හිරුගේ ගෑවි නොගෑවි (යන) වල්ගා තරු !!

අපි අහල තියෙන වල්ගතරු වර්ග කීපයක් තියෙනවා. සමහර වල්ගා තරු වල කක්ෂය කාලය වසර 200කට අඩුයි. තවත් සමහර වර්ගත් අලුත් තරු තියෙනවා ඒවායේ කක්ෂය කාලය වසර මිලියන ගණනක් වෙනවා. ඒ කොහොම වල්ගාතරුවක් උනත් මේ හැම වල්ගා තරුවක්ම එ කතාවකදී සූර්යයාට ආසන්න ගමන කරනවා. එහෙම ගමන් කරන ඇතැම් වල්ගා තරුවල පිහිටි අමුතු ලක්ෂණයක් නිසා ඒවා අනිත් වල්ගා තරු වලින් වෙනස් විදිහකට තාරකා විද්‍යාඥයන් අධ්‍යයනය කරනවා. අද අපේ මාතෘකාව මොනවද මේ sungrazing , නැත්තං හිරුගේ ගෑවි නොගෑවි යන වල්ගා තරු ?

පෘථිවිය ඉඳලා අපිට දකින්න පුළුවන් වල්ගතරුව  බොහොමයක් සූර්යයා වටා කක්ෂගත වන ඒවා වුනත් මෙන් සමහර ඒවා සූර්යයාට ඉතාමත් ආසන්නට යනවා. මෙය වල්ගා තරු හඳුන්වන්නේ sungrazing කොමෙට්ස් කියල. සූර්යයා වටා යන ඕනම ග්‍රහ වස්තුවක කක්ෂ ඉඳලා සූර්යයාට තියෙන සමීපතම දුර නැත්තම් ලක්ෂය හඳුන්වන්නේ perihelion කියලා. අපි කලින් කියපු වල්ගතරුව විශේෂයේ මේ perihelion අගය වෙන්නේ සූර්යයාගේ ඉඳලා පසැතපුම් 850,000ක් හෝ ඊට අඩු අගයක්. මින් සමහර sungrazing වල්ගා තරු සූර්යයාට සැතපුම් දහස් ගාණක් ආසන්නයට යනවා.

සූර්යයාට ඉතාමත් ආසන්නට යන sungrazing වල්ගා තරු (NASA Scientific Visualization Studio)

බොහෝ හේතු නිසා වල්ගා තරු වලට සූර්යයාට එතරම්ම සමීප වෙන්නට බැහැ. කිට්ටුවට යනකොට එම වල්ගා තරු සූර්යයාගේ විකිරණ රාශියකට නිරාවරණය වෙන අතරම එමගින් වල්ගා තරු වල  ජලය සහ වෙනත් වාෂ්පශීලී ද්‍රව්‍ය ඉවත් වෙනවා. මෙම විකිරණ සහ සූර්ය සුළං වලින් ඇති වන තල්ලුව උපකාරී වෙනවා වල්ගතරුව වූ වල්ගය කොටස හැදෙන්න. මේ විදියට සූර්යයාට සමීප වන වල්ගතරුව මත අතිශය ප්‍රබල ගුරුත්වාකර්ෂණ බලයක් සහ ආතතියක් ඇතිවෙනවා. මේ විදියට සූර්යයාගේ සූර්යයාගේ ග්‍රහණයට හසු වෙන මෙම sun grazing වල්ගා තරු බොහොමයක් තමන්ගේ තමන්ගෙ කක්ෂය සම්පූර්ණ කරන්න කලින් සූර්යයා නිසා විනාශ වෙනවා. මේවා සූර්යයා මතට කෙලින්ම කඩාගෙන වැටුණේ නැතිවුනත් මොන යම් ආකාරයකින් හෝ සූර්යයා සූර්යයා ඒවා විනාශ කරනවා.

sungrazing path ඒකේ යමින් හිරුට ලං වන ISON (Space.com)

