලා හැඳින්වෙන පටු ආලෝක පරාසයක් විතරයි. නමුත් ඉරෙන් මේ කියන ආලෝක සියල්ලම එකවිට මෝචනය කරන නිසා අපට පෙනෙන්නේ වර්ණ සියල්ල එකතු වුනාම හැදෙන  සුදු වර්ණය විතරයි.

අද වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්නට යන්නේ තාරකා විද්‍යාඥයින්, ඇයි සූර්යයාගේ විවිධ වර්ණ වලින් අධ්‍යනයන් සිදු කරන්නේ කියන එක ගැන.

ඔබ මේ දකින ඡායාරූප නාසා සූර්යගගතික නිරීක්ෂණාගාරය එහෙමත් නැත්නම් Solar Dynamics Observatory ( SDO) වෙතින් ලබා ගත්තු ඡායාරූප. මේ SDO එක අභ්‍යවකාශගත  කරන්නේ 2010 අවුරුද්දේ. පෘථිවි කක්ෂය ඉඳලා SDO එක කරන්නේ සූර්යයා නිරීක්ෂණය කර කරන එක. මේකෙන් කරන්නෙ අපේ ඇස් වලට නොපෙනෙන ආලෝක තරංග පරාස කිහිපයකින් සූර්යයා නිරීක්ෂණය කරන එක. මේ සඳහා SDO එක අවශ්‍ය කරන විවිධ filters භාවිතා කරනවා. පසුව නාසා ආයතනයෙන් SDO එකේ දත්ත අපට බලන්න පුළුවන් විදිහට වර්ණ බවට පත් කරනවා. 

මේ විවිධ වර්ණ සූර්යයාගේ විවිධ උෂ්ණත්ව හා කලාපවලට අදාළ වෙනවා. මෙම තොරතුරු අධ්‍යයනය කිරීම තුළින් විද්‍යාඥයින්ට තේරුම්ගත හැකි වෙනවා සුර්යා විසින් සෞරග්‍රහ මණ්ඩලයට මුදාහරින ශක්තිය හෝ ද්‍රව්‍ය වලින් පෘථිවියට සහ එය සතු තාක්ෂණයට සිදුවන බලපෑම කෙසේ වෙයිද කියලා.

මෙම වර්ණ පරාසය මගින් අපට සූර්යයාගේ විවිධ උෂ්ණත් වලදී ඉහල වායුගෝල ස්තරයේ ස්වභාවය පෙන්නුම් කරනවා. 

මෙම වර්ණ පරාසය මගින් සූර්ය ද්‍රව්‍ය ඉහළට එසවෙන  ප්‍රමාණය බලාගන්න පුළුවන්. මෙම වර්ණ පරාසයෙන් අපිට සුර්ය කොරෝනාව නැත්නම් හිරුගේ පෘශ්ඨයට ට වඩා බෙහෙවින් උෂ්ණත්වය වැඩි සූර්ය වායුගෝයේ දත්ත බලාගන්න පුළුවන්.  මෙම වර්ණ පරාසයෙන් හිරුගේ චුම්බක ක්ෂේත්‍රයේ  ක්‍රියාකාරී කලාප බලාගන්න පුළුවන් අතරම ඒවා තීව්‍ර චුම්භක ක්‍රියාකාරිත්වයක් ඇති අතර සමහර විට එය පුපුරා යාමට හේතු වෙනවා.

මෙම වර්ණ පරාසයෙන් පෙන්නුම් කරන්නේ උෂ්නාධික සූර්යය ද්‍රව්‍ය පිළිබඳව.

සූර්යයා සහ එහි වායුගෝලය තුළ නිරන්තරයෙන් චලනය වන ද්‍රව්‍ය පිළිබඳ පිළිබඳ අධ්‍යයනය කිරීම තුළින් සූර්යයා හැසිරෙන ආකාරය සහ අභ්‍යවකාශයේ හෝ පෘථිවියේ සන්නිවේදන කටයුතු වලට හා අපගේ චන්ද්‍රිකා සහ ගගනගාමීන්ට බලපාන ආකාරයේ සූර්ය කුණාටු පිළිබඳව හොඳින් තේරුම් ගැනීමට විද්‍යාඥයන්ට හැකි වනු ඇත.

Source : 

NASA Goddard  : Why Does NASA Observe the Sun in Different Colors?

spot_imgspot_img

Subscribe

Related articles

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here