බොහෝ sungrazing වල්ගතරු වලින්  වල්ගා තරු අනුගමනය කරන්නේ ක්‍රියුට්ස් මාවත කියලා හැඳින්වෙන එක සමාන කක්ෂයක්. තාරකා විද්‍යාඥයන්ට අනුව sungrazing වල්ගතරු වලින් 85% ක් විතර අනුගමනය කරන්නේ මේ කක්ෂය. මේ කක්ෂයේ ගමන් කරන වල්ගා තරු හඳුන්වන්නේ ක්‍රියුට්ස් කණ්ඩායම කියලා. තාරකා විද්‍යාඥයන් අතර මතයක් තියෙනවා මීට වසර සිය දහස් ගණනකට කලින් ක්‍රියුට්ස් මාර්ගයේ ගමන් කරපු අතිවිශාල SunGrazing වල්ගා තරුවක් බිඳී යාම නිසා ශේෂ වූ වල්ගා තරු මේ විදිහට ක්‍රියුට්ස් මාර්ගයේ ගමන් කරනවා කියලා. මේ විදියට බිඳීගිය විශාල වල්ගාතරුවෙන් ශේෂ වූ කොටස් සූර්යයා වටා ගමන් කරන කොට එම මාර්ගය තියුණු වීමක් නැත්නම්  සූර්යයාට වඩාත් සමීප වීමක් සිදුවෙමින් තිබෙනවා කියලා විද්‍යාඥයන් අනුමාන කරනවා. 

මෑතකදී මේ ක්‍රියුට්ස් මාවතේ ගමන් කළ ක්‍රියුට්ස් කණ්ඩායමේ සන් ග්‍රේසිං වල්ගතරුව වෙන්නේ 2015 දෙසැම්බරයේ දිස්වුනු lovejoy කියන වල්ගා තරුව. නාසා ආයතනයෙන් සූර්යයා පිළිබඳව නිරීක්ෂණය කරන කණ්ඩායමට හසුවුණු, සුර්යයාගේ ග්‍රහණයෙන් බේරුන එකම sungrazing වල්ගාතරුව මෙය තමයි. 2013 වසරේ නොවැම්බර් මාසේ දිස්වුන ISON කියන sungrazing වල්ගා තරුව නම් ගියේ ක්‍රියුට්ස් මාවතේ නොව. ISON වල්ගා තරුවේ කක්ෂය දිහා බැලුවම, එය සම්පූර්ණයෙන්ම සෞරග්‍රහ මණ්ඩලයෙන් ගැලවී මිදී යාමට තරම් ගම්‍යතාවයක් එය සතුව තිබුණා. එසේ කිරීමට පෙර මෙම වල්ගා තරුව 2013 දෙසැම්බර් මාසෙ 26 වෙනිද පෘථිවියේ ඉඳලා සැතපුම් මිලියන හතළිහක් පමණ ආසන්නයෙන් ගමන් කළා. 

වල්ගාතරුවක චලනය අධ්‍යයන තුළින් තාරකා විද්‍යාඥයෝ උත්සාහ කරනවා සෞරග්‍රහ මණ්ඩලයේ හැසිරීම පිළිබඳව තේරුම් ගැනීමට. අපි අද වීඩියෝවේදී කතා කරපු sungrazing වල්ගා තරු පිළිබඳ අධ්‍යනයෙන් තාරකා විද්‍යාඥයන් උත්සහ කරන්නේ හිරුගේ හැසිරීම පිළිබඳව තොරතුරු එක්රැස් කිරීමට. වල්ගා තරුවක අයනීකෘත වායු නිසා ආලෝකවත් වන චුම්බක ක්ෂේත්රය සහිත වල්ගය කොටස පහසුවෙන් හඳුනා ගන්ට පුළුවන් නිසා තාරකා විද්‍යාඥයන්ට එමගින් මෙම අධ්‍යනයන් සිදුකිරීම පහසු වනවා. සූර්‍යා සිට පැයට සැතපුම් මිලියන 1ත් 5 ත් අතර වේගයකින් හමන සූර්ය සුළං නිසා ඇතැම් විට මෙම වල්ගා තරුවල වල්ග කොටස විනාශ වනවා තර්ක විද්‍යාඥයන්ට දකින්නට පුළුවන්. 

මේ හේතුව නිසා පර්යේෂකයන් ඉදිරි සංග්‍රය සෙන් වල්ගා තරු දෙස ඉතා සමීපව තොරතුරු ගණන කරනු ඇති. විශේෂයෙන් අපි මේ සිටින කාලපරිච්ඡේදය  සන්ග්‍රේසින්ග් වල්ගාතරු බහුල කාල පරිච්ඡේදයක් නිසා ඉදිරි වසර වලදී පර්යේෂකයන්ට මෙම සුන්දර ස්වාභාවික සිද්ධිය ඉතා සමීපව අධ්‍යයනය කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ අපේක්ෂා කරනවා.

NASA Goddard : What is a Sungrazing Comet?

spot_imgspot_img

Subscribe

Related articles

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here